android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, June 20, 2015

ඉක්මනින් බැටරි බහින එක නවත්වමු


ඔබේ Android දුරකථන බැටරියේ ආයුකාලය දිගු කරගැනීමට වටිනා උපදෙස් කිහිපයක්...



අද වනවිට ලෝකයේම Android Smart දුරකතන පරිහරණය වේ! ඒවායෙහි තාක්ෂණය ඉතාමත් දියුණු මට්ට්මක ඇති නිසා කාර්යයන් බොහෝ එමගින් ඉටු කරගත හැක! නමුත් අවාසනාවකට එහි බැටරි බලය සීමා සහිත වේ! එය එසේ සිදු වන්නේ එම දියුණු දුරකතන තුල සිදුවන බොහෝ ක්‍රියාවලි සදහා නිරන්තරයෙන් බැටරි බලය ඒ සදහා වැය වීමයි! උදාහරණ ලෙස ( Network,Brightness,Wifi, Running Softwares,GPS )

1) ඔබේ දුරකතනයේ වැඩිපුර වැයවන මෘදුකාංග හා විශේෂාංග නිරික්ෂණය කිරීම!

මේ සදහා ඔබ Settings>Battery වෙත ගොස් එහි දැක්වෙන ස්ථාපනය කර ඇති මෘදුකාංග හා විශේෂාංග වලට වැයවෙන බැටරි බලය බැලිය හැක!  මෙමගින් ඔබ භාවිතා නොකරන බැටරි බලය ක්ෂය වන මෘදුකාංග හා විශේෂාංග ඔබට
ක්‍රිය විරහිත කලහැක!

2) විවිධ මෘදුකාංගවල ස්වයංක්‍රීය දැනුම් දීම් ( Notifications) ක්‍රියාවිරහිත කිරීම!

Facebook,Twitter,Email වැනි මෘදුකාංගවල ඇති ස්වයංක්‍රීය දැනුම්දීම්  Manual කරගැනීමෙන් ඔබට පෙරටත් වඩා ඔබේ බැටරිය බොහෝ වේලා තබා ගත හැක!

3)අවශ්‍ය නොවන තරංග ජාල(Radios Networks)ක්‍රියාවිරහිත කිරීම!

නවීන දුරකතන වල ඇති LTE,NFC,GPS,Wi-Fi,Bluetooth වැනි ජාල අඩංගුය! මින් කිහිපයක්  Android දුරකතන වල ස්ථානය පාදක කරගත් ඒවා වන අතර ඒවා දුරකථනයේ පසුතලයේ( Background) ක්‍රියා කරයි!  එම නිසා
මේවා නිතර ක්‍රියාකාරි උවහොත් බැටරි බලය වේගයෙන් ක්ෂයවී යයි! ඔබට මෙම තත්වය පාලනය කරගැනීමට Power Management App(බල පාලක මෘදුකාංග) එකක් භාවිතා කල හැක! එමගින් ඔබගේ බැටරිය නිතර බැසීමකට ලක්
නොකර හානියක් නොවී දිගු කාලයක් තබා ගත හැක! මෙම මෘදුකාංගය ලබා ගැනීමට මෙතනින් යන්න!

4)Power Saving Mode භාවිතා කරන්න!

ප්‍රබල පෙලේ දුරකතනයක් වන Samsung s5 දුරකතනයේ  Ultra Power Saving සහ Extreme Power Saving mode යන බලය ඉතුරු කරගත හැකි විශේෂාංග පවතී! මේවායින් දුරකතනයයෙන් සිදු කරන කාර්යයන් සීමා
කොට වැඩි කාලයක් බැටරි බලය රදවා ගැනීමට ඉවහල් වේ!

5)පසුතලයේ ක්‍රියා කරන අත්‍යවශ්‍ය නොවන මෘදුකාංග හා විශෙෂාංග ක්‍රියාවිරහිත කිරීම!

Settings>Apps වෙත ගොස් ලැබෙන තිරයේ දකුණු පස ඔබට පසුතලයේ ක්‍රියාකරන මෘදුකාංග හා විශෙෂාංග බැලිය හැක! එමගින් ඔබට පසුතලයේ නිරන්තරයෙන් හෝ අවශ්‍ය නොවන මෘදුකාංග ආදිය මෙහිදී ක්‍රියාවිරහිත කල හැක!

6)ඉදිරිපස පසුතලයේ ඇති අනවශ්‍ය විසිතුරු විශේෂාංග,පින්තූර ආදිය ඉවත් කරන්න!    

Animated Pictures,Home Screen Gadgets වැනි දේ මගින් නියත වශයෙන්ම ඔබගේ දුරකතන බැටරියේ බලය ක්ෂය වීමට බලපායි!
එම නිසා ඔබට අවශ්‍ය නොවන ඉදිරිපස පසුතල විශේෂාංග ඉවත් කිරීම වැදගත් වේ!

7)දුරකතනයේ දීප්තිමත් භාවය(Brightness)අඩු කිරීම හා ස්වයංක්‍රීය දීප්තිමත්භාවය ක්‍රියාවිරහිත(Automatic Brightness)කිරීම!

මෙමගින් ඔබගේ Android බැටරියේ දිගු පැවැත්ම සදහා ඉතා වැදගත් වේ!

8)ඔබ ස්ථාපනය කර ඇති මෘදුකාංග යාවත්කාලීන කරන්න!(Software Update)

ඔබේ දුරකථනයේ ඇති මෘදුකාංග ආසන්න වෙලුමට යාවත්කාලීන(Latest Update)කර ඇත්නම් එම මෘදුකාංග වලට අඩු බැටරි බලයක් වැයවේ! එම නිසා ඔබ ස්ථාපනය කර ඇති සියලුම මෘදුකාංග යාවත්කාලීන කරගත යුතුය! බොහෝ
මෘදුකාංග ස්වයංක්‍රීයව යාවත්කාලීන වන අතර සමහරක් යාවත්කාලීන කරන ලෙස දැනුම් දෙයි! ඔබගේ මෘදුකාංග යාවත්කාලීන කරගැනීමට Google Play හි Menu එකට ගොස් My Apps ගොස් සිදු කරගන්න!

9)දුරකතනය අවශ්‍යම නොමැති වේලවකදී  Airplane Mode එකෙහි තබන්න!

ඔබේ දුරකතනයට Signal නොමැති අවස්ථාවකදී Signal අසුකරගැනීම සදහා වැඩි උත්සාහයක් ගනියි!මෙහෙදී ඔබගේ බැටරි බලය බොහෝ ක්ෂය වීමට ලක් වේ! එම නිසා එවන් අවස්ථාවකදී හෝ කෙසේවත් භාවිතා නොකරන අවස්ථාවකදී
ඔබේ දුරකතනය Airplane Mode එකට දැමීමෙන් බැටරි කාලය යම්තාක් හෝ දිගු කරගත හැක!

Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly

10)ඔබගේ දුරකතනයේ පසුතලය(Background Image) සදහා කලු පසුබිමක් සහිත රූපයක් යොදන්න!

කලු වර්ණය සදහා අඩු බැටරි බලයක් වැයවන නිසා එමගින්ද ඔබගේ Android දුරකථනයේ ආයු කාලය දිගු කරගත හැක!


Normally Smartphone වල, Normal phone වල දකින්න පුළුවන් ලොකුම අඩුපාඩුව විදියට Phone එකේ Battery එක ඉක්මනට dead වීම කියන්න පුළුවන්.

ඒකට ලොකුම හේතුව විදියට මම දකින්නේ Phone එක Charge කිරීමේදී නිවැරදි පියවරක් අනුගමනය නොකිරීමයි.

Battery එක charge කරනකොට Full charge කරන්න එපා.

මොකක්? ? ?

මේක තමයි ගොඩක් අය කරන එක වැරැද්දක්. ඉස්සර ගොඩක්ම භාවිතා කළේ Ni based battery නිසා ඒක අවුලක් වුනේ නෑ. නමුත් දැන් 90% කටත් වැඩිපුර තියෙන්නේ “Li” based battery නිසා ඒවා Full charge කරන්නේ නැතුව තියනවනම් හොදයි. ඒක නිසා Battery life එක අඩුවෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා.

(ගොඩක් නිෂ්පාදක අය තමන්ගේ Brand එක වර්ධනය කරගන්න 95% ට  පසුවත් Charge වීමක් පෙන්නනවා. නමුත් එසේ කිරීමේදී බැටරි ආයුකාලය අඩුවේ.)

Battery එක 10% ට අඩුවෙන් use කරන්නත් එපා.

මේක තමයි ඔයාලා වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ. 10% ක් කිව්වට 15% ක් වගේ වුනාට පස්සේ Battery එක use නොකර Phone එක Off කරලා තියන්න පුලුවන්නම් හොදයි.

සැලකිය යුතුයි:
දැනට 90% ක ගේම Battery එක හානි වීමට බලපා ඇති හේතුව මෙය වේ.



Charge කරනකොට Phone එක Off කරලා Charge කරන්න.

ඒකනම් එපා වෙනවා.

ඒකට ලොකුම හේතුව එකවර Charge වීම හා Discharge වීම යන දෙකම සිදුවීම නිසා Battery එකට හානි සිදුවීමයි.

මේකට හොද විසදුමක් විදියට තව Battery එකක් අරගෙන external charger එකක් use කරන්න පුළුවන්.

එහෙම කරන්නම දෙයක් නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. Task Manager වලින් දැනට open වෙලා තියන හැම Apps එකක්ම close කරන්න. ඊට පස්සේ Charge කරන්න. ඒ අතරතුර call ගන්න, message යවන්න වගේ කිසිම දෙයකට phone 1 use කරන්න එපා.

Overcharge කිරීමෙන් Battery එකට හානි සිදුවේ.

ගොඩක් අය රෑට phone එක charge එකට ගහලා නිදාගෙන උදේට තමයි unplug කරන්නේ. මේකෙදි Charger එක තුල ක්‍රියාත්මක වෙන Intergrated Circuity (IC) නමැති ගුණාංගය නිසා 100% charge වූ විට Charger එක මගින් charge වීම Automatically off වේ.

කොහොමද ඔයාගේ Charger එකේ IC function එක තියනවද කියලා බලාගන්නේ?

මේකට මුලින්ම Phone එක 100% charge කරලා පැය ½ ක් විතර තියෙන්න දෙන්න. දැන් අයෙත් පැයක් විතර  charge කරන්න. පැයකට පස්සේ charger එක අරගෙන බලන්න රත්වෙලා තියනවද කියලා. එහෙමනම් ඒ charger එකේ IC function එක නෑ. රත්වෙලා නැත්නම් හොදයි.

ගොඩක් සිතල වගේම ගොඩක් රස්නයක් ඇති තැනක Phone එක තියන්න එපා.


Charge කරද්දී Phone එක ගොඩක් රත් වෙනවනම්..
Normally phone එකක් Charge කරද්දී අනිවා රත් වෙනවා. නමුත් මේ කියන්නේ අසාමාන්‍ය ලෙස රත්වෙන phone වලට.

Step කිහිපයකට Charge කරන්න. (ටිකක් රත් වෙනකොට unplug කරලා ආයෙත් ටික වෙලාවකින් ආයෙත් charge කිරීම)

අලුත්ම Phone battery එකක් charge කලයුතු ආකාරය

Phone එක Off කරන්න.
පැය 3 ක් Charge එකට ගහන්න. (Full charge වුනාට කමක් නෑ)
Charger එක ගලවලා පැය 6 ක් තියන්න. (phone 1 on කරන්න එපා)
දැන් ආයෙත් පැය 3 ක් charge කරන්න.
දැන් phone 1 on කරලා use කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.

ලිපියේ අඩුපාඩු තියනවනම් කියන්න. (උපුටා ගැනීම Battery University website එකෙන්)

Android Phone එකේ Battery ආයුකාලය වැඩිකරගනිමු


Android Phone වල Battery ආයුකාලය ගැන ඉතිං කියන්න දෙයක් නෑනේ. මොනතරම් වටිනා Android Phone එකක උනත් Normal Use කරොත් බැට්‍රිය උපරිම දින 3ක් තියාගන්න පුළුවන්. Hard Use කරොත් ඉතිං දවසයි තමයි.

ඒත් අපි Phone එක Use කරන ආකාරය , Phone එකේ තියෙන Apps වගේ දේවල්  වෙනස් කරල Battery ආයුකාලය වැඩිකරගන්න පුළුවන්. මම එකින් එක කියල දෙන්නම්.

01. Phone එකේ තියෙන Apps.
  Apps ගැන කියද්දී සමහර ඒව තියෙනව බැට්‍රිය විශාල වශයෙන් භාවිතා වෙනවා. Phone එකේ Settings > Battery ගිහින් අපිට පුළුවන් ඒව මොනවද කියල බලාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ Apps භාවිතය අඩු කරන්න හෝ ඒ වෙනුවට වෙන ඒවා භාවිතා කරන්න.






02. Internet භාවිතය.
Internet යද්දි ඉතිං කොහොමත් Battery බහිනවනේ. 2G වලින් Internet යනවට වඩා 3G වලින් යද්දි වැඩිපුර Battery භාවිතා වෙනවා. ඒනිසා වැඩිපුර 2G වලින් යන එක බැට්‍රියට හොදයි. ඒවගේම තමයි Internet යන වෙලාවට විතරක් Mobile Data On කරල අනිත් වෙලාවට Off කරල තියන්න.

03. Wallpapers සහ Brightness.
Wallpapers ගැන කියද්දි Live Wallpapers වලට වගේම සුදු පාටට හුරු Wallpapers වලට බැට්‍රිය වැඩියෙන් භාවිතා වෙනව ඒ නිසා කළු පාටට හුරු Wallpapers දැමීම වඩා සුදුසුයි.
Brightness එක පුළුවන් තරම් අඩුකරල තියාගන්න. Auto Brightness දාන්න එපා. රාත්‍රියට වගේ Brightness එක අපේ Phone එකේ Settings වලින් දෙන අවම ප්‍රමානයටත් වඩා අඩුකරන්න පුළුවන් "Night Mode" කියන App එකෙන්.




ඒ App එක පහලින් Download කරගන්න.

{{Download Night Mode}}

04. Phone එක Charge කිරීම.

Phone එක Charge කරද්දි Original චාජරයම භාවිතා කරන්න. බොහෝ Android Device වලට එකම Pin එක තිබුනත් බැට්‍රියේ ඇම්පියර් ගණන Phone එක අනූව වෙනස් වන නිසා Phone එකට අදාල චාජරයම යොදාගන්න. 

ඒවගේම තමයි ඉක්මනින් Full Charge කරගැනීමට අවශ්‍ය නම් Phone එක Off කරල charge කරන්න. එහෙම නැත්නම් Flight Mode දාල Charge කරන්න.

ඔන්න ඔයවගේ දෙවල්  ගැන  සැලකිලිමත් උනොත් ඉතින් අනිවාර්යෙන්ම ඔයාගෙ Android Phone එකේ බැටරි ආයුකාලය වැඩිකරගන්න පුලුවන්

මාස 03කට    වරක් කැලිබ්‍රේට් කරන්න.


1. වැදගත්-
අඩුම වශයෙන් බැට‍රි මාස තුනකට වරක් වත් කැලිබ්‍රේට් කල යුතුය
• මුලින්ම බැටරිය 100% ආරෝපනය කර ගන්න
•ෆෝන් එක ක්‍රියාවිරහිත කරන්න. නැවත විනාඩි තිහක් පමණ ආරෝපණයකර ගන්න
•දැන් ෆෝන් එක ඔන් කරන්න
•බ්‍රයිට්නස් ලෙවල් එක සම්පූර්ණයෙන්ම වැඩි කරන්න
•බැටරිය ඉබේම බැහැලා යනකම් ෆෝන් එක පාවිච්චි කරන්න
•ආයෙත් 100%ආරෝපණය කර ගන්න
දැන් ඉතින් බැටරිය කැලිබ්‍රේට් කිරීම සම්පූර්ණයි

මේ විදියටත් කරොත් බැටරිය ඉක්මනින් බහින එකක් නෑ

1. Display එකේ පින්තූරය දානකොට අඳුරු පැහැ එකක් දාන්න.කලු පාටනම් ගොඩක් හොඳයි
2.Wifi/Bluetooth,Gps අවශය වෙලාවට පමනක් ඔන් කරන්න
3.ස්ක්‍රීන් රොටේෂන් ඔප්ෂන් එක ඩිසෙබල් කර තබන්න
4.බ්‍රයිට්නස් පුලුවන් තරම් අඩු කරලා පාවිච්චි කරන්න Auto දානවනම් ගොඩක් හොදයි
5.මොබයිල් ඩේටා අන්තර්ජාලයට පිවිසෙන කොට විතරක් ක්‍රියා කරන්න. මොබ‍යිල් ඩේටා ඔන් කිරීමෙන් නිතරම අන්තර්ජාලයට සම්බන්ද වීමට උත්සහ දරන නිසා බැටරිය ඉක්මනින් බැසීමට ඉඩ ඇත.



1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.