android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, September 13, 2015

wifi router එකට ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ලොග් වෙන හැටි මෙන්න.


අද ඔයාලට දෙන්නෙ තවත් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්.හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නෙ වයිෆයි රවුටරයක්
තියෙන අයට තමා.මේකත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මේකෙන් පුලුවන් ඔයාලගෙ වයිෆයි රවුටරයේ ප්‍රොෆයිල් එකට ඇන්ඩ්‍රොයිඩ් එකෙන් වයිෆයි හරහාම ලොග් වෙන්න.සාමාන්‍යයෙන් රවුටරයෙ ඩේටා කේබල් එක පරිගණයට සම්බන්ද කරල ලොග් වෙනවා වගේම මෙහෙම ලොග්වෙලත් ඔයාලට රවුටරයේ සියලු වෙනස්කම් සිදුකරන්න පුලුවනි.මම මේ  ඇප් එක චෙක් කලේ මගෙ ගාව තියෙන රවුටරයෙන් ඔය උඩ පොටෝ එකේ පලවෙනියට තියෙන රවුටරය මගෙ එක වගේ එකක්.මම හිතන්නෙ මේක හැම රවුටරයකටම වැඩ කරනවා.හැබැයි මේකට ලොග් වෙන්න නම් ඔයා රවුටරය තුලින් එන වයිෆයි සමග දුරකතනය connected වී තිබිය යුතුයි.ඒ වගේම රවුටරයේ ලොගින් පාස්වර්ඩ් එකත් දැන සිටිය යුතුයි.මේ ලොගින් පාස්වර්ඩ් කියන්නෙ වයිෆයි සමග connect වෙන පාස්වර්ඩ් එක නෙවෙයි.රවුටරයෙ ප්‍රොෆයිල් එකට ලොග්වෙන පාස්වර්ඩ් එක.මේක ගොඩක් වෙලාවට ඇත්තෙ  default පාස්වර්ඩ් එකක්.ඔයා කලින් default password වෙනස් කර නැතිනම් ඒකම ඇත්තෙ.මේ default පාසවර්ඩ් එක රවුටර වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා.ඔය prolink එකේනම් default පාස්වර්ඩ් එක වෙන්නෙත් password කියන එකමයි.හරි ඊගාවට කරන දේවල් දැනගන්න කලින් අපි ඇප් එක බාගෙන ඉමු.



දැන් ඔයාට මේ වගේ පිටුවක් එයි.ඔයාට පුලුවන් id එක දීල connect with ip මගින් රවුටරයට ලොග්වෙන්න.නැත්නම්open router setting automatically  ක්ලික් කරල රවුටර් පාස්වර්ඩ් එකදීල ලොග් වෙන්නත් පුලුවන්.



දැන් මෙහෙම එයි.මේකට වයිෆයි රවුටර් ප්‍රොෆයිල් පාස්වර්ඩ් එක දෙන්න.ඔයා කලින් වෙනස් කර නොමැතිනම් ddefault පාස්වර්ඩ් එක දෙන්න.default password එක රවුටරය සමග ලැබෙන හඳුන්වාදීමේ පොතේ සටහන්කොට තිබේ.

 දැන් ඔබ රවුටරය වෙත පිවිසී ඇත.ඔප්ෂන් හරහා මාරුවීමෙන් අවශ්‍ය වෙනස් කම් කල හැකියි.මෙතැන් සිට ඔබ විසින් කිසියම් හෝ වෙනස් කිරීමක් සිදුකරන්නේ නම් එය මතකයේ රඳවා ගන්න.නැත්නම් පොතක සටහන් කොට තබාගන්න.

 මේ router සිම් පතෙහි ඇති cconnect list එකය.


මේ සිම් එකට පැමින ඇති sms ලිස්ට් එකය.


රවුටරයට මෙමරි කාර්ඩ් දමාතිබේනම් ඒ පිලිබඳ විස්තර මෙහි ඇතුලත් වේ.


මේ තමා වැදගත්ම ඔප්ෂනය.ඒ කියන්නෙ setting menu එක රවුටරයේ පාස්වර්ඩ් ,අයි ඩී, නම ඇතුලු සියලු වෙනස් කම් මේ තුලින් සිදුකරගත හැකිය.


මේ රවුටරයේ එකවුන්ට් සෙටින් අන්තර්ගතයය.රවුටරයේ default පාස්වර්ඩ් වෙනස් කරන්නෙ මෙතැනින්‍ ය.



රවුටරය පිලිබඳ විස්තරයක් මෙහි ඇතුලත් වේ.


ඔබ ඉහත සෑම පොටෝ එකම දැක්වෙන යටින් තියෙන අලුකොටුවතුල ඇති නිල්රවුම ක්ලික් කරාම මේ විදියට දිස්වේ.manage stored ppassword තුල අමතක වෙන පාස්වර්ඩ් තැන්පත් කල හැකිය.නමුත් එලෙස කිරීම නුවනට හුරු නොවේ.

*********************************************************************************






No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.