android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, November 1, 2015

කිසිම ඇප් එකක් නැතුව පෝන් එක ස්පීඩ් කරන විදිය මෙන්න.

අද අපි කියල දෙන්නෙ පොඩි ට්‍රික්ස් එකක්.ඔයාලට මතක ඇතිනෙ අපි කලින් දුන්න greenify, purify , hibernate වගේ ලිපිටික ඒ ඇප් හරහා අපිකලේ ඇප් ස්වයංක්‍රීයව වැඩ කරන එක නවත්වන එක.ඔබ විසින් යම් ඇප්ලිකේසන් එකක් විවෘත කරල එයින් ඉවත් වුනත් එය දුරකථනයේ රැම් එකතුල තවදුරටත් වැඩ කරන බව ඔබ දැන සිටියාද ඒක බලන්න setting- appsetting- running වෙත යන්න බලන්න ඔබ වැඩකරපු ඇප් සියල්ලම ඒ තුල දුවනවා.ඒකෙන් වෙන්නෙ ඔයාගෙ දුරකථනය තුල එම ඇප් වලට අනවශ්‍ය ලෙස රැම් ධාරිතාව ලබාගෙන රැම් එකේ free ප්‍රමාණය අඩුවීම නිසා දුරකථනය ඉතා මන්දගාමි(slow) වීම හා බැටරි ආයුකාලය ඉතා අඩුවී ඉතා ඉක්මනින් බැටරිය බැස යාමයි.මොකද්ද ඔබ මීට විසඳුම ලෙස මෙතෙක් භාවිතා කල ක්‍රමවේදය මේ තත්වය මග හරවාගැනීමට.මේ සඳහා විවිධ විසඳුම් අපි මීට පෙර ලබාදුන්නා ඔබට මතක ඇති.රූට් කරපු අයට greenify හා purify ප්‍රදාන වූ අතර  රූට් නොමැති අය වෙනුවෙන් hibernate කියල ඇප් එකකුත් අපි මීට පෙර හඳුන්වා දුන්නා ඔබට මතක ඇති.නමුත් එම ඇප් මගින් ගොඩක් දුරට මේ තත්වය සමනය කිරීමට හැකිවුවත් එම ඇප් රන්වීමට ත් සැලකිය යුතු රැම්ධාරිතාවක් ලබාගන්නවා.අන්න ඒ නිසා ඔබේ දුරකථනය තුල මේ ක්‍රියාවලිය සිදුකිරීමට යම් ක්‍රමවේදයක් දුරකථනය තුලම අන්තර්ගතව තිබෙන බව ඔබ මෙතෙක් කල් දැන සිටියේද?

                 ඔබේ දුරකථනය රූට් කර තිබුනත් නැතත් දුරකථනයේ වේගය සැලකියයුතු වේගයක් ලබාදීමටත් බැටරි ආයු ප්‍රමාණය සැලකිය යුතු කාලයක් රඳවා තබා ගැනීමටත් මෙය උපකාරී වේවි.නමුත් මෙය සිදුකිරීමට ඔබේ දුරකතනය තුල පිහිටි තහනම් කලාපයකට යන්න ඔබට සිදුවෙනවා.හොඳින් මතක තබාගන්න අප විසින් කියන කොටස හැර වෙනත් කිසිදු වෙනස් කමක් මේ තුල සිදුකරන්න යන්න එපා.එහෙම කරනවනම් ඔබ කරන දේ පිලිබඳව නිසි අවබෝධයක් ඇතුව කරන්න වගබලාගන්න.

මේක තමා DEVOLPER OPTION කියන්නෙ.මේක තියෙන්නෙ SETTING මෙනු එක තුල දුරකථන වර්ගයෙන් වර්ගයට SETTING මෙනුවේ මෙය තිබෙන ස්තානය වෙනස් වෙනවා.සමහර දුරකථන වල SETTING මෙනුවෙ ප්‍රධාන OPTION එකක් ලෙසද සමහර දුරකථන වල SECURITY OPTION තුලද සමහර දුරකථන තුල APP SETTING තුලද මෙය ඇතිබව මා දැක තිබෙනවා.වෙනත් ස්තානයක තියෙන්නත් පුලුවන්.ටිකක් හොයල බලන්න .මෙය සෑමදුරකතනකයකම පවතින SETTING OPTION එකක් වුවත් අපට අවශ්‍ය කරන කොටස් පැරණි ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් සමහරක නෑ.ඒ වගේම සමහර දුරකතන වල මෙම SETTING MENUWA සඟවා තිබෙනවා.එය කොතනකවත් නොපෙන්වන ආකාරයට.එවැනි දුරකථනයක එය ලබාගන්න පහලින් දෙන ලින්ක් එකෙන් ගිහින් අපිදෙන WIDGET එක භාගත(DOWNLOAD)කරගන්න.මතක තියාගන්න මෙය ඇප් එකක් නොව WIDGET එකක් බව.මේක ඉන්ස්ටෝල් කලාට පස්සෙ ඒක යන්නෙ ඇප් වලට නොව WIDGET කොටසටයි.ඔබ දුරකතනයේ WIDGET වෙත ගොස් එය තෝරා තදකරගෙන සිටීමෙන් එය DISPLAY එක මතට ලබාගෙන DEVOLOPER OPTION වෙත පිවිසිය හැකියි.එහෙනම් මේ ඔප්ශන් එක SSETTING වල නැති අය විතරක් පහල ලින්ක් එකෙන් මේක බාගන්නකෝ .සෙටින්ග් වල මේක තියෙන කට්ටිය ඕන නෑ හොඳේ.

CLIKE HERE DDOWNLOAD DEVLOPER OPTION APK

මෙම ඔප්ෂන් එක ගැන අපි මීට පෙර ලිපි දෙකක් පලකලා.ඉන් එකක් තමා රූට් කිරීමට පෙර මෙහි ඇති USB DEBUNG ඔන් කලයුතු වීම.ඉතින් රූට් කරපු අයටනම් මේක ගැන මතක ඇති.දෙවෙනි ලිපියෙන් කිවුවෙත් දුරකථනය ස්පීඩ් කරගන්න ක්‍රමයක් ගැන ඒ ලිපිදෙකත් කැමතිනම් කියවන්නකො පහලින් ගිහින්.

*රූට් කරපු පෝන් එකට ලොවෙත් නැති ස්පීඩ් එකක් (පැරණි ලිපියකි)
*කොහොමද මචං රූට් කරන්නෙ (පැරණි ලිපියකි)
(මෙම පැරණි ලිපි දෙක සමග මෙම ලිපියට  සම්බන්ධයක් නොමැත.මෙම ලිපි දෙක DEVOLOPER OPTION භාවිතාකල වෙනත් අවස්තා දෙකකි)

හරි අපි දැන් බලමු මොකද්ද කරන්න ඕන කියල ලොකු දෙයක් නෑ.බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
මුලුන්ම SETTING -DEVOLPER OPTION කියන එක ඔන් කරල මෙනු එකට එන්න.

හරි දැන් මේ කියන කොටස මේලිපියට අදාල නෑ.අපි කලින් ලිපියෙන් මේක ගැන කතා කලා.මේ මාර්ක් කරල තියෙන කොටස සාමාන්‍යයෙන් තියෙන්නෙ 1× විදියට ඒක .5× විදියට වෙනස් කලාම ඔයාගෙ පෝන් එක තරමක් ස්පීඩ් වෙනවා.




දැන් අපි කතාකරපු කොටස තමා මේ.මේක තෝරල ක්ලික් කරන්න.


දැන් මෙහෙම එයි.STANDARD LIMIT කියල තමා සාමාන්‍ය විදියට තියෙන්නෙ ඒක ඔය රවුම් කරල තියෙන NO BACKGROUND PROCESSES කියන එකට මාරු කරල ඔය ඔප්ෂන් එකෙන් අයින් වෙන්න.දැන් රී ස්ටාර්ට් පාරක් දාලා බලන්න ඔව් ඔබට අදහාගත නොහැකි ස්පීඩ් එකක් ඔබේ දුරකථනය ට ලැබිලා ඇති.


ඔව් ඔය ටික විතරයි කරන්න තියෙන්නෙ එහෙම කියල ලිපිය ඉවර කරන්න බෑ මට.මේකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් ඔයා යම් ඇප් එකක වැඩකරන කොට අනෙක් ඒවා රැම් එකේ දුවන එක නවත්වල මුලු බලයම ඔබේ වැඩකරමින් පවතින කොටසට ලබා දෙනවා.ඒක නිසා තමා ඔය තරම් ස්පීඩ් වෙන්න හේතුව.ඔයා වැඩකරමින් ඉන්න ඇප් එකෙන් ඉවත් වුනු විගසම ඒක බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් වෙන එක දුරකතනය විසින්ම නවතා දමනවා.ඕනම බල වන්තයකුගේ පොඩි හරි දුර්වලතාවයක් තියෙනවා කියල කියමනක් තියෙනවා අහල ඇතිනෙ අන්න ඒවගේ මේ වාසියම අපට අවාසිවෙන වෙලාවලුත් තියෙනවා.ඒ කියන්නෙ මේකෙ තියෙන පොඩි දුර්වල කමක්.දුර්වල කමක් කියනවචනෙ මෙතනට ගැලපෙනවද මන්ද වෙන වචනයක් එන්නෙ නෑ බන් ඔලුවට .හරි මේකයි කාරනේ අපිට් මේක ඉතාමත් වාසි සහගතයි වගේම අවාසි වෙන වෙලාවලුත් තියෙයි.
ඒ කියන්නෙ මේක මේ විදියට මාරුකරාම ඇප් එකක් මිනිමයිස් කරන්න බෑ.මිනිමයිස් වුනත් ඇප් එක නවතිනවා.ඒ කියන්නෙ උදාහරණයක් විදියට ඔබ මේ සෙටින්ග් සැකැස්ම මේ විදියට සැකසීමෙන් පසු FACEBOOK පිවිසිලා ඔබ පොටෝ එකක් අප්ලෝඩ් කරනවා කියල හිතමුකො ඔයා FB ඉමේජ් අප්ලෝඩ් ක්ලික් කරාම පොටෝ එක අප්ලෝඩ් කරන්නෙ කොහෙන්ද අහනවනෙ.ඔබ දෙනවා ගැලරිය කියල ගැලරියට ගිහින් පොටෝ එක සිලෙක්ට් කරල එන කොට FACEBOOK EXIT වෙලා.අන්න ඒවගේ අවුල් තියෙනවා.ඔයා ෆේස්බුක් එකේ ඉඳන් ගැලරියට ගියාම FACEBOOK නවතිනවා.කියපු දේ පැහැදිලිනෙ.මේකෙන් ඔයා වැඩකරන ඇප් එක විතරයි දුවන්නෙ අනික්වා නවත්වනවා.
ඔයා බ්‍රවුසරේ ඉඳන් ප්ලේස්ටෝරියට ගියොත් බ්‍රවුසරේ නැවතිලා.

මේ  තත්වය GREENIFY ,PURIFY වලත් තියෙනවා.නමුත් ඒවයේ අපි තෝරන ඇප් තමා එහෙම නවතින්නෙ.ඒ කියන්නෙ අපට තීරනය කල හැකියි නැවත්විය යුත්තේ මොනවද කියලා.මේකෙ එහෙම බෑ.

ඔයාට එවැනි අවස්තාවක නැවත එම ඔප්ෂන් එකට ගිහින් සෙටින් සැකැස්ම නැවත මාරුකිරීමෙන් එය මගහරින්න පුලුවන්.ඒ වගේ   එක ඇප් එකක සිට තවත් ඇප් එකකට   නිරන්තරයෙන් මාරු නොවන කෙනෙකුට මේක බොහොම වටිනවා...දුරකතනයේ ස්පීඩ් කරන්නත් බැටරි ඉක්මනින් බහින එකටත් ඉතා සාර්තක විසඳුමක් මෙයින් ඔබට ලැබේවි.

ඔන්න එහෙනම් විස්තරේ  උඩින් පල්ලෙන් නොදා වාසි අවාසි දෙපැත්තම ඔබට   කිවුවා.ඔබේ අදහසත් කොමෙන්ට් කරන් යනවනම් ගොඩක් වටිනවා...ගැටලුවක් ආවොත් ඒකත් අහන්නකෝ.

13 comments:

  1. a devlopper option hiddn klm app oni ne gnn.setting wl about 4n ghn build nmber ek clic klm 5 prk hiddn nthi wnw nd

    ReplyDelete
  2. පට්ට ,තැන්කූ බ්‍රෝ,,හම්මා,,දැන්නම් ෆෝන් එකේ batryth ඉඉතුරුයි,,,slow වෙන්නෙත් නෑ වැඩිය,,එල thanx thanx thanx thanx

    ReplyDelete
  3. Niyamai aiye.....thawa me wage dewal kranna shakthiya labewa.........

    ReplyDelete
  4. Niyamai aiye.....thawa me wage dewal kranna shakthiya labewa.........

    ReplyDelete
  5. පට්ට බන් නියම පොස්ට්

    ReplyDelete
  6. Admin mamath website ekak karanawa ekata oyage post walin podi podi dewal gannam...ok...

    Web site eka... Www.mwrap.tk

    ReplyDelete
  7. Admin mamath website ekak karanawa ekata oyage post walin podi podi dewal gannam...ok...

    Web site eka... Www.mwrap.tk

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. Comment වලට පට්ට තෑන්කූ😀

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.