android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 4, 2015

ඇන්ඩ්‍රොයිඩ් සිංහල ශබ්දකෝෂය


අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු ගමන්ම එක එක අලුත් වචන අහන්න ලැබෙනවා. සමහර ඒවා ගැන කලින් අපි කතා කරා. අද තව අලුත් වචන ගැන දැනගන්න පුලුවන්. අපි මේ වචන වල තාක්ෂණික අදහසින් බැහැරව තේරෙන සිංහලෙන් කියවමු.



Root
මේ ගැන කලින් කතා කරා. මෙතනින් බලන්න.

Bootloader
මේ ගැනත් කලින් කතා කරා. මෙතනින් බලන්න.

Recovery
දුරකථනයේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන්වුණු, දුරකථනයේ හාඩ්වෙයා සමග සෘජුව ගණුදෙනු කල හැකි කුඩා මෘදුකාංගයකි (පරිගණකයේ ඇති බයොස් වගේ එකක්). සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකම ස්ටොක් රිකවරි මෘදුකාංගයක් අඩංගු වන අතර මෙය භාවිත කර සෙටින්ග්ස් රිසෙට් කිරීම, ඩේටා ක්ලියර් කිරීම, මෙමරි කාඩ් එක ෆෝමැට් කිරීම ආදිය කල හැකියි.

නමුත් මීට වඩා බොහෝ පහසුකම් සහිත කස්ටම් රිකවරි මෘදුකාංග ඇති අතර මේවායින් මීට වඩා බොහෝ කාර්යන් කරගත හැකියි. එක් ප්‍රසිද්ධ කස්ටම් රිකවරි මෘදුකාංගයක් වන්නේ ක්ලොක්වර්ක් මොඩ් - ClockWork Mod යි. මේවා භාවිතා කර මෙහෙයුම් පද්ධතිය බැකප් කිරීම, කස්ටම් රොම් ස්ථාපනය කිරීම කල හැකියි. කස්ටම් රිකවරි ස්ථාපනය කිරීමට නම් දුරකථනය රූට් කර හෝ බූට් ලෝඩරය අන්ලොක් කර තිබිය යුතුයි.

Nandroid Backup
කස්ටම් රිකවරි මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (සියලුම දත්ත ඇතුළුව) සම්පූර්ණයෙන්ම එස් ඩී කාඩ් එකට බැකප් කල හැක. මෙය නැන්ඩ්‍රොයිඩ් බැකප් නමින් හඳුන්වයි. මෙහි වාසිය නම් කස්ටම් රොම් ස්ථාපනයෙන් පසුව වුවද කලින් තිබූ තත්වයට මෙහෙයුම් පද්ධතිය රීස්ටෝ කල හැකි වීමයි.

Wipe
දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.

Flashing
රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ.

මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.

ROM
රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින්  සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ.

Kernel
මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.

Radio / Baseband / Modem
දුරකථනයේ වයර්ලස් නෙට්වර්ක් පහසුකම් මෙහෙයවන ෆර්ම්වෙයා  මෙලෙස හැඳින්වේ. GPS සහ WiFi පාලනය වෙන්නේ මේවා මගිනි


Mod
ෆෝන් එකේ සොෆ්ට්වෙයා එකට කරන මොනයම් හෝ මොඩිෆිකේශන් එකක් "මොඩ්" ලෙස හැඳින්වේ.
උදා:- බූට් ඇනිමේශන් වෙනස් කිරීම, ෆොන්ට් වෙනස් කිරීම .. ..

Brick
මෙන්න භයානකම වචනය. වැරදි ෆ්ලෑශ් හෝ රූට් කිරීමක් නිසා දුරකථනය අක්‍රිය වීම බ්‍රික් වීම ලෙස හඳුන්වයි. ෆ්ලෑශ් කිරීමේ දි ගත යුතු අවදානමකි මෙය. නමුත් හරියට වැඩේ කරොත් බ්‍රික් වෙන්නේ නෑ.

Superuser
සාර්ථක රූට් කිරීමකින් පසුව මෙහෙයුම් පද්ධතියේ සියලු බලතල ගත හැකියි. රූට් ප්‍රවේශය ලබා දෙන ඇප් එක සුපර් යූස ලෙස හැඳින්වේ.

Overclock / Underclock
ප්‍රොසෙසරයේ වේගය වැඩි කිරීම ඔවර්කොක් කිරීම ලෙසත් වේගය අඩු කිරීම අන්ඩර්ක්ලොක් කිරීම ලෙස හැඳින්වේ. ප්‍රොසෙසරයේ වේගය වෙනස් කිරීම ට ඇතැම් ෆෝන් වල නම් රූට් පමණක් ප්‍රමාණවත් වන අතර, සමහර ඒවාට කස්ටම් කර්නල් ස්ථාපනය කල යුතු වේ.

ඔවර්ක්ලොක් කිරීම මගින් දුරකථනයේ කාර්යක්ශමතාවය වැඩි කර ගත හැකි අතර, අන්ඩර්ක්ලොක් කිරීමෙන් අඩු බැටරි ප්‍රමාණයක් ප්‍රොසෙසරය භාවිතා කරන නිසා බැටරි ඉතුරු කර ගත හැකි වේ.

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.