android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, August 23, 2015

රූට් කරපු පෝන් එකේ speed එක දසගුනයකින් වැඩිකරගන් PURIFY

ROOT කරපු පෝන් එකක් ඔයාටත් තියේනම් ඔයාගෙ පෝන් එක වේගවත් කලහැකි විවිධ ක්‍රම අතුරින් සාර්ථක ක්‍රම බොහොමයක් මචං වෙතින් මීට ඉහතදී දීපු බව මතකයිනෙ.ඉතින් අපි අද දෙන්න යන්නෙත් එලෙසින්ම සාර්තක වුනු තවත් ඇප් එකක් පිලිබඳ හඳුන්වාදීමක්.මේ ඇප් එකේ නම තමා PURIFY කියන්නෙ.මේක දුරකතනය තුල ස්තාපනය කල හැකි ක්‍රම 2ක් තියෙනවා.ඒ වගේම කින්ග් රූට් හෝ ESAY රූට් වැනි KINGUSER නම් රූට් පර්මිෂන් ඇප් එක සමග සමහර දුරකතන සඳහා පමණක් AUTO INSTALL වෙන ඇප් එකක් මේක .ඔබේ දුරකතනනයේ KINGUSER  පර්මිෂන් ඇප් එක නම් තිබෙන්නෙ මෙම ක්‍රමය මගින් PURIFY ඉන්ස්ටෝල් කරගත හැකියි. පලමුව කKINGUSER ඇප් එක ඕපන් කරගන්න.


දැන් ඔය 4වෙනි කොටුවෙහි ඇති kingmaster කියන එක ක්ලික් කරහම ඔබට එහි යටින් ඇති ඩවුන්ලෝඩ් යන්න ක්ලික් කිරීමෙන් මෙය ලබාගත හැකියි.

*ඔබේ දුරකතනය තුල kinguser නොමැතිව superuser හෝ වෙනත් රූට් පර්මිෂන් ඇප් එකක් නම් තිබෙන්නෙ ඔබට සිදුවෙනවා මෙය වෙනම මැනුවෙල් ඇතුල් කරන්න.ඒ සඳහා පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.





දැන් අපි බලමු මේක හදාගන්න හැටි.මුලින්ම purify ඔපන් කරන්න.

මෙය ස්තාපනය වීමේදීම සිස්ටම් ඇප් හැර අනෙක් ඇප් සියල්ල මෙහිග්‍රහණයට නතු වෙනවා.ඉතින් ඔබ ඕපන්කරපු ගමන් මෙය පවතින්නෙ poor කියල තැඹිලි පාටින් තමා ඔය නිල්පාට රවුම තියෙන්නෙ ඒක නිසා පලමුවෙන්ම ඔය නිල් රවුමට යටින් තියෙන deep purify කියන කුඩා කොටුව ක්ලික් කරන්න.එවිට මෙලෙස දිස්වී exsellent යනුවෙන් දිස්වේවි.
දැන් නැවත main page එකට ගිහින් දකුනු පස උඩ කෙලවරේ තියෙන setting අයිකනය ක්ලික් කර සෙටින්ග් මෙනුවට පිවිසෙන්න.පිවිසී පහල පොටෝ එකේ ඇති පරිදි ඔන් ඕෆ් කල හැකි තීරු 4ම ඔන් කර තබන්න.


දැන් එහි දෙවෙනි යට ඇති purify system යන්න ක්ලික් කර පහල දක්වා ඇති සෙටින්ග් මෙනුවට පිවිස සිස්ටම් ඇප් හා අනෙකුත් ඇප් පහල විදියට සිදුකරගන්න.ඇප් එකින් එක ක්ලික් කිරීමෙන් අවස්‍ය ඇප් ටික සිලෙක්ට් කරගන්න.



.
ඉහත දක්වා ඇති පරිදි සිස්ටම් ඇප් සිලෙක්ට් කිරීමේදී , නිරන්තරයෙන් ධාවනය විය යුතු ඇප් සිලෙක්ට් කිරීමෙන් වලකින්න.මම ඉහතින් උදාහරණයක් විදියට seeder පෙන්නුවත් seeder, playservice වැනි ඇප් සහ greenify, kinguser, ramවැඩිකිරීමට යොදාගන්න ඇප් වගේ ඒවා සිලෙක්ට් කරන්න එපා.මොකද මේකෙන් ස්වයංක්‍රීයවම ඒ ඇප් වල ක්‍රියාකාරීත්වය නවතාතබනවා.

පහල පොටෝ එකේ ඇති විදියට ඒ කියන්නෙ උඩ සෙටින්ග් මෙනුවෙ 4වෙනියට තියෙන තීරුව සිලෙක්ට් කරාම තමා මේක එන්නෙ මේකෙන් පුලුවන් ඉහතින් අපි සිලෙක්ට් කරන්න එපා කියපු ජාතියේ ඒවා ඇඩ්කලහම, මේකෙන් purify වීම සපුරා නවතිනවා.


ඊට අමතරව වැඩි වැඩ මුකුත් නෑ.ඕය ටික හදාගෙන ඇප් කිහිපයක එකදිගට වැඩ කරද්දි ටිකක් ස්ලෝ වගේ දැනුනොත් purify ඇප් එක ඕපන් කරල deep purify ක්ලික් කරාම කලින් පෙන්නපු විදියට exsellent වැටෙයි.ඉතින් බලන්නකෝ purify හි ක්‍රියාකාරීත්වය කොහොමද කියල.ඔයාගේ දුරකතනය ආයෙ ස්ලෝ වෙනවා බොරු.

වැදගත් වුනා කියල හිතෙනවනම් comment එකකින් අදහසක් ඉදිරිපත් කරල යන්න.



5 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.