android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Monday, July 20, 2015

gestures වලින් වැඩ දාමු (xposed triks ලිපි අංක03)

Xposed ලිපි මාලාවෙ තුන් වැන්න.මෙයත් playstory මගින් මුදල් ලබාදී ගතයුතු සේවාවක්.බය වෙන්න දෙයක් නෑ .අපි දෙන්නෙ නිකන්.gestures ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.මොකද මීට කලිනුත් අපි මේ වැඩේ කරන්න පුලුවන් ඇප් දීල තියෙනවනෙ.නමුත් මේක විශේෂ කරුණුකීපයකින් සාමාන්‍ය gestures ඇප් එකකට වඩා වෙනස් වෙනවා.මෙහි ඇති ප්‍රධානම වාසිය මෙහි ප්‍රමාණය 553kb වීම.ඒ වගේම මේකට slow වීමක් සිදුනොවනව වගේම අපේ විධානයට ඉතා ඉක්මන් ප්‍රතිචාරය ලැබෙනවා.නමුත් මෙහි ඇති සමහර ඔප්ෂනයන් ක්‍රියාත්මක වන්නෙ AOSP ROM එකකට පමණයි.බට් අපිට ඕනම රොම් එකකින් මෙහි ඇති සේවාවන් බොහොමයක් ලබාගත හැකියි.මෙය පහල ලින්ක් එකෙන් නොමිලේ බාගන්නකෝ .


*** Clike here download xposed module 03 ***


මම නම් හිතන්නෙ මෙවැනි සේවාවක් රූට් කල දුරකථනයක තිබිය යුතුමයි.මන්ද මෙමගින් අපට අවශ්‍ය ඇප් අතර ක්ෂනික හුවමාරු වීම් වලට back,prew,next,up,down වලට ස්ක්‍රීන් ලොක්,ඕෆ් වැනි නිතර භාවිත වන අවශ්‍යතා වලදී අපේ පෝන් එකේ තියෙන බට්න් වල පැවත්මත් තහවුරු කරන් ස්ක්‍රීන් එකේ ටච් කිරීම් ඇතිල්ලීම් මගින් වඩා කාර්‍ය්ක්ෂමතාවයකින් යුතු සේවාවක් මෙමගින් ලැබෙන නිසා.මෙහිදී ඔබ සැලකිල්ලට ගත යුතු කරුණ තමා මෙමගින් සියල්ල එකවර වෙනස් නොකිරීම එහෙම කරන එකේ වැරද්දක් නෑ නමුත් සියල්ල එකවර වෙනස් කල විටකදී ඔබේ මතකයෙන් ගිලිහෙනවා ඔබ සිදුකල වෙනස් කම් පිලිබඳව.ඒකෙන් වෙන්නෙ ඔබට අමතක වීමකින් හෝ වැර්දීමකින් සිදුවන් ඇතිල්ලීම් වලට එය ප්‍රතිචාර දැක්වීම නිසා මෙය ඔබට හිසරදයක් වේවි.හිතන්නකෝ ඔබ ඇඟිලි 2ක් තිරයමත ස්පර්ශ වීමෙදී screen off වීමට සැකසුවා කියා.ඔබ සියලු වෙනස් කම් එකවර සිදුකොට ඇත්නම් ඔබේ මතකයේ එය නොතිබිය හැකියි.ඉතින් ඔබ යම් වැඩක නිරතව සිටියදී යම් හෙයකින් ඇඟිලි 2තිරය මත තැබූ සැනින් එය ඕෆ් වේවි.ඒක නිසා දෙකතුනක් වෙනස් කොට එය අතට හා ඔබේ මතකයට හුරුවූ පසු තවත් වෙනස් කම් කීපයක් කරන්න.එවිට ඔබට මෙම ඉතා අගනා සේවයේ වටිනාකමත් ප්‍රයෝජනයත් මැනවින් වැටහේවී.
           
                                මෙමගින් ඔබට ඇඟිලි එකක් දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් වගේම ඒ එකින් එකටම ලෙෆ්ට් රයිට් අප් ,ඩවුන් ,ආදී වශයෙන් ද ටච්,ලෝන්ග් ටච්,ඇතිල්ලිම්.ඩබල් ටැප් ආදී වශයෙන්ද මෙම gestures සේවාවෙ වෙනසකම් සිදුකර ගත හැකියි.මේකත් ඉතින් xposed module එකක් සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරන ක්‍රමයම අනුගමනය කරන්න.ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් නොකර xposed ගිහින් මොඩියුල් ගිහින් ටික් එක දාල reboot කරගෙන අදාල වෙනස්කම් කරගන්න.මෙහිදී අනෙක් ඒවායේ මෙන් මෙම gestures විදාන ලබාදීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වීමට reboot කිරීම අනිවාර්‍ය් ය නැතත් වඩා හොඳ සේවයක් ලබාගැනීමට සෑම වෙනස්කමක් අවසානයේදීම reboot කරන්න.මේකෙ gestures විදාන ලබාදියයුතු ආකාරය සරල විස්තර කිරීම් අනවශ්‍යයි.මොකද මෙය එතරම්ම සරල නිසා.අවශ්‍ය ස්තානයට ගිහින් ඒ ක ඔන් කරල ලෙෆ්ට් රයිට් වගේ තියෙන තැනක් ක්ලික් කරල අවශ්‍යතාව තෝරල දීල reboot කරල ගන්න තමා තියෙන්නෙ.පහලින් දාන පෝටෝ ටික බලන්න.ඒවයින් ඇප් එකේ විස්තර හා ලබාගත හැකි පහසුකම් හා සේවාවන් පිලිබඳ සැලකිය යුතු අවබෝධයක් ඔබට ලැබේවි.ගැටලුවක් වුනොත් මගෙන් අහගන්න.කොමෙන්ට් එකකින් මෙම ලිපිය පිලිබ්ඳ අදහසක් ලියා යන්න.
















1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.