android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, August 22, 2015

FACE BOOK GROUP MANAGE (කරදර කාරයින්ගෙන් මිදෙන්න)


අද අරන් ආපු පෝස්ට් එක FACEBOOK GROUP කරන අයට විශේෂ වුනු එකක්.ඔයාලත් FACEBOOK GROUP  එකක් කරනවනම් මේ ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.group එකක අයිතිකාරයෙක් නොවී සාමාජිකයෙක් වුනත් මේක වටිනවා.කොහොම වුනත් මේක දාන්න ප්‍රධානම හේතුව තමා fACEBOOK group මෙහෙයවන අය මුහුණදෙන ප්‍රදානතම ගැටලුවකට මෙයින් විසඳුම් ලැබීම.විශේෂයෙන් members ල හෙවත් සාමාජිකයින් වැඩි පිරිසක් ඉන්න එක මාතෘකාවක් හෝ කීපයකට පමණක් සීමා කර ඇති ගෲප් වල ඇඩ්මින්ල මුහුණදෙන ගැටලුවක් තමා තමන්ගෙ ගෲප් එක තුල අදාල නොවන වෙනත් පෝස්ට් පලකිරීම නිසා ගෲප් එක පිස්සගෙ පලාමල්ල වගේ වෙන එක නවත්වන්න මෙමගින් හැකියි.
                           සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධ ගෲප් එකක දේශපාලන එහෙමත් නැත්නම් 18+ වැනි කිසිසේත්ම අදාල නොවන පෝස්ට් දානවනම් යම් අයෙකු අපි කරන්නෙ එම පෝස්ට් එක ඩිලිට් කරන එක නමුත් ඔහු අවවාද නොතකා දිගින් දිගටම එවැනි පෝස්ට් පල කරන්නේනම් එවැන්නකු ගෲප් එකට හිසරදයක් නම් ඔහුට නැවත පැමිණිය හැකි ලෙස හෝ නැවත ගෲප් එක සමග සම්බන්ධ නොවිය හැකි ලෙස නෙරපා හැරිය හැකිබව ඔබ දැනටමටත් දන්නවා විය හැකියි.එම පහසුකම facebook මගින්ම ලබාදී තිබෙන එකක්.නමුත් මෙහිදී තිබෙන අප මුහුණදෙන ප්‍රදානම ගැටලුව ඇතිවන්නේ ඔහුව බ්ලොක් කිරීමට යාමේදි.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ගෲප් එක තුල බොහෝ පිරිසක සිටිනවනම්,අපි හිතමු 5000ක් විතර ඉන්නවා කියලා.අපේ මෙම්බස්ල ලිස්ට් එක තුල සිටින්නෙ නමට අනුව අකරාදි පිලිවෙලට ඒ කියන්නෙ a අකුරෙන් ඉන් අය මුලින්ම ඊගාවට b අකුරෙන් නම පටන් ගන්න අය ඒ විදියට ගිහින් සිංහල අකුරුවලින් තියෙන නම් පෙන්නන්නෙ අන්තිමට.එතකොට අපි හිතුවොත් yohan වගේ නමක් තියෙන කෙනෙක් ව.remove කරන්න හෝ බ්ලොක් කරන්න වුවමනානම් ඔහුසිටින්නෙ ලිස්ට් එකේ 4000 ට ආසන්නව විය හැකියි.දැන් අපි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ෆේස්බුක් ඇප් එක හෝ වෙනත් බ්‍රවුසරයකින් හෝ ඔහුව සොයා යනවනම් අපිට සිදුවෙනවා ඒ නම හමුවන තුරුම ලිස්ට් එකේ පහලට ගමන් කරන්න.ඉතින් එහෙම පහලට ගමන් කිරීමේදී ලංකාවෙ නිරන්තරයෙන්ම පවතින අදික ස්පීඩ් නෙට්වර්‍ර්ක් නිසා බොහෝවෙලා ඔබට එක තැන රැඳෙන්නත් සිදුවෙනවනෙ.එහෙම නොවුනත් ලිස්ට් එකේ 4000ක් පහලට ගමන් කරන්න පැයභාගයක්වත් යනවනෙ.නිරන්තර slow වීම් වලට ලක්වුනොත් පැයකට වැඩිකාලයක් යාවි.කොහොම වුනත් ඔය වගේ කට්ටක් කාල හරි තමන්ගෙ group එක පිලිවෙලට තියාගන්න අයත් ඉන්නවා.නමුත් ඉතින් අනිත් අය හැමදාම පෝස්ට් එකක් දාල කියනවා අදාලනොවන පෝස්ට් දාන අයව බ්ලොක් කරනවා ආපහුඑන්න බැරි  වෙන්න කියල.නමුත් දාන එකා දිගටම ඒවා දානවා ඇඩ්මින්ල දැම්මොත් බ්ලොක් කරනවා කියල බයකරනවා.ඒ වුනාට බ්ලොක් නොකරන නිසා දිගටම දානවා.
                     ඉතින් ඇයි බ්ලොක් කරනව කියල බ්ලොක් නොකරන්නෙ එහෙම නැත්නම් තාවකාලිකව හෝ ඉවත් නොකරන්නෙ ඒකට හේතුව තමා කලින් කිව්වා ව්ගේ ඒකට හෙන කට්ටක් කන්න ඕන.ඉතින් උන්ව බ්ලොක් කර කර ඉන්න ගියොත් 10 දෙනෙක් බ්ලොක් කරන්න මාසයක්වත් යයි.කියල නිකන් ඉන්නවා.ගොඩක් වෙලාවට පෝස්ට් එක විතරක් delet කරල නිකන් ඉන්නවා.අරූ ආයෙ ආවහාම ආපහු දාල යනවා ඇඩ්මින් ආපු ගමන් පෝස්ට් එක ඩිලිට් කරනවා.අරූ ආපහු දානවා ඕක තමා වෙන්නෙ හැමදාම.
     

ඉතින් ඕක තමා ගෲප් කරන ඇඩ්මින්ල මුහුන දෙන ප්‍රදානම ගැටලුව.ඔය ගැටලුවට වගේම තවත් පහසුකම් රැසක් සහිත සුපිරිම ඇප් එකක් තමා හඳුන්වල දෙන්නෙ අද මචං වෙතින් සියලුම group ඇඩ්මින්ලට.දැන් මුලින්ම අපි බලමු මේකෙන් තව මොනවද කරන්න පුලුවන් කියල එකින් එක කෙටියෙන්.ඡායාරූප් සහිතව,

***මේතියෙන්නෙ ඇප් එක ඕපන් කලහම පෙන්වන විදිය.ඔය උඩින්ම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ගුරු කියන එක තමා මගෙ ගෲප් එක අපිට සෙටින්ග් මගින් favorite කරගන්න පුලුවන් එතනට කැමති ගෲප් එකක්




***අපි ගෲප් එක ඇතුලට ගියාම මෙහෙමයි.මේ මගින් සාමාන්‍ය ක්‍රමයට වඩා බොහොමයක් වැඩ කෑලි සහිතව අපට පෝස්ට් එකක් පල කල හැකියි.අන්න ඒ නිසා තමා මම මුලින්ම කීවෙ ඔබ ගෲප් එකක අයිතිකරුවකු නොවී සාමාජිකයකු පමණක් වුවත් මේ ඇප් එක මගින් වඩාත් කැපී පෙනෙන ඔබගේ අවශ්‍යතාවයට අනුව අනිත් අයගේ ඇස ඔබේ පෝස්ට් එකට ඇදීයන ආකාරයේ පෝස්ට් එකක් පලකිරීමට මෙමගින් ඔබට හැකියාව තියෙනවා.


බලන්නකෝ මේ පෝස්ට් එක ඔයාට පුලුවන් මෙවැනි පෝස්ට් එකක් සකසගන්නත්.
ඔය පේජ් එකේ පහල දකුනු කෙලවරේ හරස් ඩොට් තුන ක්ලික් කරාම එන්නෙ සෙටින්ග් මෙනුව.පලවෙනි එකෙන් නම වෙනස් කරන්න හා ගෲප් එකේ අදහස වෙනස් කරන්න පුලුවන්.ඊගාව එක කවර් පොටෝ එක වෙනස් කරන්න.ඊගාව එකෙන් ප්‍රසිද්ධ ද මිතුරන් සඳහා පමනක්ද කියල තීරනය කරන්න.
*admin approve reqest එකෙන් කරන්නෙ කවුරු හරි සාමාජිකයෙක් ජොයින් උනාම එයාව අපි ඇකෙප්ට් කරන්න ඕනනෙ එයාව සම්බන්ධ වෙන්න මේක ඕෆ් කලොත් පුලුවන් අපේ අවසරයෙන් තොරව ඒ වෙලාවෙම එයාට ගෲප් එකේ සාමාජිකයකු වීමට.
* only admin post ඔන් කලොත් පෝස්ට් පල කරන්න පුලුවන් ඔයාට විතරයි අනිත් අයට පුලුවන් ලයික් කරන්න කොමෙන්ට් දාන්න විතරයි.
*admin approve post ඔන් කලොත් වෙන්නෙ කවුරු හරි පෝස්ට් එකක් දැම්මොත් ඒ පෝස්ට් එක ගෲප් එකේ පලවීමට ඔබ අවසර දියයුතුයි.ඒ කියන්නෙ සාමාජිකයකු සාමාජිකත්වය ලබද්දි ඔබ ඇකෙප්ට් කරනවා වගේ දාන හැම පෝස්ට් එකක්ම ඇඩ්මින් ඇකෙප්ට් කිරීම කලයුතුයි.එය නුසුදුසුනම් පල කිරීමට අවසර නොදී ඉවත් කල හැකියි.

අපි උඩින්ම සඳහන් කල පරිදි වැදගත්ම අංගය තමා මේ මේකෙන් ඔය දකුනුපස තිරස් ඩොට් තුන ක්ලික් කිරීමෙන් යම් සාමාජිකයකු සම ඇඩ්මින් වරයකු බවට පත් කිරීම.සාමාජිකයකු ඉවත් කිරීම.හෝ පෝස්ට් පල කල නොහැකි වනසේ අවහිර කිරීම සිදු කල හැකියි.*admin තීරුව මගින් ඇඩ්මින් ලැයිස්තුව බලාගත හැකියි වගේම.**bloked මගින් අවහිර කරන ලද සාමාජිකයින්ගේ ලැයිස්තුව බලාගත හැකියි.අවශ්‍යනම් යම් අවහිර කල සාමාජිකයකු ගේ එම දඬුවම ඉවත් කිරීමටද එමගින් හැකියාව ඇත.



අප ඇඩ්මින් කෙනෙකු නොවන සාමාජිකයකු නොවන group වල මෙපමනක් පමණක් දිස්වේ.

මෙම්බර් රික්වෙස්ට් මගින් මෙම්බස්ලව එකිනෙක හෝ සියල්ල එකවර approve කල හැකියි.ඉහත පොටෝ එකේ පහල කොටසේ ඇති creat group chat මගින් සාමාජිකයන් උපරිමය 50කට යටත්ව ගෲප් චැට් එකක් නිර්මාණය කරගත හැකියි.


පහල පිංතූරයේ දැක්වෙන setting මෙනුවත් තරමක් වැදගත් වේවි ඔබට.ඔය highlite කියන එකෙන් තමා ඕක තියෙන්නෙ.එහෙම තිබුනාම group එකේ යම් පෝස්ට් එකකට කොමෙන්ට් ලයික් බහුලව වෙද්දි ඒ පෝස්ට් එක ඉහලට එනවා ඒකෙන් අලුතින් පෝස්ට් එකකින් යම් අයෙකු ප්‍රශ්නයක් අහල තිබුනොත් ඒ පෝස්ට් එක යට යෑම නිසා එහි අවදානය ඈත්වීම නිසා එමගින් ඔහුට බලවත් අසාධාරණයක් සිදුවනවා වගේම ඔහුට හෝ ඇයට ගෲප් එක පිලිබඳව යම් කල කිරීමකට ලක් වීමටත් ඉඩ තිබෙනවා .නමුත් ALLPOST ලෙස ලබා දීමෙන් හයිලයිට් වීම නවතා අලුත් පෝස්ට් වලට නිරන්තරයෙන් දිස්වීම නිසා එම පෝස්ට් කෙරෙහි නිරන්තර අවදානයට ලක්වීම නිසා ඔවුන් සතුටුවේවි ඔබේ GROUP එක ගැන.ඔවුන්ටත් කොමෙන්ට් වැටේවි ඉන් පසුව.

  

ඔයිට අමතරව තව දේවල් මේ ඇප් එකෙන් කරන්න පුලුවන් වඩා වැදගත් ටික තමා දැම්මෙ මෙක ඇඩ්මින්ලට වගේම සාමාජිකයින් ටත් ගොඩක් වටිනවා.මේ ඇප් එක හැබැයි මෙගාබයිට් 26 ක විශාලත්වයෙන් යුක්තයි.පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගන්න.[කොහොම උනත් මේ ඇප් එකෙන් ඔබේ එකවුන්ට් එක හැක් වීමේ කිසිදු අවධානමක් නැතිබවට මා100% ක් සහතික කරනවා.මචං වෙතින් යමක් ඔබට දෙන්නෙ හොඳින් අධ්‍යනය කිරීමෙන් පසුව)





අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ඇප් එක වෙනත් කිසිදු බ්ලොග් අඩවියක මෙතෙක් පලවී නෑ.ගොඩක් ගෲප් සාමාජිකයින් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් හරහා මේ දේවල් කරන්න පුලුවන් කියලවත් දන්නෙ නෑ.PC,LAPTOP  මගින් මේදේවල් කරන්න පුලුවන් වෙනත් ක්‍රම තියෙන්න පුලුවන් අපි ඉතින් මේ දුන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකෙන් කරන හැටි තමා.මේකෙන් ඉගෙන ගිහින් වෙන බ්ලොග් වල දාගත්තට කාරිනෑ.හැබැයි ඉතින් යුතුකමක් තියෙනවා පොඩ්ඩක් හරි මචං බ්ලොග් එක ගැන සඳහනක් කරන්න.



ඒ වගේම ඔබට මේක ගොඩක් වටින ඇප් එකක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඒක නිසා කොමෙන්ට් එකකින් ඔබේ අදහස ඉදිරිපත් කරල යන එකත් ඔබේ යුතුකමක්..



THANK YOU  WELL COME
ස්තූතියි ආයෙත් එන්න.












No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.