android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 19, 2015

xposed install කරමු(xposed triks 01වන ලිපිය)

ගොඩ දෙනෙක් facebook මගින් ඉල්ලීමක් කලා 'මචං' xposed module වලින් වැඩ කරන හැටි කියල දෙන්න කියල ඉතින් ඒ ඉල්ලිමට ගරු කරමින් xposed  ගැනත් ලියන්න කල්පනා කලා.මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නෙ xposed install කරල මොඩියුලයන් ස්ථාපනය කරගත හැකි අවශ්‍ය විදියට සකසා ගැනීම.xposed module වලින් කලහැකි වැඩ ගැන ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්.ඒ වගේ xposed සමග එන ජනප්‍රියම module එක වෙන xblast ගැන ලියැවුනු ලිපි ඕනතරම් සොයාගත හැකි නිසා අපි ඒ ගැන කතාකරන්න අදහසක් නෑ.ඊට වඩා ඉදිරියට කලහැකි අරුම පුදුම දේවල් අපි ඉදිරි ලිපි වලින් ලබා දෙනව.ඔක්කොටම කලින් xposed ගැන කථාකරමුකො.
                                                                                  අපි අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක් මීලදිගන්නා විටදි ඵම දුරකථනයට නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් තමයි තියෙන්නේ. මෙය දුරකථන නිෂ්පාදන  සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයකට SONY හා  SAMSUNG යන දුරකථන සමාගමිවල  ඵකම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇති  දුරකථන දෙකක් රැගෙන සසදා බැලුවහොත් ඔබට පෙනෙවි ඵම දුරකථන වල ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධති වල ඇති පහසුකමි හා පසුතල අතර ඇති වෙනස,
                                           ඉතින් මෙන්න මේ වෙනස නැතිනමි දුරකථන භාවිතා කරන අයගේ රැචිකත්වය නිසා තමයි බොහෝ දෙනෙක්  ඵකම දුරකථනට සමාගමක දුරකථන භාවිතා කිරිමට හේතුව, ඵක් අයෙක් SONY වලට කැමතියි, තවත් අයෙක්  SAMSUNG වලට කැමතියි, මේ කැමැත්ත ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි,  ඉහතින් කිවිවා වගේ ඵ් ඵ් සමාගමිවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියේ ඇති පහසුකමි හා පෙනුම .

නමුත් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වලට දුරකථනය නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය (stock rom)වෙනුවට අපට අවශ්‍ය ආකාරයේ පහසුකමි හා පෙනුම ඇති,කස්ටොමි රොමි (custom rom ) ඵකක් දුරකථනයට ස්ථාපනය කර භාවිතා කල හැකි බව, සාමාන්‍ය යෙන් කස්ටොමි රොමි (custom rom ) ස්ට්‍රොක් රොමි (stock rom)වලට වඩා වේගවත්, ඵ් වගේම බෙහෝ පහසුකමි ඇතුලත් වෙනවා.

ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබ භාවිතා කරන ස්ට්‍රොක් රොමි (stock rom) හෝ  කස්ටොමි රොමි (custom rom ) යන ඕනම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් අපට අවශ්‍ය අකාරයට ඇතුලත් කිරිම හා වෙනස්කමි කිරිම කල හැකි, මොඩියුලයන් බොහෝ ප්‍රමාණයක් අඩංගු Xposed Framework ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්නා අකාරයයි. මේ සඳහා පහත අවශ්‍යතාවන් ඔබේ දුරකතනයේ සපුරා තිබිය යුතුයි.

***ඔබේ ජංගම දුරකතනය root (මූල) කර තිබිය යුතුයි.
*** 4.0 හෝ ඊට වඩා ඉහල සංස්කරණයක් වියයුතුයි.
ඔය අවශ්‍යතා දෙක තමා මූලික වශයෙන් අවශ්‍ය වන්නෙ.දැන් පහල ලින්ක් එකෙන් ගිහින් xposed install කරගන්න.ඉන්ස්ටෝල් කිරීමේදි පහත පිංතූර වලින් දක්වා ඇති ක්‍රමවේදය අනුගමනය කරන්න.

*** xposed installer go to page***


04.පියවර





05.download ගිහින් අවශ්‍ය මොඩියුලයක් තෝරා ගන්න
06.මොඩියුලය download කර ඉන්ස්ටෝල් කරගන්න.එය open කිරීමට පෙර නැවත xposed තුලට එන්න.
07.පියවර.





හරි ඔබ දැන් සාර්තක ලෙස xposed ස්තාපිත කොට තිබෙනවා වගේම module එකක් එක් කරන ආකාරයත් පැහැදිලි ඇති.මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය තමා xposed ස්තාපනයේ පටන්ම මොඩියුල එක්කිරීමේ දීත් මොඩියුල මගින් සිදුකරන සෑම වෙනස් කමකදීමත් ඔබ ඔබේ දුරකතනය නැවත පනගැන්වීම(reboot/restart) කලයුතුමයි.
       අපි ඉදිරියේදි මොඩියුලයන් සමග වැඩ කරන ආකරය පැහැදිලි කරනවා.අපි ගාව තියෙනවා මුදල් ගෙවා ගතයුතු module අපි ඒවා ඔබට දෙන්නෙ නිකං.දුරකතන යේ ඉමි අංක වෙනස් කිරීම් ,වෙගය වැඩි කරන ක්‍රම satusbar triks.nofitication bar triks. ඇතුලු බොහෝ වැඩ රාශියක් ඉදිරියේ දි බලාපොරොත්තුවන්න .ඊට ඔබගේ ප්‍රතිචාරයයි අවශ්‍ය .,කොමෙන්ට් එකකින් ඔබේ අදහස් දක්වා යන්න අමතක කරන්න එපා

6 comments:

  1. Link eke tiyena exposed 1 install wen na.
    LG G flex korean model

    ReplyDelete
  2. ලින්ක් එක වැඩ නෑ බං

    ReplyDelete
  3. ලින්ක් fix කර ඇත දැන් උත්සහ කර බලන්න.ස්තූතියි

    ReplyDelete
  4. Mchn xpod install eth open krma mhma 1 watenwa xpod not campatible ure andriod sdk version kiyla..mekta mokda krnne

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.