android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, June 11, 2015

හැමෝම දන්න කොරියන් පෝන් ගැන නොදන්න පැත්ත මෙන්න.


කොරියන් ෆෝන් ගැන හරියට දැනගනිමු.
ශ්රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.

දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........
මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV- EXXX US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්.
මොනවද ඒ company????

1. SK Telecom
2. Korean Telecom
3. LG U+ Corporation

SK Telecom company එකෙන් තමයි Anycall (ශ්රි ලංකාවේ ගොඩක් ප්රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.

Anycall


Olleh


LG U+


සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)


එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.




උදාහරණ

S >>> SHW-M110S

S2 >>> SHW-M250S, SHW-M250K

S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-
E110L

S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-
E120L

S3 >>> SHW-M440S, SHW-M440K

S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-
E210L

S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-
E300L

S4 Lte-A >>> SHV-E330S

Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-
E160L

Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-
E250L

SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි.
Original Korean දුරකතනවල Ariel එකක් තියෙනවා. Ariel එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්රමයක්. Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර) තියෙන්නේ Original Korean version විතරමයි. Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි
කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea)
නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ. අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ. අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups
වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea"
හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි
බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න. ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No.
එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි. වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක??? මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක

3 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.