android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Monday, August 24, 2015

4.0 වලට අඩු ඇන්ඩ්‍රොයිඩ් පෝනුත් hibernate කරමු

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් අදවෙද්දි ලොලිපොප් දක්වා විකාශනය වී තිබුනත් තාමත් gingerbread ,ice cream sandwiches වැනි ඉතා අඩු සංස්කරණයන් භාවිතාකරන්නන් ලංකාව වගේ රටවල්වල බහුලව සිටිනවා.කොහොම වුනත් 4.0 ට වඩා අඩු සංස්කරණයන් හි වේග මට්ටමත් ඉතාපහල මට්ටමක තිබීම එවැනි දුරකතන භාවිතා කරන්නන්ට දැඩි අසීරුතාවයක් ගෙන දෙන්නක්.4.0 ට වැඩි දුරකතන සඳහා greenify නම් මෘදුකාංගය මගින් සාර්ථකව ඵල නෙලා ගනිද්දි ඊට වඩා අඩු සංස්කරණයන් භාවිතාකරන්නන් සිටින්නෙ දැඩි කනස්සල්ලෙන් .මචං බ්ලොග් අඩවිය කියන්නෙ සැම විටම ඔබේ දුකට පිහිට වන බ්ලොග් අඩවියක් .දුක් විය යුතු නෑ ඔබ අද පටන් බිය විය යුතු නෑ කිසිවිටෙකත් 'මචං' සිටින තුරු. ඔබේ දුරකතනය රූට් වුවත් රූට් නොවූවත් දුරකතනයේ වේගය වැඩිකරගන්නත් බැටරි බහින එක පාලනයකරගන්නත් හැකි මෘදුකාංගයක් අරන් තමා අපි අද ඔබ හමුවට ආවෙ.
   මෙම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයත් greenify මෲදුකංගයේ ක්‍රියාකාරීත්වයට සමානයි.මෙහි ඇති විශේසතා කිහිපයක් තිබෙනවා.ප්‍රධානම දේ තමා මෙයට 4.0 ට අඩු වුවත් වැඩි වුවත් ගැටලුවක් නොවීම.අනෙක රූට් වුනත් නැතත් ගැටලුවක් නොවීම.(රූට් නම් වඩා සාර්තක ප්‍රතිඵල ලැබේ.) ඒ වගේම මේක xposed මොඩියුලයක් නොවීම.එලෙසම මෙය සකසා ගත් පසුව auto hibernating වීම සිදුවෙනවා.greenify වල මෙන් කිසිවක් ක්ලික් කලයුතු නෑ.ඔබ යම් ඇප් එකක් භාවිතා කර උපරිමය තප්පර 10 ක් තුල hibernate වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා(මීට අදාල කාලසීමාව වෙනස් කරගත හැකියි අවස්‍ය ලෙස) අනෙක් ප්‍රධානම දේ තමා සිස්ටම් ඇප් ඇතුලුව අනෙක් සියලුම ඇප්  hibernate කිරීමට සැලසවිය හැකි වීම

         දැන් මේක ගැන හඳුන්වා දුන්නා ඔය මදෑ.දැන් අපි බලමු මේක සකස් කරගන්න හැටි.පියවරෙන් පියවර.
01.පියවර-
            මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් මෙම මෘදුකාංගය භාගත කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.මෙහි ධධාරිතාව 347kb වැනි සුලු ප්‍රමාණයක් පමණි.

***AUTO HIBERNATION APP FREE DOWNLOAD ***

ඕපන් කලාම මෙහෙම එයි.ඔය ටිකට ටික් එක දාල උඩ තීරුවේ තියෙන රොබෝවා ක්ලික් කරන්න

එහෙම කලාම පෙන්නයි සෙටින්ග් අයිකන් එක ඒකට ගිහින් පහල තියෙන විදියට හදාගන්න.ඕනනම් NOFITICATION එකත් ඔන් කරගන්න



දැන් කොඩි සලකුන ක්ලික් කරන්න.එහෙම කලාම එයි ලිස්ට් 3ක් ඒකෙ පලවෙනි ලිස්ට් එකට යන්න.ඒකෙ තියෙන සතියෙන අත්‍යවස්‍ය සිස්ටම්
 ඇප් ටික හැර අනික්සිස්ටම් ඇප් සමග සියල්ල ටම ටික් එක දාල උඩ තියෙන රොබෝ ලකුන  ක්ලික් කරන්න.වැරදීමකිමන් අත්‍යවශ්‍ය සිස්ටම් ඇප් එකක් සිලෙක්ට් වී ඇත්නම් දෙවෙනි ලිස්ට් එකෙන් තෝරා ටික් එක දමා ඩිලිට් අයිකන් එක ඔබන්න.එවිට එය  hibernate වීමෙන් ඉවත්වේ.බිය විය යුතු නෑ එය දුරකතනයෙන් මැකී යයි කියා එසේ වන්නේ නැත.ඔබ කල යුතුව ඇත්තේ එපමනයි.දැන් දුර කතනය නැවත පනගන්වා(restart) සාමාණ්‍යලෙස දුරකතනය භාවිත කරන්න.ඔබට දැන් දුරකතනයේ ස්පීඩ් එක වැඩිවී ඇතිබව තහවුරු කරගත හැකියි.






මේම ඇප් එක භාවිත කිරීම සඳහා රූට් කිරීම අත්‍යවස්‍ය නොවේ.රූට් නොකරන ලද දුරකතන සඳහාද සාර්තක ලෙස ක්‍රියාත්මක වේ.යම් ගැටලුවක් වෙතොත් විමසන්න.ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් කොමෙන්ට් එකක් දාන් යන්න

1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.