android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, September 12, 2015

ඇන්ඩ්‍රොයිඩ් එකෙන් චිත්‍ර කතා හදමු.(rage maker comic & trall face)



Facebook එකේ සැරිසරන ඔයාලට මෙවැනි comic (චිත්‍ර කතා) කොතෙකුත් දකින්න ලැබෙනවානෙ.ඕව දැක්කාම තව කවුරුහරි හදපු එකක් ඔයාල දාගෙනනෙ යාලුවො අතරෙ බෙදාගන්නෙ.අද ඉඳල ඔයවගේ කතා අපිම හදාගමු.හැබැයි මේක සිංහලෙන් මම ටයිපින් වලින් අත් හදා බැලුවෙ සිංහල අන්තර් ගත කරන ලද දුරකතනය ක පමණයි.සිංහල සහාය නැති පෝන් එකක තාම බලන්න බැරි උනා.නමුත් ඔබේ දුරකතනය තුල සිංහල සහය නොමැතිව සිංහලෙන් ටයිප් කල නොහැකිනම් මෙහෙම දෙයක් ඔබට කරන්න පුලුවන්.මේකෙන් පිංතූර ටික විතරක් අවශ්‍ය ආකාරයට සකස් කොටගෙන save කරගෙන picsart මගින් ඔබට සිංහල වචන ටික දාගන්න පුලුවන්.සිංහල සහය තිබේනම් කිසිම ගැටලුවක් නොමැතිව මේකෙන්ම වැඩේ කරගන්න පුලුවන් .මේ ඇප් එකතුල මෙවැනි comic ,trall face 500කට අදික ප්‍රමාණයක් තියෙනවා වගේම අවශ්‍යනම් ඔයාගෙ ගැලරි එකේ පෝටෝස් ඇඩ් කරලත් මෙවැනි කතා මෙමගින් සැකසිය හැකියි.දැන් පහල ලින්ක් එකෙන් ගිහින් මෙම ඇප් එක download කරගෙන දුරකතනය ට ස්තාපනය කරගන්න.

*-*-*comic maker free download *-*-*

ඔබට පලමුව මෙවැනි තිරයක් ලැබේ.උඩින් ඔය ඉරි තුනක් තියෙන රවුම ක්ලික්කරහම මේන් menu එකට යන්න පුලුවන්

මේ තියෙන්නෙ මෙනු එක.ඇඩ් ඉමේජ් වලින් කැමති ඒවා ඇඩ් කරගන්න අවශ්‍ය ආකාරයට ලොකු කුඩා කිරීම් කල හැකියි.setting- වලින් ඔය කොටුගනන වෙනස් කරන්න පුලුවන්.pen color එකෙන් ටයිප් කරන අකුරුවල පාට වෙනස් කරගන්න.එකින් එක ඔප්ෂන් ඔයාලම අත් හදා බලන්නකෝ

යටින් තියෙන අත් ලකුණ ක්ලික් කරහාම මේවගේ ඔප්ෂන් එකක් එයි.ඒකෙන් තමා අපි කලයුතු වැඩ අතර මාරු වෙන්නෙ.ඒ කියන්නෙ ටයිප් කර්ද්දි ටයිපින්ග් මූඩ් එකේ සිටියයුතුයි.පිංතූර ඇඩ් කරද්දි අත් ලකුනට එන්න ඕන පැහැදිලිනෙ.

ඇඩ් ඉමේජ් ගිහින් ඔය වගේ ඕන එකක් තෝරගන්න.අවශ්‍ය ආකාරයට ලොකු කුඩා කරගන්නත් පුලුවන්


අකුරු ටයිප් කරන්න type mode එන්න.අකුරු වල පාට වෙනස් කරන්න අකුරු වර්ගය තෝරන්න main menu  එකට පිවිස සිදු කල හැකියි.

ටයිප් කරන්න කොටුවක් උඩ ක්ලික් කරන්න මෙහෙම එයි.

 දැන් ටයිප් කරන්න.සිංහල ටයිප් කරන්න helakuru කීබෝර්ඩ් භාවිත කල හැක




*********************************************************************************

ඇප් භාගත කිරීමේ උපදෙස්.අදාල ලින්ක් එක ක්ලික් කොට එන පිටුවේ තප්පර 5 රැඳීසිට skip Add ක්ලික් කරන්න.පහත රූප බලන්න.


Skip add ක්ලික් කල ගමන් apk  ගොනුව ඩව්න්ලෝඩ් වේ.thank u welcome




4 comments:

  1. සිදුවූ වැරදීමක් හේතුවෙන් නියම ඇප් එක වෙනුවට වෙනත් ඇප් එකක් ලබදී තිබුනි.නමුත් මේ වන විට එම වරද නිවරදි කොට නියම ඇප් එක බාගත කිරිමට හැකියාව සලසා ඇත.සිදුවී තිබු වැරද්දට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.