android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, April 11, 2017

HOW TO UNFRIEND ALL VIA DOLPHIN BROWSER (Android)


සුබ දවසක් හැමෝටම,
                          ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක් දාන්න හිතුනා.පරන ලිපිවල ලින්ක් බොහොමයක් අක්‍රීය වෙලා.ඒ ටික ඉක්මනින්ම නැවත යථාතත්වයට පත්කරන්නම්.හරි අපි අද කියල දෙන්න යන්නෙ facebook එකේ සියලුම මිතුරන් unfriend කරන විදිය.සාමාන්‍යයෙන් පරිගණකයක් මගින් මේක කරන විදිය නම් ගොඩක් අය දන්නවානෙ .නමුත් අපි කියන්නෙ මේක ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම කරගන්න විදිය ගැන.බය වෙන්න දෙයක් නෑ බොහොම පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.හැබැයි මේක කරන්න අපට ඕන වෙනවා ඇප් දෙකක් පහලින් ඒ ඇප් දෙක බාගන්නකෝ

   

           # dolphin web browser download

           # tempormonkey addon for dolphin web browser download


              (මේ සඳහා uc browser හෝ ඊට අදාල tempermonkey addon එක බාගැනීමෙන්ද සිදුකල හැකියි.නමුත් ඩොල්පින් බ්‍රව්සරය මගින් කිරීම වඩාත් පහසුවේ)

හරි දැන් ඊලඟ පියවර බලමු..පසුව පහත රූපයේ දිස්වන ආකාරයට පිටුවක් දිස්වන අතර එහි සඳහන් insall යන්න මත ක්ලික් කර ජාවා ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න

# get a java script (no skip add)↩️ මෙතනින් ජාවා ස්ක්‍රිප්ට් එක ගන්න.




එය ඉන්ස්ටෝල් කරගත් පසුව නැවත ඩොල්පින් බ්‍රව්සරය වෙත පැමිණ බ්‍රව්සරය මගින් facebook account එකට ලොග් වන්න ලොග් වීමට ප්‍රථමයෙන් ඉහල search bar එකට දකුණු පසින් ඇති අයිකනය ක්ලික් කර desktop mode එකට මාරුවෙන්න.එවිට ඔබේ ෆේස්බුක් ගිණුම පරිගණකයක් මගින් ලොග්වූ ආකාරයට දිස්වනු ඇති.දැන් ෆේස්බුක් profile එකට යන්න.දැන් friend මෙනුවට පිවිස බලන්න.all select friend සහ select delete friend  යනුවෙන් අයිකන් දෙකක් දිස්වේවි.එමගින් මිතුරන් සියල්ලම හෝ තෝරාගත් පිරිසක් එකවර delete කර දැමිය හැකියි.සහාය සඳහා පහත පින්තූර බලන්න









හරි දැන් පැහැදිලිනෙ  කොහොමද ඇන්ඩ්‍රොයිඩ් එකෙන්ම මිතුරන් සියල්ල unfriend කරන්නෙ කොහොමද කියල.මෙම ක්‍රමය මගින් එකවර මිතුරන් දෙදහසක් පමණ select කර ඉවත් කල හැකියි.ඔබ මතක තබා යුතුයි ඉහතින් ලබාදී ඇති java script එක ඔපන් කිරීම කල යුත්තේ uc browser හෝ ඩොල්පින් බ්‍රව්සරය මගින් පමණක් බව.එසේම ඔබ මේ  ක්‍රියාව කරන බ්‍රව්සරය මේ දෙකෙන් කුමක් වුවත් ඊට අදාල වන tempermonkey addon එකත් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.මා විසින් ලින්ක් ලබා දී ඇත්තේ ඩොල්පින් බ්‍රව්සරය හා ඊට අදාල addon එක පමණයි.uc browser එක මගින් සිදුකරන්නේ නම් uc tempermonkey යන addon එක ප්ලේස්ටෝරිය මගින් ලබා ගන්න
ඔයාලට මොකක් හරි ගැටලුවක් තියේනම් පහලින් කොමෙන්ට් කරන්න .පෝස්ට් එක හොඳයිනම් කොමෙන්ට් එකකින් ප්‍රතිචාරයක් දක්වන්නත් අමතක කරන්න එපා
ඔයාල ට බුදුසරණයි.ජයෙන් ජය

එකතුවන්න ඇන්ඩ්‍රොයිඩ් ගුරු facebook group සමග

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.