android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 5, 2015

zip file හදමු ,අරිමු ,බිඳිමු(no pc)

මොනවද මචං zip file කියන්නෙ.?

             Zip file ගැන අහලවත් නැති අය ඕන තරම් ඉන්නවා.ඒක නිසා zip file ගැන කියලම ඉමුකො.zip file එකක් කියන්නෙ file එකක් හෝ කිහිපයක් එකට හකුලවා එක පැක් එකකට දැමීමක්.සාමාන්‍යයෙන් ,1GB විතර වෙන ෆයිල් කිහිපයක් zip file එකක් විදියට සකස් කලාම එය 800mb විතර කුඩා වෙනව.ඒ වගේම අන්තර්ජාලය හරහා හෝ වයිෆයි හරහා හෝ කුමන විදියකට වුවත් ෆයිල් හුවමාරු කිරීමට මෙය කදිම උපක්‍රමයක්.zip file එකක් අපට ලැබුන පමනින් එහි ඇතුලත් දේ බැලිය නොහැකියි.ඒකට එම zip එක විවෘත කලයුතු වනවා.ඒ සඳහා වෙනම ඇප් එකක් භාවිත කලයුතු වනවා.ඒ වගේම අපට file කිහිපයක්ම zip ෆයිල් එකකට දැමිය හැකියි.සාමාන්‍යයෙන් බොහෝ දෙනා හුරුව තියෙන්නෙ zip file විවර කිරීමට පරිගණකය භාවිතා කිරීම .නමුත් අපි ඔයාලට කියල දෙනව පරිගණකයක් නොමැතිවම unzip කරන්න.ඔබ uc browser භාවිත කරන්නෙක් නම් uc addon එකක් තියෙනවා unzip කියල.ඒක install  කරගත්තාම uc එකෙන් බාන zip file එකක්  බාගත්ත ගමන් unzip කරගන්න පුලුවන්.
                            නමුත් මේ පෝස්ට් එක දාන්න හේතුව තමා අපට zip file එකක් ලැබෙන්නෙ uc browser මගින්ම නොවන නිසා zip එකක් ඇරගන්නෙ කොහොමද කියල දෙන්න.මේ සඳහා අපට විශේෂ file manager  app එකක් ඕන වෙනවා.(ලින්ක් එක පහලින් දාන්නම් කො.) මේ ඇප් එක මගින් අපට හැකියාව තියෙනව ඕනම zip  file එකක් unzip/decompress/extract  කරන්න.ඒ විතරක් නෙවෙයි මේ මගින් අපට හැකියාව තියෙනව අපි ගාව තියෙන ඕනම සාමාන්‍ය  file එකක් zip file එකක් හෝ tar file එකක් බවට හරවන්න.ඕනනම් වැඩි ආරක්ෂාවට password එකක් සහිත zip file එකක් මෙමගින් සෑදිය හැකියි.වැදගත්ම දේ තමා zip ෆයිල් එකක් unzip නොකරම එහි තුල ඇතිදේ පරිහරණය කල හැකියි.හිතන්නකො zip file එක තුල තියෙන්නෙ app එකක apk එකක් කියල අපට හැකියි මෙයින් unzip නොකරම zipfile එක ඇතුලට රිංගල ඒ apk එක ඉන්ස්ටෝල් කරන්න.සමහර පෝන් වල ගොඩක් දුරට lg පෝන් වල ip tv බලන්න භාවිතකරන m3u ප්ලේලිස්ට් එක දැම්මට පෝන් එක ඕෆ් වෙලා ඔන් කරද්දි නැතිවෙන සීන් එකටත් මේක වඩා සුදුසු වෙයි.මොකද m3u  එක ඩිලිට් වුනාට zip කරපු ෆයිල් ඩිලිට්වෙන්නෙ නෑ.ඔයත් මේවගෙ ගැටලුවකට මුහුණ දීල තියේනම් මේ ක්‍රමයත් බලන්නකො.
                              කොහොම උනත් මේ ඇප් එක root explore  app එකට  සමානයි.root explore  එකමගින් කලහැකි දේවලුත් මේකෙන් කරන්න පුලුවන් තව ගොඩක් වැඩ මේකෙ තියෙනවා.මේකට root ppermission අත්‍යවශ්‍ය නැහැ.පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.පොටෝ ටිකකුත් දාල ඇති කරන විදිය ඒ වයින් බලන්න ගැටලුවක් වුනොත් පහලින් කොමෙන්ට් කරන්න .උදවුවක් දෙන්නම්.
* file manager ගිහින් අවශ්‍ය zip ෆයිල් තෝරන්න.
* එතකොට ඒක zip එක unzip වෙලා ඇතුලට යනවා.මම තෝර ගත්තෙ iptv zip file එක ඒක ඇතුලෙ iptv apk එකයි m3u එකයි තියෙනවා පේනවනෙ .දැන් apk එක select කලොත් ඒක ඉන්ස්ටෝල් කරන්න එනවා.මම මෙතන්දි m3u එක ක්ලික් කරනවා එතකොට පහල පොටෝ එකේ විදියට අහයි ඒ දෙකෙන් එකක් ක්ලික් කරන්න.

දැන් මෙහෙම එයි.ඔය නිල් පාටින් තියෙන එක දෙන්න

දැන් පහල තියෙන ඒවයින් m3u එක play කල හැකි එකක් තෝරන්න මගෙ එකේ හැටියට iptv,vxg,xmtv 3න් එකක් දෙන්න පුලුවන්.

තේරුනානෙ කරන විදිය.දැන් ඉතින් computer එකට දාගෙන zip unzip කරන්න දඟලන්න ඕන නෑනෙ.අපි ඊගාවට බලමු unzip file එකක් zip එකක් හරි tar file එකක් හරි කරන විදිය.ඔයාට zip කල යුතු file එක තෝරන්න.මම පහල පොටෝ එකේ තියෙන ifont file එක තෝර ගන්නවා ඔයාලට පේනවනෙ  දෙවෙනි පොටෝ එක ඒක ඇතුලෙ තවත් file තියෙනව.දෑන් පලවෙනි පොටෝ එකේ තෝර ගත්ත ifont file එක මම තද (ටච්) කරගෙන ඉන්නවා.


දැන් මෙහෙම එනවා.දැන් මේකෙන් zip tar කියන දෙකෙන් එකක් තෝරන්න.මම හදන්නෙ zip file එකක් .gzip දුන්නොත් password නැතුව zip කරන්න පුලුවන්.password එක්ක හදමුකො ඒකට මම තෝරනවා creat zip එක.

දැන් මෙහෙම එයි.මේක පුරවන්න.name එක කැමතිනම් වෙනස් කරන්න.හැබැයි .zip කියන එක වෙනස් කරන්න එපා.ifont කියන කොටස විතරයි වෙනස් කල යුතුනම් වෙනස් කරන්නෙ.ඊගාවට අවමය ඉලක්කම් හරි අකුරු හරි කලවමේ හරි අවමය 5කට නොඅඩු password එකක් දෙන්න ඊගාවට ඒ පාස්වර්ඩ් එකම නැවත දෙන්න ඊගාව කොටසත් අවශ්‍ය නම් වෙනස් කරන්න .compresses level එකත් අවශ්‍ය ගානට තියල ok කරන්න.එච්චරයි

ඔයාල zip වෙනුවට tar file තේරුවොත් මෙහෙම එයි.කැමති නමක් දීල ok කලාම tar file එක හැදිල තියේවි.

ඔන්න දැන් තමා    වැදගත්ම එක.ඔයාල ඉන්ටර් නෙට් එකේ කරක් ගහල බාගන්නවා zip file එකක්.දැන් හරිබරි ගැහිල ඕක unzip කරන්න හදද්දි එනව මෙහෙම 


ගියා ගාලු කෑව මාලු කිවුවලු දැන් කෝ   පාස්වර්ඩ් .අමතකයිද දැන් කට්ටිය මොකෝ කරන්නෙ ආපහු පීරනවා  ඉන්ටර්නෙට් එක පාස්වර්ඩ් හොයන්න.කලබල වෙන්න එපා මචං ඕක cansel දීල   බලපන්කො මොකෝ වෙන්නෙ කියල දැක්කනෙ

නිකන්ම unzip එක ඇතුලෙ.දැන්පහල පොටෝ  එකත් බලන්නකෝ.ඒක ක්ලික් කරාම මෙන්න බොලේ  පාස්වර්ඩ් එක

හිකිස්.දැන් ඕක ok කරපන් කට  ඇරන් බලන් ඉන්නෙ   නැතුව


ඔතනින් එහාට ආපහු කියන්න ඕනයෑ  බන්.


දැන් ඔක්කොම හරි.මොකක් හරි අමතක  වුනා    කියල හිතෙනවද නෑ   කිසිම දෙයක් අමතක නෑ.ඔන්න පහල  තියෙනවා ලින්ක්   එක  App එක බාගන්නකෝ...


මෙන්න මේකෙනුත් පුලුවන්
** DOWNLOAD WINZIP (උඩ තියෙන එක තමා  මේකට   වඩා හොඳ මට නම්)



1 comment:

  1. Ela post eka machan.rar unlock karana vidihakuth hoyala dapanko

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.