android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, October 20, 2015

මොනවද මේ otg කේබල් කියන්නෙ.

otg කේබල් කියන බොහෝ ලාංකිකයින්ට නුහුරු වචනයක් වුවත් මේ වනවිට ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා නැතිවම බැරි උපාංගයක් වී හමාරයි.otg cable එකක් කියන්නෙ data කේබල් එකකට තරමක් දුරට සමාන usb port එකක්.දුරකතනය හා සම්බන්ධ වන කොටස data cable එකකට සමාන වන නමුත් අනෙක් කොටස ඇත්තෙ usb port එකක් සම්බන්ධ කල හැකි ආකාරයටය.ඇත්තටම මොකද්ද මේකෙන් කරන්න පුලුවන්.මේක ආධාරයෙන් ගොඩක් වැඩ අපිට කරගන්න පුලුවනි.
* pen drive (මෙමරි පෙන්) එකක් දුරකතනයට සම්බන්ධ කල හැකිවීම
* key board ,මවුස් ආදිය සම්බන්ධ කල හැකිවීම
* camera වැනි උපාංග සමග සම්බන්ධ කල හැකිවීම
* ඔබ ගේම් ලෝලියෙකු නම් jostic සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සම්බන්ධ කොට ක්‍රීඩා කල හැකින්වීම
           ආදී වශයෙන් තවත් වැඩ කටයුතු රැසක් මෙමගින් සිදුකරගත හැකිවේ.එතකොට ඊලඟට ඔබට පැන නගින ගැටලුව තමා මේවා වල මිල ගනන් කොහොමද කියන එක.මම කලිනුත් කිවුවා වගේ මේක ලංකාවෙ ගොඩක් අය නොදන්න දෙයක් වුවත් සුපෝගබෝගී භාන්ඩයක් නොවේ.කොටින්ම කිවුවොත් otg කේබල් එකක් රුපියල් 100එ ඉඳල ඉහල මිල ගනන් වලට මිලයට ගන්න පුලුවන්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගේම ගුනාත්මක තාවයට අනුවත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් device එක අනුවත් මිල ගනන් වෙනස් විය  හැකියි.ඔබට මෙම මිල ගනන් වඩාත් තහවුරු කරගැනීමට පහල වෙබ් අඩවියට යන්න.

..otg cable srilankan price ( තප්පර5ක් රැඳීසිට ස්කිප් ඇඩ් දෙන්න)

මෙම මිලගනන් පිලිබඳව google search මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.



මේ කේබල් එක පිලිබඳව පහල පිංතූර ඔස්සේ වඩාත් නිවැරදි අව්බෝධයක් ලබාගත හැකිවේ වි.
වැඩිදුර ඡායාරූප නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
#- OTG CABLE ALL PICTURES


 








*ඊ ගාවට එන ප්‍රධානම ගැටලුව තමා මේ otg කේබල් හැම ඇනඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සඳහාම සහාය වනවාද කියන කාරනාව?

ඇත්තටම මේක සෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් සඳහාම සහාය දක්වන්නෙ නෑ මේ සඳහා මෙම පහසුකම ඔබේ දුරකතනය තුල අන්තර්ගතව තිබියයුතුයි.

* මචං' එතකොට මේ පහසුකම කෙනෙක්ගෙ දුරකතනය තුල තියෙනවද කියල තහවුරු කරගන්න සරල ක්‍රමයක්තියේද.?

පැහැදිලිවම තියෙනවා.සාමාන්‍යයෙන් apliction setting වල usb stroge කියල පෙන්වනවනම් ඒකට අනිවාර්‍යයෙන් otg වැඩ.නැත්නම් stroge memory තුල usb stroge යනුවෙන් තිබේනම් එවැනිදුරකතනවලත් මෙම otg කේබල් වැඩ මෙවැනි සඳහනක් නැතුවහෝ වැඩකරනවද කියල හරියටම දැනගන්න තවත් සරල ක්‍රමයක් තියෙනව ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් මම දෙන ඇප් එක බාගතකොට ගෙන otg suport ද unsupport ද කියල නිවරදිව බලාගත හැකියි.
-

*හරි මචං එතකොට මේ usb ස්ට්‍රෝජ් එක එහෙම නැත්නම් otg භාවිතය සඳහා   දුරකතනය මූල(රූට්) කර තිබිය යුතුද?

මේක දුරකතනයට ම එන්නෙ දුරකතන සේවා සපයන්නා විසින් අනුමත කර ඇතිනිසානෙ.ඉතින් ඒ සඳහා root කර තිබීම අත්‍යවශ්‍ය කාරනයක් නොවෙයි.

* හොඳයි මචං යම් හෙයකින් යම් කෙනෙකුගෙ දුරකතනය තුල මෙම otg කේබල් වැඩ නොකරන්නේනම් ඒ කියන්නෙ මේ පහසුකම සේවා සපයන්නා විසින් ලබාදී නොමැතිනම් මෙම පහසුකම දුරකතනයට ලබාගත හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද.?

තියෙනවා එකක් නෙවෙයි ක්‍රම 02ක් තියෙනවා.පලවෙනි ක්‍රමය තමා මෙම පහසුකම සහිත custom රොම් එකක් ස්තාපනය කිරීම.නමුත් එය තරමක් සංකීර්ණ කටයුත්තක්.
දෙවෙනි ක්‍රමය ටිකක් සරලයි.මේ ක්‍රම දෙකම සිදුකරන්න නම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මූල(root) කර තිබිය යුතුමයි.

* එලකිරි මචෝ.එතකොට කොහොමද ඔය දෙවෙනි ක්‍රමය මගින් මේක හදාගන්නෙ.සහ මේක අනිවාර්‍යයෙන් හරියයිද.? 

මෙහෙමයි මේක otg වැඩනොකරන සමහර උපාංග සඳහා පමණක් වැඩකලහැකි මට්ටමට සකස් කරගන්න පුලුව න් සෑම දුරකතනය කටම කරන්නත් බෑ.කස්ටම් රොම් ස්තාපනය කිරීම ගත්තත් ඒ device එකට හරියන rom එකක් අන්තර ජාලයෙන් සොයාගතයුතුයි.එවැනි custom rom සෑම දුරකතනයකටම නොතිබෙන්න පුලුවන්.ඒ වගේම දෙවෙනි ක්‍රමයත් සෑම දුරකතනයකටම හරි නොයන්න පුලුවන්.

* එතකොට මචං ඕක කරල හරියනවද කියල දැනගන්න ක්‍රමයක් තියේද.?

කස්ටම් රොම් එකක් දානවනම් සාමාන්‍යයෙන් ඒ රොම් එක බාගන්න තැන ඒ රොම් එකෙන් කල හැකි විස්තර සියල්ල එහි ඇතුලත්.ඒ විස්තර බලල usb stroge පහසුකම සහිත රොම් එකක්  බාගත හැකියි.නමුත් අනික් ක්‍රමය මගින් සියලුදුරකතන වල පරික්ෂාකල හැකි නිශ්චිත ක්‍රමයක් තිබේද යන්න ගැන දැනුමක් මට දැනට නැත.
කෙසේ වුවත් ඔබේ device එකේ නමත් එක්ක google සර්ච් කලොත් මේ පිලිබඳව යම් තොරතුරු ප්‍රමානයක් ලබාගත හැකියි.

* හරි දැන් කොහොමද වැඩනොකරන ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක otg වැඩකරවන්නෙ?

මෙව් ලිපිය හිතුවට වඩා දික් වුනා.ඒ පිලිබඳව විස්තර කිරීම ඉදිරි ලිපියකින් කරමු.

*හොඳයි අදට මේ මාතෘකාව ට සමුදෙන්න පෙර මට කියන්න මෙලෙස සේවා සපයන්නා විසින් මෙම පහසුකම ලබා නොදුන් අවස්තාවක මෙම ක්‍රමයන් මගින් මෙම පහසුකම ලබා ගැනීම දුරකතනයට අහිතකරද නැද්ද යනවග සහ මෙලස සිදුකිරීමේ ක්‍රියාවලිය අවදානම් සහගතද යනවග?

මෙහෙමයි දුරකතනයක් root කිරීමේ සිට රූට් කිරීමෙන් පසු සිදුකරන සෑම වෙනස්කමක්ම තරමක් හෝ අවදානම් වගේම සුලුවශයෙන් හෝ අහිතකරයි.ඒ පිලිබඳව සම්පූර්ණ අවධානම දුරකතනයේ අයිතිකරුවිසින් ගතයුතුයි.මට කරන්න පුලුවන් මග පෙන්විමක් පමනයි.නමුත් මේ අඩවියෙන් ලබාදුන් සෑම දෙයක්ම පෞද්ගලිකව අත් හදා බැලූ ඒවා බැවින් අවදානම බොහෝසෙයින් අඩුවුවත් සේවා සපයන්නා විසින් නොසපයන සේවාවක් ස්තාපනය කිරීම දෙවරක් සිතාබැලුවාට වරදක් නෑ(නමුත් මගේ තියරියට අනුවනම් පෝන් එකට කෙලවුනත් කරල බලන්නම ඕන.ඒත් ඉතින් ගොඩක් ලොකුගනන් දීල ගත්තු පෝන් එකකට කෙලවුනොත් ඇඬෙන්නෙ තනි ඇහැට)




 හරි ඔන්න ඕකයි තත්වෙ.ඕනම් දේක හොඳ පැත්ත විතරක් කියල දෙන එක නෙවෙයි අපේ තියරිය.හොඳවගේම නරක ගැනත් ඔබ දැනන් සිටිය යුතුමයි.කොහොම වුනත් මේ මේ කතාවෙ අවසානය නම් නෙවෙයි.ඊ ලඟ කොටසින් අපි ඔයාලට කියල දෙනවා  OTG කේබල් සපෝර්ට් නැති දුරකතනයක් කොහොමද otg සපොර්ට් වෙන එකක් කරගන්නෙ කියල.ඉතින් මේ ලිපියට    ඔයාලගෙ ප්‍රතිචාරය පහලින් comment කරන් යන්නකෝ.
ඊලඟ ලිපිය අරන් එනතුරු ඔයාගෙ දුරකතනය පහල ලින්ක් එකෙන් ගිහින් රූට් කරල තියාගන්න ( රූට් කිරිමෙන් වගකීම් සහතිකය අවල්ංගු වන බැවින් එය අවසන් වූ පසු රූට් කිරීම වඩා යෝග්‍යවේ)

### 


ඊලඟ ලිපියට මෙතනින් = coming soon

4 comments:

  1. Mcn mage phone eka LG X145 otg cable ekak gatta eth weda ne bn

    ReplyDelete
  2. Machan mage4n aka grand prime akak wedakaraida bn me cable akaaaa???

    ReplyDelete
  3. Machan mage4n aka grand prime akak wedakaraida bn me cable akaaaa???

    ReplyDelete
  4. Matchan ilaga lipiyath ikmanata dapankooo

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.