android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, May 7, 2017

How to open multiple accounts in one browser (with android )[with out clone app)


ඔන්න තවත් පට්ටම වැඩක් අරන් ආවා.ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින් එකම වෙබ් බ්‍රව්සරයක් මගින් එකවර එකවුන්ට් දෙකකට ලොග් වෙන්නෙ කොහොමද කියල තමයි අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ.සාමාන්‍යයෙන් ෆේස්බුක් එකවුන්ට් කිහිපෙකට ලොග්වෙන්න භාවිතා කරන විවිධ ඇප් ඔබ භාවිතා කරනවානෙ.clone app.multiple app එහෙම නැත්නම් facebook multicolor වගේ ඇප්නෙ ඔබ භාවිතා කරන්නෙ.නමුත් ඔබ හිතුවද මොහොතක් හෝ එම ඇප් මගින් ඔබේ දුරකතනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන.උදාහරනයකට multiple accounts app එක ගමු.ඔයාගෙ ෆේස්බුක්  ඇප් එකේ ඩේට ක්ලියර් නොකොලත් facebook App එකට 500mb වලටත් වැඩි ප්‍රමානයක් අල්ලනවානෙ ඉතින් multiple app එකකින් එකවුන්ට් කිහිපෙකට ලොග් වුනොත් , හිතමු එකවුන් 4ක් කියල එතකොට ඒ 4ට විතරක් 2gb විතර මතකයක් ඔබේ දුරකථනය මගින් ලබාගන්නවා.ඒ වගේම රැම් ධාරිතාවෙනුත් බොහෝ ඉඩ ප්‍රමානයක් ගන්නවානෙ.lite ඇප් එකට යන ඉඩ ප්‍රමානය තරමක් අඩුවුනත් එයටත් ඇප් 3-4ක් භවිතා කිරීමෙන් රැම් ධාරිතාව සැලකිය යුතු ප්‍රමානයක් වැයවෙනව.සාමාන්‍යයෙන්  අපි දුරකථනය මගින් යම් අවශ්‍ය තාවයක් සපුරාගත යුත්තේ ඉතා අඩු මතක ප්‍රමානයක් හා ඉතා අඩු රැම්ධාරිතාවක් වැයවෙන ආකාරයටයි.එකම ඇප් එකක් මගින් විවිධ අවශ්‍යතා සපුරාගත හැකිව තිබියදීත් ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් විවිධ ඇප් භාවිතා කිරීම නුවනට හුරු නොවේ.යම් ඇප් එකක් මගින් විශාල රැම් ධාරිතාවක් වැයකරගන්නේ නම් ඔබේ දුරකතනයේ වේගය බොහෝ සෙයින් අඩාල වීමට එය හේතුවක්වේවි.

දැන් ඔබට මා කියා දෙන්නම් ඔයාගෙ දුරකථනය තුල ඇති වෙබ් බ්‍රව්සරය මගින් ඕනම එකවුන්ට් දෙකකට වැඩි ප්‍රමානයකට ප්‍රවෙශ වන්නේ කියල.මෙය facebook ,twitter,youtube,blog ආදී ඕනම එකවුන්ට් වර්ගයකට ඔබට අත්හදා බැලිය හැකියි.මේ සඳහා uc browser යොදාගැනීම වඩාත් සාර්ථක වේ.ඊට හේතුව uc browser මගින් tab අතර වඩාත් පහසුවෙන් හුවමාරු වීමට ඇතිහැකියාවයි.වෙනත් browser මගින්ද මෙම ක්‍රමයට එකවුන්ට් කිහිපයකට ලොග් විය හැකියි.

හරි මුලින්ම සාමාන්‍යය විදියට ඔයාගෙ ෆේස්බුක් account එකට ලොග් වෙන්න.ඊගාවට වෙන ටැබ් එකක් open කරගෙන පහල ලින්ක් එකට යන්න.ඒකෙ us server කියන එක උඩ ක්ලික් කරල කැමති එකක් තෝරල දෙන්න.ඊට පස්සෙ ඔයාට ඕන වෙනත් facebook account එකකට ලොග් වෙන්නනම් facebook.com ගහල go ක්ලික් කරල ඔයාගෙ අනෙක් එකවුන්ට් එකේ email , password දීල ලොග්වෙන්න.


👉 LOGIN MORE ACCOUNT



හරි මම ඔයාලට තවත් ක්‍රමයක් කියල දෙන්නම්.හැබැයි මේ ක්‍රමය opera mini web browser එක භාවිතා කරන අයට විතරයි ඔයාගෙ ඔපෙරා මිනි browser එක මගින් facebook වෙත සාමාන්‍ය පරිදි ලොග් වෙලා facebook එකේ home button එකමත ටච්(clike) කරගෙන ඉඳියාම එන වින්ඩෝස් එකේ" ප්‍රයිවට නිව් ටැබ්(private new tab)" එක ක්ලික් කරන්න.ඒ ටැබ් එකට ගිහින් ඔයාගෙ අනෙක් එකවුන්ට් එක භාවිතා කරන්න ඔයාලටපුලුවන්.






මෙම ක්‍රම මගින් facebook එකවුන්ට් කිහිපයකට ලොග් වීමේදී ඔබට පහත වාසි හිමිවේ


# ඇප් දෙක තුනක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන නිසා අධික රැම් ධාරිතාවක් ඉතිරිකරගත හැකිය.

# එම නිසාම internal memory යෙහි විශාල ඉඩක් ඉතිරි වේ.

# ෆේස්බුක් ගිණුම් අතර හුවමාරු වීමට ඇප් එකෙන් ඉවත්විමට හා තවත් ඇප් එකකට ලොග්වීමට අවශ්‍ය නොවේ.

# ගිණුම් අතර ක්ෂණිකව හුවමාරු වීමට හැකිනිසා කාලයද ඉතිරිවේ.

# රැම් හා මතක ධාරිතාවය අවම නිසා ඉතාහොඳ වේගයක් දුරකථනයට ලැබේ.


ඉතින් ඔයාලට මේ ලිපියෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇතිකියල හිතෙනවා.මේ ලිපිය හොඳයි කියල ඔබට හිතෙනවනම් ඔයාගෙ හිතට නැගෙන අදහස පහලින් comment කරල යන්න අමතක කරන්න එපා.


Sunday, April 30, 2017

ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් එක ඩේටා ගිලිනවද ?

හායි සුබ දවසක් හැමෝටම, අදත් ගොඩක් වැදගත් වෙන ලිපියක් ඔයාලට අරන් ආවා.අද කියල දෙන්න යන්නෙ ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය අධික ලෙස ඩේට වැයකරනවනම් ඒක හදාගන්න ක්‍රමය ගැන.මේ ගැටලුව මටත් ඇතිවුනා.මම භාවිතා කරන්නෙ ඩයලොග්.199/- ඩේට කාර්ඩ් එක දල පැය දෙක තුනක් යද්දි ඩේට ඉවර උනා.ඉතින් එහෙම උනාම දැනෙන සනීපෙ විස්තර කරන්න ඕන නෑනෙ.මට සිහිවුනේම ඩයලොග් එකෙ උන්ගෙ අත්ත මුත්ත පනත්තල ව.දිගින් දිගටම මෙක වෙද්දි මට දවල්ටත් තරු හඳයි ග්‍රහලෝකයි ඔක්කොම දවල්ටත් පේන්න ගත්තා.ගත්තා කස්ටර්මර් කෙයාර් දුන්න අමු ශුද්ධ සිංහලෙන්ම.කට්ටිය දඩ බඩ ගාල චෙක් කරල කියපි සර් කිසිගැටලුවක් නැතුව නිවරදිව ඩේට ටික කැපිල කියල.වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ සිත් වේදනා කියල හිත හදාගෙන මාරු උනා මොබිටෙල් වලට, ඊගාවට එයාර්ටෙල්,වලට ආයි එටිසලාට් වලට නමුත් මගෙ ප්‍රශ්නෙට කිසිම විසඳුමක් නෑ.ඉතින් ඒකෙන් මට ඒ වෙද්දි එක දෙයක් තේරුනා ගැටලුව නෙට්වර්ක් එකේ නොවන බව.ගැටලුව තියෙන්නෙ පෝන් එකේ ඒත් කොහේද ? දෙස් විදෙස් බ්ලොග් අඩවි වෙබ් අඩවි පීරුව හැමදේම කරල බැලුව.
* auto update වීම නැවත්තුව
* ඇප් background run විම නැවත්තුව
* brightest උපරිම අඩුකලා.
* ඩේට වැයවන අත්‍යවශ්‍ය ඇප් 2ක් හැර අනික්වා අයින් කලා
* ඇඩ් ගාර්ඩ් දැම්ම.
                     නමුත් මේවයින් යම් සුලුප්‍රමාණයක ඩේට වැයවීම අඩුවුනත්, මම බලාපොරොත්තු වුන වෙනස ලැබුනෙ නෑ.අවසානෙදි පෝන් එක factory reset කලා.ඒ පාර වැඩේ සාර්තකයි.හැබැයි සතියක් විතර යද්දි ආපහු පරන ලෙඩේමයි.ඉතින් දැන් අයෙමත් හොයනව මොකද්ද මේ රෝග නිධානය කියල.දන්නවද මම අවසානයේ ඒක සොයා ගත්ත දැන් මම 199/= ඩයලොග් කාර්ඩ් එක මාසයම භාවිතා කරනවා.(වීඩියෝ බැලුවොත් ඉතින් තව යනවා 😂) ඕකයි මගෙ කතාව.ඔයාලගෙ කතාවත් මීට දෙවෙනි නැතිනම් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

                      මගෙ කතාව ටිකක් දිග වුනාට.තත්වය බැලූබැල්මට අධික ලෙස බ්රෑරුම් ලෙස  පෙනුනට විසඳුම ඉතා සරලයි.ඉතා සුලුයි.එක ක්ලික් එකයි.අමතර ඇප් අවශ්‍ය නෑ.පෝන් එකේම එක සෙටින්ග් එකක එක ක්ලික් එකක් විතරයි විසඳුම වන්නෙ.නමුත් ඒ එකම එක ක්ලික් එක මගෙ පොකට් එකට කල බලපෑම සුලුපටු නෑ.

              එක ක්ලික් එකනම් ඇයිලිපිය තවත් දික්වෙන්නෙ.දැන් ඔයාලට එහෙම හිතේවි.මට එක ක්ලික් එක ප්‍රමාණවත් වුවත් ඔබට එයින් යම් වෙනත් ගැටලු මතුවිය හැකියි.එනිසා මේ ගැන ටිකක් දැනගෙන ඉන්න එක ඔයාලට වටීවි.

 මේ ගැටලුවට අදික ලෙස මුහුණපා සිටින්නෙ එක gmail account එකකට වඩා වැඩි ප්‍රමාණයක් දුරකතනය තුල යූස් කරන අයට.මම clash of king play කරනවා.ඉතින් මගෙ දුරකථනය තුල account 12කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඉතින් එයින් අදහස් වන්නෙ නැහැ එක එකවුන්ට් එකක් යූස් කරන අයට මෙයට මුහුණපාන්නෙ නැතැයි කියා.නමුත් එක එකවුන්ට් එකක් යූස් කරන්නෙකුට සාපේක්ෂව මගෙ එම ගැටලුව 12ස් ගුණයකින් වැඩියි.අන්න ඒ නිසයි පැය දෙකක් ගතවීමටත් මත්තෙන් මගෙ 1gb අවසන් වුනේ..එතකොට මොකද්ද විසඳුම එකවුන්ට් අඩු කරන එකද , එතකොට කොහොමද මන් ගේම් එක ගහන්නෙ.

හරි වැල් වටාරම් පැත්තකින් තියල බලමු අපි මොකද්ද නියම විසඳුම කියල


               

හරි ඔයා ල එන්න මෙතනට , මෙතැන තමයි තැන.බලන්න මේකේ තියෙනවා auto sync කියල option එකක් . අන්න ඒක තමයි හේතුව .ඔයාගෙ දුරකථනයේ auto sync on කරල තිබුනොත් අනිවාර්යයෙන්ම ඔයාගෙ පෝන් එකේ ඩේට බොනවා.ඉතින් ඔයාල මේ option එක off කරල තියාගත්තොත් ඔයාලට පුලුවන් දන්නෙම නැතුව ඩේට ඉවර වෙන ලෙඩේ සනීප කරගන්න.
                           එතකොට මොකද්ද මේ sync කියන්නෙ.ඇයි මේකෙන් ඩේට කැපෙන්නෙ.මේක off කලාට ගැටලුවක් නැතිද.මේ ඊගාවට ඔයාල මගෙන් අහන ප්‍රශ්න වෙන්න පුලුවන්.මෙතනින් ඒ කිවුවෙ උඩ පොටෝ එකේ තියෙන විදියට shortcut වලින් මේක off කලහම මෙය සම්පූර්ණයෙන් නවතිනවා.ඒ මගින් නොදැනීම ඩේට වැයවීම වැලක්විය හැකි වුවත් යම් යම් අයගේ යම් යම් අවශ්‍යතා අනුව වෙනත් ගැටලු ඇතිවිය හැකියි.

Synchronization (sync) = සමමුහුර්ත කිරීම

සිංහල තේරුම දැම්මට ටිකක් අවුල් ඇති.මම කියන්නම් මොකද්ද මේකෙන් වෙන්නෙ කියල  setting -account වලට ගිහින් බලන්න , එහි තියෙනවා facebook account , browser account , gmail account වගේ ඒවා ඒවට ගිහින් බැලුවොත් පෙනේවි ඒ හැම එකකම sync ඔප්ශන් එක ඇති බව.මෙයින් සිදුවන්නෙ gmail එකක්නම් ඔයාගෙ පෝන් එකේ සියලු දත්ත භාවිතාවන් වල කොපියක් ඔයාගෙ ඊමේල් එකවුන්ට් එකට අප්ලෝඩ් වීමක්.auto sync ඔන් කිරීම තුල දෛනිකව මෙම upload වීම සිදු විය හැකියි.අන්න ඒ නිසා තම දන්නෙම නැතුව ඩේට ඉවර වෙන්නෙ.මගෙ එකවුන් 12ක් නිසා 12ටම  upload වීම නිසා ඩේට සියල්ලම ඒ සඳහ වැයවුනා.
               නමුත් මෙය අපේ ඩේට සූරා කෑමට යොදන ලද option එකක් නොවේ.මෙහි යම් වැදගත් කමක් පවතිනවා.මෙය එක්තරා ආකාරයකට backup එකක් වන නිසා දුරකතනය කැඩීමක් බ්ඳීමක් වුවත් reset වුවත් එහි දත්ත සුරැකිව email තුල ගබඩා වෙනවා.එසේම අපි හිතමු uc browser එකවුන්ට් එක කියල එය sync කිරීමෙන් ඔබට වෙනත් උපාංඟයකින් ලැප් එකක් pc එකක් හෝ වෙනත් අදාල ඩිවයිස් එකකින් එම එකවුන්ට් එක හරහ ලොග් වුනොත් ඒ ආකරයෙන්ම දත්ත(පාස්වර්ඩ්/history/data/bookmarkආදිය වගේම ඕපන් කරපු ටැබ් පවා)ලබා ගත හැකියි.කෙසේ වුවත් මෙය දෛනිකව සිදුකිරීම අත්‍යවශ්‍යය නොවන අතර මෙහි පවතින වැදගත් කම නිසාම ඉඳහිට හෝ ඩේටා ගැන නොසිතා සති දෙකකට වරක් හෝ මසකට වරක්වත් sync කිරීම සිදුකල යුතුයි.

පිංතූර අංක 2


පිංතූර අංක 03


         දැපිංතූර අංක 3 බලන්න.මෙහිදී ඔබට පෙනෙනවා google එකවුන්ට් එකකට අදාලව sync වීම සිදුවන අංග මොනවාද කියල .ඉතින් ඔබට යම් යම් දේ අත්‍යවශ්‍ය යැයි හැඟේනම්   ඒවා ඉතිරි කර අනෙක් ඒවායේ ටිප් ලකුණ ඉවත් කර තැබිය හැකියි.ඔබ සාමාන්‍යයෙන් gmail ගිනුමට ලැබෙන mail පණිවිඩ කියවන්නේ නම් gmail sync විම අවස්‍ය වේ. Gmail පන්විඩ කියවන්නේ නැතිනම් එහි ටික් එක ඉවත් කර තැබිය හැකියි.
මේ තුල * app data * google+ * google photo ආදිය sync වීමට වැඩි ඩේට ප්‍රමාණයක් වැයවනු ඇති.






මේ ලිපිය ගැන ඔයාලගෙ අදහසත් කොමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා.ගැටලුවක් වෙතොත් විමසන්න.

Tuesday, April 11, 2017

HOW TO INVITE ALL YOUR FRIENDS TO LIKE YOUR PAGE


අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ කොහොමද ඔයාලගෙ facebook fan pageඑකට ඔයාගෙ යාලුවො ඔක්කොටම එකපාර ඉන්වයිට් කරන්නෙ කියල.මේ වැඩේ පරිගණකයක් මගින් කරන විදිය නම් ගොඩක් අය දන්නවා ඇති.ඒත් ඉතින් පේජ් කරන හැමෝම පරිගණක තියෙන අය නෙවෙයිනෙ.ඒක නිසා මම හිතනවා ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියල.ඇත්තටම මේකත් ගොඩක් පහසු හා සරල ක්‍රමයක්.කිසි ගැටලුවකින් තොරව සරල පියවර කිහිපයකින් සාර්ථක ව කරන්න පුලුවන් වැඩක්.හරි එහෙනම් අපි පටන් පියවරෙන් පියවර

පලමු පියවර
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් මේ web browser එක ඩවුන්ලෝඩ් කරගන්න.පසුව එහි desktop වර්ශන් එකෙන් facebook  වෙත පිවිසෙන්න.

CLIKE HERE puffin web browser download↩️

දෙවන පියවර
දැන් add to book mark වෙත යන්න .එහි name කියන එකට 'page invite' කියල යොදන්න.location කියන තැනට පහලින් මම දෙන script එක copy කරල paste කරන්න.දැන් bookmark එක save කරල තියාගන්න.

#   java script එක මෙතනින් ගන්න ↩️

තුන්වෙනි පියවර
දැන් ඔබ ඉන්වයිට් කරන්න ඕන page එකට පිවිසෙන්න.එහි ඇති 'invited friends to like this page' යන මෙනුවමත ක්ලික් කරන්න.එවිට ඔබේ මිතුරු ලැයිස්තුව screen මත දිස්වේවි


සිව්වෙනි පියවර.
දැන් එය එලෙසෙම තියාගෙන browser එකේ මෙනුවට පිවිස ඔබ bookmark කරගත් page invite කියන එක මත ක්ලික් කරන්න.මොහොතකින් සියලුදෙනාට invited යැවී අවසන් වනු ඇති.

වැඩි දුර අධ්‍යනය සඳහා පහල පින්තූර බලන්න.
















ලින්ක් වෙත පිවිසීමේදී ලින්ක් මත ක්ලික් කිරීමෙන් එන පිටුවේ තප්පර5ක් රැඳීසිට ඉහල දකුණුපස කෙලවරේ දිස්වන skipadd මත එක්වරක් පමණක් ක්ලික් කරන්න.
ලිපිය පිලිබඳ ඔබගේ යෝජනා චෝදනා අදහස් පහත කොමෙන්ට් තුල සඳහන් කිරීමට අමතක නොකරන්න.
අපේ facebook fan page එකටත් මෙතනින් ලයික් එකක් දාන්න ↪ ↪↪ ඇන්ඩ්‍රොයිඩ් ගුරු FACEBOOK PAGE

how to facebook timeline clear with android

'මචං' කියවන පාඨක ඔබ හොඳටම දන්නවා අපි ඔයාලට හැමදාම අලුත්ම දෙයක් අරන් එන වග.කාලයක් මෙම බ්ලොග් අඩවිය අක්‍රීයව තිබුනත් දිනපතා මචං කියවන ප්‍රමාණය අඩුවෙලා නම් නෑ.ඉතින් අපිට හිතුන මචං ආපසු සක්‍රීය කල යුතුයි කියා.ලංකාව ඇතුලෙ ඇන්ඩ්‍රොයිඩ් බ්ලොග් අඩවි කොච්චර තිබුනත් එකම ලිපි මාලාවන් copy paste කිරීමක් තමයි දකින්න තියෙන්නෙ.නමුත් මචං බ්ලොග් අඩවිය ඒ වයින් වෙනස් වෙන්නෙ අපි ඔයාලට අලුත්ම දේවල් සොයන් එන නිසා.හරි මචං එහෙනම් අපි අද වැඩේට බහිමු.


මේකත් facebook triks එකක්.ෆේස්බුක්  එකේ timeline එක පරිගණකයක් ආධාර කර නොගෙන, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින්ම clear කරගන්න විදිය ගැන තමයි කියන්න යන්නෙ.ඔබට මතක ඇති අපේ පලවෙනි ලිපියෙන් කියල දුන්න කොහමද facebook friend සියල්ල ඉවත් කරන්නෙ කියල.ඉතින් මේක කරන්නත් ඔයාලට වුවමනා වෙනවා මෙන්න මේ ඇප් දෙක

# dolphin browser හෝ uc browser (2න් 1ක්)

# dolphin tempermonkey addon හෝ uc tempermonkey addon (browser එකට අදාල tempermonkey addon එක)

හරි මේ දෙක මුලින් ම දුරකථනය තුල ඉන්ස්ටෝල් කරගන්න.පසුව.browser එක මගින් ෆේස්බුක් එකට ලොග් වන්න.(සැලකිය යුතුයි : මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබේ ෆේස්බුක් profile එක ඩෙස්ක්ටොප් mode එකේ තිබිය යුතුයි.ඩොල්පින් browser එකේනම් මේ සඳහා මෙනුව තුල ඇති desktop යන්න ක්ලික් කිරිමෙන් මේ සඳහා පිවිසිය හැකියි.)

දැන් මෙම පියවර අනුගමනය කරන්න.ඔබ ඉන්ස්ටෝල් කරගත් බ්‍රව්සරය මගින් පහත ලින්ක් එකට පිවිස තප්පර5ක් රැඳීසිට ඉහල දකුණු පස කෙලවරේ කහපාටින් දිස්වන skip add මත ක්ලික් කර පසුව ඔබට දිස්වන පිටුවේ ඉන්ස්ටෝල් යන්න ක්ලික් කර java script එක ඉන්ස්ටෝල් කරන්න..පහත රූප සටහන් බලන්න.

# insall java script clike here







හරි දැන් ෆේස්බුක් profile menu එකට ගොස් activity log මෙනුවට පිවිසෙන්න.දැන් පහත රූප සටහන් අනුව time line එක clean කරගන්න.












එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් ආයෙ හමුවෙමු.මේ පෝස්ට් එක හොඳයිනම් කොමෙන්ට් එකක් දාන්න හොඳේ.ජයවේවා.

                     

how to sent friend request cancel


හායි යාළුවනේ කොහොමද ඉතින් , අපි අද කියල දෙන්න යන්නෙ ඔයාල facebook එකේ යවපු friend request ඔවුන් විසින් accept කර නොමැතිනම් එම request cancel කරන විදිය.ඔයාල යවන request accept නොකර ගොඩක් එකතුවෙන විට ඔයාලගෙ ෆේස්බුක් ගිණුම ෆේස්බුක් ආයතනය විසින්ම බ්ලොක් කරන්න කටයුතු කරනවා.ඊට හේතුව වන්නේ ඔබ විසින් නොහඳුනන අය වෙත මිතුරු ඇරයුම් කිරිම facebook නීතිය අනුව වරදක් වන නිසා.ඉතින් ඔයා යවන request ,accept  නොකරන්නේ නම් ඔබ විසින් එම request cancel කිරීමෙන් ඔබේ ගිණුම block වීම වලක්වා ගන්නට උපකාරී වේවි.

හරි ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාගෙ වෙබ් බ්‍රව්සරය මගින් පලමුව සාමාන්‍ය පරිදි facebook ගිණුමට සම්බන්ධ වීමයි.පසුව මම පහලින් දෙන ලින්ක් එක clike කර එන පිටුවේ තප්පර 5ක් රැඳීසිට ඉහල දකුණු කෙලවරේ එන කහපාටින් දිස්වන skip add මත ක්ලික් කිරීම පමණයි .

            CLIKE HERE your friends request cancel



ඔයාලගෙ අදහස් පහලින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

HOW TO UNFRIEND ALL VIA DOLPHIN BROWSER (Android)


සුබ දවසක් හැමෝටම,
                          ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක් දාන්න හිතුනා.පරන ලිපිවල ලින්ක් බොහොමයක් අක්‍රීය වෙලා.ඒ ටික ඉක්මනින්ම නැවත යථාතත්වයට පත්කරන්නම්.හරි අපි අද කියල දෙන්න යන්නෙ facebook එකේ සියලුම මිතුරන් unfriend කරන විදිය.සාමාන්‍යයෙන් පරිගණකයක් මගින් මේක කරන විදිය නම් ගොඩක් අය දන්නවානෙ .නමුත් අපි කියන්නෙ මේක ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම කරගන්න විදිය ගැන.බය වෙන්න දෙයක් නෑ බොහොම පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.හැබැයි මේක කරන්න අපට ඕන වෙනවා ඇප් දෙකක් පහලින් ඒ ඇප් දෙක බාගන්නකෝ

   

           # dolphin web browser download

           # tempormonkey addon for dolphin web browser download


              (මේ සඳහා uc browser හෝ ඊට අදාල tempermonkey addon එක බාගැනීමෙන්ද සිදුකල හැකියි.නමුත් ඩොල්පින් බ්‍රව්සරය මගින් කිරීම වඩාත් පහසුවේ)

හරි දැන් ඊලඟ පියවර බලමු..පසුව පහත රූපයේ දිස්වන ආකාරයට පිටුවක් දිස්වන අතර එහි සඳහන් insall යන්න මත ක්ලික් කර ජාවා ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න

# get a java script (no skip add)↩️ මෙතනින් ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න.




එය ඉන්ස්ටෝල් කරගත් පසුව නැවත ඩොල්පින් බ්‍රව්සරය වෙත පැමිණ බ්‍රව්සරය මගින් facebook account එකට ලොග් වන්න ලොග් වීමට ප්‍රථමයෙන් ඉහල search bar එකට දකුණු පසින් ඇති අයිකනය ක්ලික් කර desktop mode එකට මාරුවෙන්න.එවිට ඔබේ ෆේස්බුක් ගිණුම පරිගණකයක් මගින් ලොග්වූ ආකාරයට දිස්වනු ඇති.දැන් ෆේස්බුක් profile එකට යන්න.දැන් friend මෙනුවට පිවිස බලන්න.all select friend සහ select delete friend  යනුවෙන් අයිකන් දෙකක් දිස්වේවි.එමගින් මිතුරන් සියල්ලම හෝ තෝරාගත් පිරිසක් එකවර delete කර දැමිය හැකියි.සහාය සඳහා පහත පින්තූර බලන්න









හරි දැන් පැහැදිලිනෙ  කොහොමද ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම මිතුරන් සියල්ල unfriend කරන්නෙ කොහොමද කියල.මෙම ක්‍රමය මගින් එකවර මිතුරන් දෙදහසක් පමණ select කර ඉවත් කල හැකියි.ඔබ මතක තබා යුතුයි ඉහතින් ලබාදී ඇති java script එක ඔපන් කිරීම කල යුත්තේ uc browser හෝ ඩොල්පින් බ්‍රව්සරය මගින් පමණක් බව.එසේම ඔබ මේ  ක්‍රියාව කරන බ්‍රව්සරය මේ දෙකෙන් කුමක් වුවත් ඊට අදාල වන tempermonkey addon එකත් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.මා විසින් ලින්ක් ලබා දී ඇත්තේ ඩොල්පින් බ්‍රව්සරය හා ඊට අදාල addon එක පමණයි.uc browser එක මගින් සිදුකරන්නේ නම් uc tempermonkey යන addon එක ප්ලේස්ටෝරිය මගින් ලබා ගන්න
ඔයාලට මොකක් හරි ගැටලුවක් තියේනම් පහලින් කොමෙන්ට් කරන්න .පෝස්ට් එක හොඳයිනම් කොමෙන්ට් එකකින් ප්‍රතිචාරයක් දක්වන්නත් අමතක කරන්න එපා
ඔයාල ට බුදුසරණයි.ජයෙන් ජය

එකතුවන්න ඇන්ඩ්‍රොයිඩ් ගුරු facebook group සමග

Sunday, November 1, 2015

මෙන්න තවත් මොඩ් ඇප් එකක් PICSART (NO ROOT)

PICS ART මේ ඇප් එක ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් බොහොම කලාතුරකින් තමා.මට හිතෙන විදියටනම් පොටෝ එඩිට් කරන්න තියෙන සුපිරිම ඇප් එක මේක තමා.මේ ඇප් එකේ තියෙන ලොකුම වාසිය තමා සිංහලෙන් පොටෝ උඩ ටයිප් කිරිමේ හැකියාව.කොහොම උනත් මේක ප්ලේස්ටෝරියෙන් බාගත හැකි වුවත් ඒකෙ තියෙන එක එක අයිටම් ගොඩක් අපිට ගන්න වෙන්නෙ සල්ලි ගෙවලා.ඒ වගේම ADD FREE ඔප්ෂන් ක්‍රියාත්මක කරන්න වෙන්නෙත් මුදල් ගෙවලා.ඉතින් මේකට විසඳුමක් විදියට CREE HACK මෘදුකාංගය අපි මීට පෙර ඔබට ලබාදුන්න මතක ඇතිනෙ නමුත් අපි අද දෙන්න යන්නෙ සියලුම FONT,CLIPART වගේ ඔක්කොම මුදල් ගෙවා ලබාගතයුතු ඔප්ෂන් නොමිලේම වෙනත් ඇප් භාවිතා නොකට කෙලින්ම ලබාගත හැකි විදියට සකස් කරපු MOD ඇප් එක .



         ලින්ක් එක දෙන්න කලින් මම කියන්නම් මේකෙන් සිංහල ටයිප් කරන හැටි.මේ ඇප් එක ඉන්ස්ටෝල් කලාට පස්සෙ ඔයාගෙ SD කාර්ඩ් එකේ හැදෙනවා PICS ART කියල පෝල්ඩර් එකක්.ඔයා පහල ලින්ක් එකෙන් ගිහින් සිංහල ෆොන්ට් එකක් හරි විවිධ හැඩයන්ගෙන් යුත් ෆොන්ට් වර්ග කිහිපයක් හරි ඩවුන්ලෝඩ් කරගෙන SD කාර්ඩ් එකේ PISART ෆෝල්ඩරයට ගිහින් ඒකෙ තියෙනවා FONT නමින් තවත් FOLDER එකක් ඒකට DOWNLOAD කරපු ෆොන්ට් ටික COPY-PASTE කරගන්න. දැන් ඔයාලට පුලුවන් සිංහල ටයිප් කරන්න ඒකට හෙලකුරු කී බෝඩ් එක යූස් කරන්න පුලුවන්.

*SINHALA FONT ගන්න මෙතනින් එන්න.

දැන් PICSART ඇප් එක පහල ලින්ක් එකෙන් බාගන්න මම වර්ශන් 3ක ලින්ක් දෙනවා.මොකද සමහරු අලුත් වර්ශන් එකට අකමැති වෙන්න පුලුවන් නිසා.මමත් කැමති පරණ වර්ශන් එකට තමා.අනික අලුත් වර්ශන් සමහර පෝන් වලට වැඩ කරන්නෙත් නෑ.ඒක නිසා අලුත් එක වගේම පරණ ඒවත් මම දෙන්නම්.පහල ලින්ක් වලින් කැමති එකක් බාගන්න.ඔක්කොම මොඩ් කරපුවා තමා.ඔක්කොම FREE ගන්න පුලුවන්.

PicsArt – Photo Studio FULL v5.7.6 Cracked Apk Is Here ! [Latest]

PicsArt Photo Studio FULL v5.2.1 APK is Here ! [LATEST]

PicsArt Photo Studio FULL 5.9.4 Apk is Here! [UPDATED]

කිසිම ඇප් එකක් නැතුව පෝන් එක ස්පීඩ් කරන විදිය මෙන්න.

අද අපි කියල දෙන්නෙ පොඩි ට්‍රික්ස් එකක්.ඔයාලට මතක ඇතිනෙ අපි කලින් දුන්න greenify, purify , hibernate වගේ ලිපිටික ඒ ඇප් හරහා අපිකලේ ඇප් ස්වයංක්‍රීයව වැඩ කරන එක නවත්වන එක.ඔබ විසින් යම් ඇප්ලිකේසන් එකක් විවෘත කරල එයින් ඉවත් වුනත් එය දුරකථනයේ රැම් එකතුල තවදුරටත් වැඩ කරන බව ඔබ දැන සිටියාද ඒක බලන්න setting- appsetting- running වෙත යන්න බලන්න ඔබ වැඩකරපු ඇප් සියල්ලම ඒ තුල දුවනවා.ඒකෙන් වෙන්නෙ ඔයාගෙ දුරකථනය තුල එම ඇප් වලට අනවශ්‍ය ලෙස රැම් ධාරිතාව ලබාගෙන රැම් එකේ free ප්‍රමාණය අඩුවීම නිසා දුරකථනය ඉතා මන්දගාමි(slow) වීම හා බැටරි ආයුකාලය ඉතා අඩුවී ඉතා ඉක්මනින් බැටරිය බැස යාමයි.මොකද්ද ඔබ මීට විසඳුම ලෙස මෙතෙක් භාවිතා කල ක්‍රමවේදය මේ තත්වය මග හරවාගැනීමට.මේ සඳහා විවිධ විසඳුම් අපි මීට පෙර ලබාදුන්නා ඔබට මතක ඇති.රූට් කරපු අයට greenify හා purify ප්‍රදාන වූ අතර  රූට් නොමැති අය වෙනුවෙන් hibernate කියල ඇප් එකකුත් අපි මීට පෙර හඳුන්වා දුන්නා ඔබට මතක ඇති.නමුත් එම ඇප් මගින් ගොඩක් දුරට මේ තත්වය සමනය කිරීමට හැකිවුවත් එම ඇප් රන්වීමට ත් සැලකිය යුතු රැම්ධාරිතාවක් ලබාගන්නවා.අන්න ඒ නිසා ඔබේ දුරකථනය තුල මේ ක්‍රියාවලිය සිදුකිරීමට යම් ක්‍රමවේදයක් දුරකථනය තුලම අන්තර්ගතව තිබෙන බව ඔබ මෙතෙක් කල් දැන සිටියේද?

                 ඔබේ දුරකථනය රූට් කර තිබුනත් නැතත් දුරකථනයේ වේගය සැලකියයුතු වේගයක් ලබාදීමටත් බැටරි ආයු ප්‍රමාණය සැලකිය යුතු කාලයක් රඳවා තබා ගැනීමටත් මෙය උපකාරී වේවි.නමුත් මෙය සිදුකිරීමට ඔබේ දුරකතනය තුල පිහිටි තහනම් කලාපයකට යන්න ඔබට සිදුවෙනවා.හොඳින් මතක තබාගන්න අප විසින් කියන කොටස හැර වෙනත් කිසිදු වෙනස් කමක් මේ තුල සිදුකරන්න යන්න එපා.එහෙම කරනවනම් ඔබ කරන දේ පිලිබඳව නිසි අවබෝධයක් ඇතුව කරන්න වගබලාගන්න.

මේක තමා DEVOLPER OPTION කියන්නෙ.මේක තියෙන්නෙ SETTING මෙනු එක තුල දුරකථන වර්ගයෙන් වර්ගයට SETTING මෙනුවේ මෙය තිබෙන ස්තානය වෙනස් වෙනවා.සමහර දුරකථන වල SETTING මෙනුවෙ ප්‍රධාන OPTION එකක් ලෙසද සමහර දුරකථන වල SECURITY OPTION තුලද සමහර දුරකථන තුල APP SETTING තුලද මෙය ඇතිබව මා දැක තිබෙනවා.වෙනත් ස්තානයක තියෙන්නත් පුලුවන්.ටිකක් හොයල බලන්න .මෙය සෑමදුරකතනකයකම පවතින SETTING OPTION එකක් වුවත් අපට අවශ්‍ය කරන කොටස් පැරණි ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් සමහරක නෑ.ඒ වගේම සමහර දුරකතන වල මෙම SETTING MENUWA සඟවා තිබෙනවා.එය කොතනකවත් නොපෙන්වන ආකාරයට.එවැනි දුරකථනයක එය ලබාගන්න පහලින් දෙන ලින්ක් එකෙන් ගිහින් අපිදෙන WIDGET එක භාගත(DOWNLOAD)කරගන්න.මතක තියාගන්න මෙය ඇප් එකක් නොව WIDGET එකක් බව.මේක ඉන්ස්ටෝල් කලාට පස්සෙ ඒක යන්නෙ ඇප් වලට නොව WIDGET කොටසටයි.ඔබ දුරකතනයේ WIDGET වෙත ගොස් එය තෝරා තදකරගෙන සිටීමෙන් එය DISPLAY එක මතට ලබාගෙන DEVOLOPER OPTION වෙත පිවිසිය හැකියි.එහෙනම් මේ ඔප්ශන් එක SSETTING වල නැති අය විතරක් පහල ලින්ක් එකෙන් මේක බාගන්නකෝ .සෙටින්ග් වල මේක තියෙන කට්ටිය ඕන නෑ හොඳේ.

CLIKE HERE DDOWNLOAD DEVLOPER OPTION APK

මෙම ඔප්ෂන් එක ගැන අපි මීට පෙර ලිපි දෙකක් පලකලා.ඉන් එකක් තමා රූට් කිරීමට පෙර මෙහි ඇති USB DEBUNG ඔන් කලයුතු වීම.ඉතින් රූට් කරපු අයටනම් මේක ගැන මතක ඇති.දෙවෙනි ලිපියෙන් කිවුවෙත් දුරකථනය ස්පීඩ් කරගන්න ක්‍රමයක් ගැන ඒ ලිපිදෙකත් කැමතිනම් කියවන්නකො පහලින් ගිහින්.

*රූට් කරපු පෝන් එකට ලොවෙත් නැති ස්පීඩ් එකක් (පැරණි ලිපියකි)
*කොහොමද මචං රූට් කරන්නෙ (පැරණි ලිපියකි)
(මෙම පැරණි ලිපි දෙක සමග මෙම ලිපියට  සම්බන්ධයක් නොමැත.මෙම ලිපි දෙක DEVOLOPER OPTION භාවිතාකල වෙනත් අවස්තා දෙකකි)

හරි අපි දැන් බලමු මොකද්ද කරන්න ඕන කියල ලොකු දෙයක් නෑ.බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
මුලුන්ම SETTING -DEVOLPER OPTION කියන එක ඔන් කරල මෙනු එකට එන්න.

හරි දැන් මේ කියන කොටස මේලිපියට අදාල නෑ.අපි කලින් ලිපියෙන් මේක ගැන කතා කලා.මේ මාර්ක් කරල තියෙන කොටස සාමාන්‍යයෙන් තියෙන්නෙ 1× විදියට ඒක .5× විදියට වෙනස් කලාම ඔයාගෙ පෝන් එක තරමක් ස්පීඩ් වෙනවා.




දැන් අපි කතාකරපු කොටස තමා මේ.මේක තෝරල ක්ලික් කරන්න.


දැන් මෙහෙම එයි.STANDARD LIMIT කියල තමා සාමාන්‍ය විදියට තියෙන්නෙ ඒක ඔය රවුම් කරල තියෙන NO BACKGROUND PROCESSES කියන එකට මාරු කරල ඔය ඔප්ෂන් එකෙන් අයින් වෙන්න.දැන් රී ස්ටාර්ට් පාරක් දාලා බලන්න ඔව් ඔබට අදහාගත නොහැකි ස්පීඩ් එකක් ඔබේ දුරකථනය ට ලැබිලා ඇති.


ඔව් ඔය ටික විතරයි කරන්න තියෙන්නෙ එහෙම කියල ලිපිය ඉවර කරන්න බෑ මට.මේකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් ඔයා යම් ඇප් එකක වැඩකරන කොට අනෙක් ඒවා රැම් එකේ දුවන එක නවත්වල මුලු බලයම ඔබේ වැඩකරමින් පවතින කොටසට ලබා දෙනවා.ඒක නිසා තමා ඔය තරම් ස්පීඩ් වෙන්න හේතුව.ඔයා වැඩකරමින් ඉන්න ඇප් එකෙන් ඉවත් වුනු විගසම ඒක බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් වෙන එක දුරකතනය විසින්ම නවතා දමනවා.ඕනම බල වන්තයකුගේ පොඩි හරි දුර්වලතාවයක් තියෙනවා කියල කියමනක් තියෙනවා අහල ඇතිනෙ අන්න ඒවගේ මේ වාසියම අපට අවාසිවෙන වෙලාවලුත් තියෙනවා.ඒ කියන්නෙ මේකෙ තියෙන පොඩි දුර්වල කමක්.දුර්වල කමක් කියනවචනෙ මෙතනට ගැලපෙනවද මන්ද වෙන වචනයක් එන්නෙ නෑ බන් ඔලුවට .හරි මේකයි කාරනේ අපිට් මේක ඉතාමත් වාසි සහගතයි වගේම අවාසි වෙන වෙලාවලුත් තියෙයි.
ඒ කියන්නෙ මේක මේ විදියට මාරුකරාම ඇප් එකක් මිනිමයිස් කරන්න බෑ.මිනිමයිස් වුනත් ඇප් එක නවතිනවා.ඒ කියන්නෙ උදාහරණයක් විදියට ඔබ මේ සෙටින්ග් සැකැස්ම මේ විදියට සැකසීමෙන් පසු FACEBOOK පිවිසිලා ඔබ පොටෝ එකක් අප්ලෝඩ් කරනවා කියල හිතමුකො ඔයා FB ඉමේජ් අප්ලෝඩ් ක්ලික් කරාම පොටෝ එක අප්ලෝඩ් කරන්නෙ කොහෙන්ද අහනවනෙ.ඔබ දෙනවා ගැලරිය කියල ගැලරියට ගිහින් පොටෝ එක සිලෙක්ට් කරල එන කොට FACEBOOK EXIT වෙලා.අන්න ඒවගේ අවුල් තියෙනවා.ඔයා ෆේස්බුක් එකේ ඉඳන් ගැලරියට ගියාම FACEBOOK නවතිනවා.කියපු දේ පැහැදිලිනෙ.මේකෙන් ඔයා වැඩකරන ඇප් එක විතරයි දුවන්නෙ අනික්වා නවත්වනවා.
ඔයා බ්‍රවුසරේ ඉඳන් ප්ලේස්ටෝරියට ගියොත් බ්‍රවුසරේ නැවතිලා.

මේ  තත්වය GREENIFY ,PURIFY වලත් තියෙනවා.නමුත් ඒවයේ අපි තෝරන ඇප් තමා එහෙම නවතින්නෙ.ඒ කියන්නෙ අපට තීරනය කල හැකියි නැවත්විය යුත්තේ මොනවද කියලා.මේකෙ එහෙම බෑ.

ඔයාට එවැනි අවස්තාවක නැවත එම ඔප්ෂන් එකට ගිහින් සෙටින් සැකැස්ම නැවත මාරුකිරීමෙන් එය මගහරින්න පුලුවන්.ඒ වගේ   එක ඇප් එකක සිට තවත් ඇප් එකකට   නිරන්තරයෙන් මාරු නොවන කෙනෙකුට මේක බොහොම වටිනවා...දුරකතනයේ ස්පීඩ් කරන්නත් බැටරි ඉක්මනින් බහින එකටත් ඉතා සාර්තක විසඳුමක් මෙයින් ඔබට ලැබේවි.

ඔන්න එහෙනම් විස්තරේ  උඩින් පල්ලෙන් නොදා වාසි අවාසි දෙපැත්තම ඔබට   කිවුවා.ඔබේ අදහසත් කොමෙන්ට් කරන් යනවනම් ගොඩක් වටිනවා...ගැටලුවක් ආවොත් ඒකත් අහන්නකෝ.

Saturday, October 31, 2015

කාලි ලිනක්ස් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තුල රන් කරවමු

2015.05.29 පටන් ගත්තු අපේ බ්ලොග් අඩවිය දැන් මාස පහ සම්පූර්ණ වෙලා.ගොඩක්ම සතුටු කාරණය තමා මේ වෙද්දි අපේ අඩවියට ආපු ගියපු පිරිස ලක්ෂයක් ඉක්මවල.ඉතින් අපි ගැන විශ්වාසයක් ඇතිව අපේ අඩ්විය  ට ආපු ඔබ වෙනුවෙන් තවත් වැදගත් ලිපියක් මාස පහ සපිරෙන මේ මොහොතෙ ලබා දෙන්නයි සූදානම.

පරිගණක හා දුරකථන තාක්සනයේ දියුනුවත් එක්ක විවිධ මෙහෙයුම් පද්දති හඳුන්වා දී තිබෙනවා.මේ අතර ලොව දැනට ප්‍රබලම  මෙහෙයුම් පද්දතිය ලෙස සැලකෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්දතියයි . වින්ඩෝස් xp,7,8,9,10 වැනි මෙහෙයුම් පද්දති අතුරින් ප්‍රබලම මෙහෙයුම් පද්දතිය වන්නෙ ලිනක්ස්.ඔබ භාවිතා කරන  ඇන්ඩ්‍රොයිඩ් os එක නිර්මාණය කොට තිබෙන්නේත් මෙන්න මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතියම උපයෝගිකොටගෙන.නමුත් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස්ම නොවේ.එහි සංක්සිප්තයක් පමණයි.මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය තුලත් එකිනෙකට වෙනස්කම් සහිත වූ මෙහෙයුම් පද්දති රැසක් තිබෙනවා.ඒ අතුරින් එකක් තමා අද අපි කතාකරන කාලිලිනක්ස් කියන්නේ.අනෙක්ව අතරෙ  Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux ඒවා තියෙනවා.

අද අපි කතාකරන්නෙ ඉහත කිව්ව ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් අපේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට දාගන විදිය තමයි.ඉහත කියපු ලිනක්ස් මෙහෙයුම් පද්දති අතුරින් ඕන එකක් අපි කියාදෙන ආකාරයට ඔබට දුරකථනය ට දාගන්න පුලුවන්.අපි උදාහරණයක් ලෙස දාන්න යන්නෙ කාලි ලිනක්ස් os එක.මම මෙතනදි කාලි ලිනක්ස් තෝරගන්න හේතුවක් තියෙයි.කවුරුත් කැමතියිනෙ හැකින් වැඩ වලට.ඉතින් මුලු ලෝකයේම හැකින් කරුවන් භාවිතා කරන ශක්තිමත්ම හැකින් os එක තමා kali linux කියන්නෙ.කාලි ලිනක්ස් ගැන දැනුමක් ඇත්තෙකුට වයිෆයි,fb,gmail,ඕන එකක් හැක් කරනවා කියන්නෙ කජු කනවා වගේ වැඩක්(ලු) [මට නම් ඕවාගැන එච්චර දැනුමක් නෑ හොඳේ අහන්නත් එපා ඕවගැනනම්] ඉස්සරහට කියල දෙන්නම් චූටි වැඩ කෑලිටිකක් අහිංසක ආතල් එකක් ගන්න ලොකු වැඩ ගැන එහෙම අහනවා නෙවේ ඕං].


කාලි ලිනක්ස් ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ ඩේබියන් මෙහෙයුම් පද්දතියේ කේත සටහන් උපයෝගී කරගෙන. පරික්ෂා කිරීමේ මෘදුකාංග 600 කට වැඩ මේකේ අන්තර්ගතයි. ඒ කියන්නේ මේ os එක දාපු ගමන් software 600ක් ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. මේ software වලින් කිහිපයක් තමා nmap (පොර්ට් ස්කෑන් කරන එකක්) Wireshark (පැකට් ඇනලයිසර් එකක්) John the Ripper (පාස්වර්ඩ් කඩන එකක් )
 Burp suite and OWASP ZAP (වෙබ් සයිට් වල සෙකුරිටි පරික්ෂා කරන එකක්.) මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා.

මේක අපිට computer එකට ඉන්ස්ටෝල් කරලත් වැඩ කරගන පුළුවන්. ඒ වගේම live cd වල බූට් කරන්නත් පුළුවන්. වර්චුවල් මැෂින් වලත් රන් කරවන්න පුළුවන්.

දැන් බලමු අපිට ඕන කරන අමුද්‍රව්‍ය ටික.

* අනිවාර්‍යේයෙන් රූට් කරපු ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක්

* 8gb වලට වඩා වැඩි මෙමරි චිප් එකක් (4gb free space එකක් අනිවාර්‍යයි.)

* 1gb වත් රැම් එකක් තිබිම වඩාත් සුදුසුයි(මගෙ රැම් එක 512mb අවුලක් නැතුව වැඩකරනවා.ටිකක් slow)

*ඉවසීම හා කාලය (මේකත් තියෙන්නම ඕනි මොකද වැඩේ ඉවරවෙන්න පැයකට වඩා යයි.සමහර විට තවත් ගතවෙන කාලය අඩු වෙන්න හෝ වැඩිවෙන්න පුලුවන්)

*ඊගාවට ඕන වෙනවා තව ඇප් දෙකක් ප්ලේස්ටෝරියෙන් බාගන්න ලින්ක් දෙන්නම් යටින්.









ANDROID DEPLY CLIKE HERE DOWNLOAD

අදාල ලින්ක් වෙත පිවිසීමට ලින්ක් එක ක්ලික් කොට ඇඩ්ෆ්ලයි පිටුව තුල තප්පර 5ක් රැඳීසිට කහපාට කොටුව තුල දිස්වෙන SKIP ADD කොටුව ක්ලික් කරන්න.

අදාල ඇප් දෙක මුලින්ම භාගත කොටගෙන දුරකථනය ට ඉන්ස්ටෝල් කරන්න .දැන් මුලින්ම LINUX DEPLOY APP එක ඕපන් කරගන්න.

දැන් ඕක ඕපන් කලහම ඔය උඩ තියෙනව වගේ පේජ් එකක් එයි.ඒකෙ ඔය රවුම් කරල තියෙන ඊතල කොටස ක්ලික් කරන්නකෝ.




දැන් එන menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න

දැන් යලිත් මෙනු එකේ පහලට ඇවිත් GUI setting ක්ලික් කරල width එකයි height එකයි.ඔයාගෙ පෝන් එකට උචිත පරිදි හදාගන්න.මම දාල තියෙන්නෙ මගෙ එකට හරියන විදිය.මේකෙන් තමා අපි වැඩකරන කාලි ලිනක්ස් os එක පෝන් එකේ තිරයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ.


දැන් ඒකත් හදල ok කරල මෙනු එකේ ආපහු උඩටම ඇවිත් install කියන එක තෝරල ok කරන්න.








දැන් ටර්මිනලය විවෘත වෙලා 4gb වලට ආසන්න img එකක් creat වෙයි.ඔය img file එක හැදෙන්නෙ ඔයාගෙ මෙමරි කාර්ඩ් එක තුල.ඒකයි කිව්වෙ sd එකේ 4gb වත් free space එකක් ඕනි කියල.මේක හැදිල ඉවර වෙන්න ටිකක් වෙලා ගන්නව ඒකයි කිවුවෙ ඉවසීම තියෙන්න ඕන කියල.ඒක creat වුනාට  පස්සෙ ටර්මිනලය පහලට තව දුරටත් ලිස්ට් එකක් ගමන් කරනව ඒකත් අවසන් වනතුරු රැඳී ඉන්න.අවසන් වූ පසු නැවතත් පහල තීරුවේ ඊ හිස ක්ලික් කොට menu list  එකේ දෙවනියට ඇති Reconfigure කියන එක ක්ලික් කරල ok කරන්න.





දැන් තව සුලුවෙලාවක් ටර්මිනලය රන් වෙන්න පටන් ගනියි.ඒක අවසන් වූ පසු පහල තීරුවේ ඇති start බට්න් එක ක්ලික් කොට ඇප් එකෙන් ඉවත් වී.මුලින් ලබා දුන් අනෙක් ඇප් එක විවෘත කොට ගෙන පහත සඳහන් details ටික ලබාදී කනෙක්ට් විදානය ලබා දෙන්න.


එකට මේ විදියට setting හදන්න
Nick name       : Linux
Password       :- changeme
Port              :-5900
Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.[මේ ලබාදී ඇති කොටස් ටික පමණක් පිරවීම ප්‍රමාණවත් අනෙක්වා හිස් තියන්න මුකුත් නොකර පැහැදිලිනෙ)



හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න







මෙය අවදානම් වැඩක් නෙවෙයි .නමුත් ඔබ අතින් සිදුවන වැරදීම් වලට මා වග කියනු නොලැබේ.මෙය   ස්තාපනය කල හැක්කේ රූට් කරන   ලද දුරකතන වල පමනි.මෙය කස්ටම් හෝ ස්ටොක් රොම් එකක් නොවේ.මෙය ඇප් එකක් ලෙසින් ක්‍රියා කරන අතර  නමුත් මෙය    වෙනමම මෙහෙයුම් පද්දතියකි . 

මෙය රන් වීම නැවත්වීමට    හෙවත් logout වීමට නැවත linux deploy වෙත ගොස් stop විදානය  දෙන්න.නැවත ආරම්භ කිරීමේදි start විදානය දී vnc   වෙත ගොස් connect කරන්න.

මේ පිලිබඳව ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න.ගැටලුවක් වෙතොත් විමසන්න.

Thursday, October 29, 2015

මොබිටෙල් කෑෂ් බොනැන්සා මහා වංචාවක හෙලිදරව්ව.

මෙම ලිපිය පලකරනු ලබන්නේ 100% පෞද්ගලික අත්දැකීමක් අනුසාරයෙන්.

2015.10.28 දින පස්වරු 1.59 ට මගෙ මොබිටෙල් දුරකතනයට ඇමතුමක් ලැබෙනවා මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0715262973
                     කතාකරන පුද්ගලයා පැවසුවේ මෙබන්දක් " හෙලෝ මහත්මයා මම රුවන් ඒකනායක. මොබිටෙල් ආයතනයෙන් කතාකරන්නෙ ඔබ ගියමාසය තුල මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟයෙන් ඉහලම ලකුනු ලබාගෙන පන්ලක්ෂ අසූපන්දහසක මුදලක් ජයග්‍රහනය කොට තිබෙනවා.මේ පිලිබඳව ඔබව SMS මගින් දිගින් දිගටම අප දැනුවත් කලත් ඔබ විසින් අදාල මුදල ලබානොගැනීම නිසා අප ඔබට ඇමතුමක් ලබගත්තෙ තව පැයක් ඇතුලත අදාල මුදල් ලබා නොගතහොත් ඔබට එය අහිමිවෙනවා"
                                            ඔන්න ඔය විදියේ විස්තරයක් ඔහුකියවගෙන ගියා.මාව නිකන් කරකවලා අතඇරියා වගේ වුනා පන්ලක්ෂ අසූපන්දහසක්.කජු ඇටද කොස් ඇටද රුපියල්නෙ යකෝ.මමත් කතාවට ටිකක් අහුවුනා ඉතින් මම ඇහැවුවා මම කොහොමද ඔය මුදල් ගන්නෙ කියල.ඔවුන් කීවා මොබිටෙල් ප්‍රධාන ආයතනයට පැයක් තුල පැමිණෙන්න කියල මා මුදල් ලබාගෙන අවසන් වන තුරු ඔහු ඇමතුමේ රැඳී සිටින බව පැවසුවා.නමුත් මා කීවා මොබිටෙල් ආයතනයට පැයක් තුල පැමිනිය නොහැකිබව.ඔවුන් කීවා බැංකුගිනුමකට අදාල ගිනුම් බැරකල හැකිබව.ඒකට වැට් මුදලක් ගෙවිය යුතුබවද කිවා.වැට් මුදල ලෙස සඳහන් කලේ 19500 ක මුදලක්.ඔහු කීවා අදාල මුදල මට ලැබුන බවට මා තහවුරු කරනතුරු දිගටම ලයින් එකේ රැඳී සිටින බව.

මේ වන විට මෙ ඇමතුම ගැන යම් සැකයක් මගෙ හිතතුල ඇතිවෙමින් තිබුනා.ඊට හේතුව මම වැඩිපුර භාවිතකරන්නෙ ඩයලොග් සිම්පත නිසා මොබිටෙල් එකට මම වැඩිය RECHARJE කිරිම සිදුවුනේ නෑ.එහෙම තියෙද්දි තරඟයකින් මා ජයග්‍රහනය කලා කීම යම් කුකුසක් හිතට එක් වුනා .ආපහු හිතට එනවා වැරදිලා ආවත් යකො ලක්ස පහක් සෙල්ලම්ද දැන් මේක මොනවහරි කරල ගන්නත් එපෑයෑ.ඉතින් මම අහනවා දැන් මම මොකද්ද කරන්න ඕන.
                                  දැන් අහනවා ජාතික හැඳුනුම්පත් අංකය බැංකු අංකය මමත් හරක වගේ දඩබඩ ගාල දෙනවා.ඊට පස්සෙ ඔහු කියනවා ජාතික හැඳුනුම්පතේ චායා පිටපතක් ඔව්‍න්ට FAX කරන්නලු.ඊට පස්සෙ බැංකුව ගාවට යන්නලු ඊට පස්සෙ කියන්නම්ලු වැට් එක ගෙවන විදිය ඒ කිය්න්නෙ 19500 ක මුදල ඔක්කොටම තියෙන්නෙ පැයක් විතරලු.ඒ අතර තුර දුරකථනය විසන්ධි වෙන්න දෙන්න එපාලු.පර්ක්කු වෙන්න වෙන්න මම දිනාගත්ත මුදලට තව කෙනෙක් තරඟකරල ඒ මුදල ලබාගන්න පුලුවන්ලු.දැන් කියනවා එයාගෙ ලඟ ඉන්න කෙනා ඒ වගේ තවත් ජයග්‍රාහකයෙක් දැනුවත් කරන ගමන්ලු ඉන්නෙ.ඒ පැත්තට මගෙ සවනත යොමුකරනවා.දැන් මම ඉන්නෙ කොමියුනි කේසන් එකේ FAX එක යවන්න සූදානමින් එක්වරම ඉහත කරුණු වලට අනුව මගේ සැකය ප්‍රබල වුනා .මට තේරුනා ඔහු ඔහු ගැන විශ්වාසයක් මවා පාන්න උත්සාහ දරමින් ඉන්නවා.ඒ වගේම මගෙ ප්‍රමාදය පිලිබඳව ඔහු ඉන්නෙ දෙගිඩියාවෙන් බව මට වැටහෙනවා.කමියුනිකේසන් එකේ අයියා කියනවා මල්ලි අපිගාව FAX නෑ අහවල් නගරෙට යන්න ඕන FAX යවන්න.මම එනවා ආපහු ගෙදරට දැන් මම හෙන දෙගිඩියාවෙන් ඇමතුමේ ඉන්න කෙනා දිගටම කියවනවා මුකුත් හිතන්න කාලයක් ඉතිරි කරන්නෙ නෑ ඔහු .ඔහු කියනවා ඉක්මන් කරන්නලු කාලය ගෙවෙමින් යනවලු මුදල් ගැනිමට හැකි කාලය අවසන් වීමට පෙර ෆැක්ස් එක එවල ඉක්මනින් බැංකුවගාවට යන්නලු ටැක්ස් එක ගෙවපුගමන්  මගෙ ගිනුමට මුදල්බැර කරනවලු මුදල් ලැබුනුබවට මා තහවුරු කරනතුරු ඔහු ඇමතුමේ ඉන්නවලු.කොහොම වුනත් බැකුවට එන්න මට යන්න වෙනවා හොරනට ටැක්ස් ගෙවන්න මුදල් ගන්න ඕනත් බැංකුවෙන්.ඒක නිසා මට ටිකක් හිතන්න අවස්තාව ලැබුනා දැන් මම යන්න ලෑස්ති වෙන්න හදනකොටම මගෙ යටිහිත කියනවා මේකෙ කොහේ හරි අවුලක් තියෙනවා කියල.

මම ඕන රෙද්දක් වෙච්චාවෙ කියල ඇමතුම විසන්ධි කලා.ගැහැවුවා කස්ටමර් සර්විස් 1717 ,ලස්සන ගෑනු කටහඬක් " හෙලෝ සර් මම දුලානි කෙසේද මා ඔබට සහයවන්නෙ .ඉතින් ඔන්න මම කීවා වෙච්ච සංතෑසියම.මම කිවුවා මට දිනුමක් තියේද බලන්න කියල.ඒ පාර ඒ මිස් කියනවා සර් ඔබට වංචාකරුවෙක් කතාකරල තියෙන්නෙ ඔබට එහෙම දිනුමක් නෑ .කියල

කොහොමද කඩාගෙන ගිහින් ටැක්ස් එක කියලා අරූට 19500ක් ගෙවුවනම් වසල හමාරයිනෙ.ඇමතුමේ තවත් දේවල් තිබුනා.ඔක්කොම මට මතක නෑ.කොහොමත් පැයභාගයක් විතර ඌ කතාකරල තිබුනා.මම කස්ටර්මර් සර්විස් එකෙන් විමසීමක් කලා ඒ පිලිබඳව කුමක් කලයුතුද කියල ඒ ගැන ඔවුන්ට කල හැක්කක් නැතිලු.පොලිසියෙ පැමිනිල්ලක් දාන්නලු.මම නම් පොලිසි ගියෙ නෑ.ඒත් මම තක්කෙටම අහුවුනානම් මේ පෝස්ට් එක ලියනවෙලාව වෙද්දි මම පොලීසියෙ පැමිනිල්ල දානගමන් වෙන්න පුලුවන්.


මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ තවත් අය මේකට අහුනොවිය යුතුයි සිතුන නිසා.එවැනි ආකාරයේ ඇමතුමක් ඔබටත් ආවොත් ඔබ දෙවරක් හිතන්න.නිකන් අතේ තියෙන මුදලටත් කෙලවනොගෙන.


තව දෙයක් ඔහු මට ලබාදුන් ඔහුගෙ තොරතුරු ටික මෙන්න

*H.K රුවන් ඒකනායක (නම)

*802775566v (ජා.හැ.අංකය)

* cb3006 (සේවා අංකය)

*531/A, wadරාමනායක මාවත,යුනියන් පෙදෙස,කොලඹ2

මේ ඔහු ඔහුගැන විශ්වාසය ඇතිකිරීමට ඔහුවිසින් ලබාදුන් තොරතුරුයි.මේ ඔහුගේ සැබෑ තොරතුරු නොවිය හැකියි.

0715262973 ඇමතුම පැමිණි අංකය මෙයයි.

ජා-හැ චායාරූපය එවිය යුතු ලෙස  සඳහන් කල fax අංක දෙක පහතින් දැක්වේ.
* 0112 698629
* 0777 087 917

මේ තොරතුරු වලට අනුව ඉහත අංක අයිති පුද්ගලයින් පිලිබඳව ඔබ දන්නේ නම් ලඟම ඇති පොලිස් ස්තානයට දැනුම්දෙන්න.ඔබටත් මෙවැනි ඇමතුමක් ලැබුනහොත් එ පිලිබඳ සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන්න.මෙම ලිපිය කියවා මිතුරන්ටත් දැනගැනීමට  හැකි තාක් share කර බෙදාහරින්න.

වංචාකරුවන් නීතියේ    රැහැනට කොටුකරගැනීමට    දායක වන්න

නැවතත් පිලිවෙලින් වංචාසහගත ඇමතුමේ හැඩහුරුව

* ඔබ විසින් යම් තරඟයක් විසාල මුදලක් දිනා ඇති බව පැවසීම

* එම මුදල ලබාගැනීමට   ලබාදී   ඇතිකාලය අවසන් වීමටට    ආසන්න බව පවසයි.

* බැංකු ගිණුමකට මුදල් ලබාදිය හැකිබව පවසා ගිනුම් තොරතුරු පෞද්ගලික තොරතුරු ඉල්ලයි.

* ඉතා හදිසිබව පවසයි.මුදල් අහිමි විය  හැකිබව පවසයි.

* ජාතිකහැදුනුම් පත් කොපි ෆැක්ස් කලයුතු බව පවසයි.

* ටැක්ස් එකක් ගෙවිය යුතුබව පවසයි.එය ගෙවූ පසු මුදල්  බැරකරන බව දන්වයි.

මේ    ටැක්ස් එක කියල ගන්න හදන මුදල තමා   ඔවුන් වංචාකරන්නෙ.ඒක ගෙවුවොත් sorry.com.

Tuesday, October 20, 2015

මොනවද මේ otg කේබල් කියන්නෙ.

otg කේබල් කියන බොහෝ ලාංකිකයින්ට නුහුරු වචනයක් වුවත් මේ වනවිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා නැතිවම බැරි උපාංගයක් වී හමාරයි.otg cable එකක් කියන්නෙ data කේබල් එකකට තරමක් දුරට සමාන usb port එකක්.දුරකතනය හා සම්බන්ධ වන කොටස data cable එකකට සමාන වන නමුත් අනෙක් කොටස ඇත්තෙ usb port එකක් සම්බන්ධ කල හැකි ආකාරයටය.ඇත්තටම මොකද්ද මේකෙන් කරන්න පුලුවන්.මේක ආධාරයෙන් ගොඩක් වැඩ අපිට කරගන්න පුලුවනි.
* pen drive (මෙමරි පෙන්) එකක් දුරකතනයට සම්බන්ධ කල හැකිවීම
* key board ,මවුස් ආදිය සම්බන්ධ කල හැකිවීම
* camera වැනි උපාංග සමග සම්බන්ධ කල හැකිවීම
* ඔබ ගේම් ලෝලියෙකු නම් jostic සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සම්බන්ධ කොට ක්‍රීඩා කල හැකින්වීම
           ආදී වශයෙන් තවත් වැඩ කටයුතු රැසක් මෙමගින් සිදුකරගත හැකිවේ.එතකොට ඊලඟට ඔබට පැන නගින ගැටලුව තමා මේවා වල මිල ගනන් කොහොමද කියන එක.මම කලිනුත් කිවුවා වගේ මේක ලංකාවෙ ගොඩක් අය නොදන්න දෙයක් වුවත් සුපෝගබෝගී භාන්ඩයක් නොවේ.කොටින්ම කිවුවොත් otg කේබල් එකක් රුපියල් 100එ ඉඳල ඉහල මිල ගනන් වලට මිලයට ගන්න පුලුවන්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගේම ගුනාත්මක තාවයට අනුවත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් device එක අනුවත් මිල ගනන් වෙනස් විය  හැකියි.ඔබට මෙම මිල ගනන් වඩාත් තහවුරු කරගැනීමට පහල වෙබ් අඩවියට යන්න.

..otg cable srilankan price ( තප්පර5ක් රැඳීසිට ස්කිප් ඇඩ් දෙන්න)

මෙම මිලගනන් පිලිබඳව google search මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.



මේ කේබල් එක පිලිබඳව පහල පිංතූර ඔස්සේ වඩාත් නිවැරදි අව්බෝධයක් ලබාගත හැකිවේ වි.
වැඩිදුර ඡායාරූප නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
#- OTG CABLE ALL PICTURES


 








*ඊ ගාවට එන ප්‍රධානම ගැටලුව තමා මේ otg කේබල් හැම ඇනඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සඳහාම සහාය වනවාද කියන කාරනාව?

ඇත්තටම මේක සෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් සඳහාම සහාය දක්වන්නෙ නෑ මේ සඳහා මෙම පහසුකම ඔබේ දුරකතනය තුල අන්තර්ගතව තිබියයුතුයි.

* මචං' එතකොට මේ පහසුකම කෙනෙක්ගෙ දුරකතනය තුල තියෙනවද කියල තහවුරු කරගන්න සරල ක්‍රමයක්තියේද.?

පැහැදිලිවම තියෙනවා.සාමාන්‍යයෙන් apliction setting වල usb stroge කියල පෙන්වනවනම් ඒකට අනිවාර්‍යයෙන් otg වැඩ.නැත්නම් stroge memory තුල usb stroge යනුවෙන් තිබේනම් එවැනිදුරකතනවලත් මෙම otg කේබල් වැඩ මෙවැනි සඳහනක් නැතුවහෝ වැඩකරනවද කියල හරියටම දැනගන්න තවත් සරල ක්‍රමයක් තියෙනව ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් මම දෙන ඇප් එක බාගතකොට ගෙන otg suport ද unsupport ද කියල නිවරදිව බලාගත හැකියි.
-

*හරි මචං එතකොට මේ usb ස්ට්‍රෝජ් එක එහෙම නැත්නම් otg භාවිතය සඳහා   දුරකතනය මූල(රූට්) කර තිබිය යුතුද?

මේක දුරකතනයට ම එන්නෙ දුරකතන සේවා සපයන්නා විසින් අනුමත කර ඇතිනිසානෙ.ඉතින් ඒ සඳහා root කර තිබීම අත්‍යවශ්‍ය කාරනයක් නොවෙයි.

* හොඳයි මචං යම් හෙයකින් යම් කෙනෙකුගෙ දුරකතනය තුල මෙම otg කේබල් වැඩ නොකරන්නේනම් ඒ කියන්නෙ මේ පහසුකම සේවා සපයන්නා විසින් ලබාදී නොමැතිනම් මෙම පහසුකම දුරකතනයට ලබාගත හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද.?

තියෙනවා එකක් නෙවෙයි ක්‍රම 02ක් තියෙනවා.පලවෙනි ක්‍රමය තමා මෙම පහසුකම සහිත custom රොම් එකක් ස්තාපනය කිරීම.නමුත් එය තරමක් සංකීර්ණ කටයුත්තක්.
දෙවෙනි ක්‍රමය ටිකක් සරලයි.මේ ක්‍රම දෙකම සිදුකරන්න නම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මූල(root) කර තිබිය යුතුමයි.

* එලකිරි මචෝ.එතකොට කොහොමද ඔය දෙවෙනි ක්‍රමය මගින් මේක හදාගන්නෙ.සහ මේක අනිවාර්‍යයෙන් හරියයිද.? 

මෙහෙමයි මේක otg වැඩනොකරන සමහර උපාංග සඳහා පමණක් වැඩකලහැකි මට්ටමට සකස් කරගන්න පුලුව න් සෑම දුරකතනය කටම කරන්නත් බෑ.කස්ටම් රොම් ස්තාපනය කිරීම ගත්තත් ඒ device එකට හරියන rom එකක් අන්තර ජාලයෙන් සොයාගතයුතුයි.එවැනි custom rom සෑම දුරකතනයකටම නොතිබෙන්න පුලුවන්.ඒ වගේම දෙවෙනි ක්‍රමයත් සෑම දුරකතනයකටම හරි නොයන්න පුලුවන්.

* එතකොට මචං ඕක කරල හරියනවද කියල දැනගන්න ක්‍රමයක් තියේද.?

කස්ටම් රොම් එකක් දානවනම් සාමාන්‍යයෙන් ඒ රොම් එක බාගන්න තැන ඒ රොම් එකෙන් කල හැකි විස්තර සියල්ල එහි ඇතුලත්.ඒ විස්තර බලල usb stroge පහසුකම සහිත රොම් එකක්  බාගත හැකියි.නමුත් අනික් ක්‍රමය මගින් සියලුදුරකතන වල පරික්ෂාකල හැකි නිශ්චිත ක්‍රමයක් තිබේද යන්න ගැන දැනුමක් මට දැනට නැත.
කෙසේ වුවත් ඔබේ device එකේ නමත් එක්ක google සර්ච් කලොත් මේ පිලිබඳව යම් තොරතුරු ප්‍රමානයක් ලබාගත හැකියි.

* හරි දැන් කොහොමද වැඩනොකරන ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක otg වැඩකරවන්නෙ?

මෙව් ලිපිය හිතුවට වඩා දික් වුනා.ඒ පිලිබඳව විස්තර කිරීම ඉදිරි ලිපියකින් කරමු.

*හොඳයි අදට මේ මාතෘකාව ට සමුදෙන්න පෙර මට කියන්න මෙලෙස සේවා සපයන්නා විසින් මෙම පහසුකම ලබා නොදුන් අවස්තාවක මෙම ක්‍රමයන් මගින් මෙම පහසුකම ලබා ගැනීම දුරකතනයට අහිතකරද නැද්ද යනවග සහ මෙලස සිදුකිරීමේ ක්‍රියාවලිය අවදානම් සහගතද යනවග?

මෙහෙමයි දුරකතනයක් root කිරීමේ සිට රූට් කිරීමෙන් පසු සිදුකරන සෑම වෙනස්කමක්ම තරමක් හෝ අවදානම් වගේම සුලුවශයෙන් හෝ අහිතකරයි.ඒ පිලිබඳව සම්පූර්ණ අවධානම දුරකතනයේ අයිතිකරුවිසින් ගතයුතුයි.මට කරන්න පුලුවන් මග පෙන්විමක් පමනයි.නමුත් මේ අඩවියෙන් ලබාදුන් සෑම දෙයක්ම පෞද්ගලිකව අත් හදා බැලූ ඒවා බැවින් අවදානම බොහෝසෙයින් අඩුවුවත් සේවා සපයන්නා විසින් නොසපයන සේවාවක් ස්තාපනය කිරීම දෙවරක් සිතාබැලුවාට වරදක් නෑ(නමුත් මගේ තියරියට අනුවනම් පෝන් එකට කෙලවුනත් කරල බලන්නම ඕන.ඒත් ඉතින් ගොඩක් ලොකුගනන් දීල ගත්තු පෝන් එකකට කෙලවුනොත් ඇඬෙන්නෙ තනි ඇහැට)




 හරි ඔන්න ඕකයි තත්වෙ.ඕනම් දේක හොඳ පැත්ත විතරක් කියල දෙන එක නෙවෙයි අපේ තියරිය.හොඳවගේම නරක ගැනත් ඔබ දැනන් සිටිය යුතුමයි.කොහොම වුනත් මේ මේ කතාවෙ අවසානය නම් නෙවෙයි.ඊ ලඟ කොටසින් අපි ඔයාලට කියල දෙනවා  OTG කේබල් සපෝර්ට් නැති දුරකතනයක් කොහොමද otg සපොර්ට් වෙන එකක් කරගන්නෙ කියල.ඉතින් මේ ලිපියට    ඔයාලගෙ ප්‍රතිචාරය පහලින් comment කරන් යන්නකෝ.
ඊලඟ ලිපිය අරන් එනතුරු ඔයාගෙ දුරකතනය පහල ලින්ක් එකෙන් ගිහින් රූට් කරල තියාගන්න ( රූට් කිරිමෙන් වගකීම් සහතිකය අවල්ංගු වන බැවින් එය අවසන් වූ පසු රූට් කිරීම වඩා යෝග්‍යවේ)

### 


ඊලඟ ලිපියට මෙතනින් = coming soon