android & pc

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, May 31, 2015

කොහොම ද මචං රූට් කරන්නෙ? (ROOT NO PC)

මොකද්ද  මචං  root  කරනවා කියන්නෙ?

මේකනෙ මචං ඇන්ඩ්‍රොයිඩ් os එකේ කම්පැණි එකෙන් සිස්ටම් සෙටින් වෙනස් කරන්න  බැරිවෙන්න වගේම කම්පැණි එකෙන් අකමැති ඇප් ඉන්ස්ටෝල් කරන එක නවත්වන්න.ඒ ගොල්ලො මචං os එක ලොක් කරල එවනවා.ඉතින් ඔන්න ඔය අගුල ඉවත් කරල ඇන්ඩ්‍රොයිඩ් එකේ පූර්ණ බලතල අපි අතට ගන්න එක තමා ඔය root කරනව කියන්නෙ.root කලාම ඉතින් ඕන දෙයක් කරන්න පුලුවන්.කොටින්ම මචං කරන්න බැරි දෙයක් නෑ.

ඉතින් කියපන්කො මචං මොනවද කරන්න පුලුවං.

සාමාන්‍යයෙන් පෝන් එකේ දැනට වැඩ නොකරන ඇප් බොහොමයක් install කරන්න පුලුවන්.ඔය ඇප් වලින් ඇඩ් එන එක නවත්වන්න පුලුවන් playstory එකේ නිකන් දෙන ඇප්වල proverson ඒකියන්නෙ ගෙවල ගන්න ඒව හැක් කරල free ගන්න පුලුවන් .game වල ක්‍රෙඩිට් හැක් කරන්න.සිස්ටම් ඇප් sd එකට move කරන්න.සිස්ටම් ඇප් unstall කරන්න.හෑන්ඩ් ෆ්‍රී වලින් පපුව දෙදරවන sound වැඩිකරන්න.loudspeaker සවුන්ඩ් වැඩිකරන්න.සම්පූර්ණ පෝන් එකටම සිංංහල දාන්න.gesture වලින් වැඩදාන්න.ස්ක්‍රීන් ශොට්.ස්ක්‍රීන් වීඩියෝ.ඔය මම කීවෙ බොහොම ටිකයි තව වැඩ ගොඩක් කරන්න පුලුවන් ඕනනම් මචං cmw reccvery දාලා කස්ටම් රොම් එකක් ස්තාපිතකරන්නත් පුලුවන්.gb එකක් jb හරි කිට්කැට් ලොලිපොප් වලට හරි update කරන්න.චයිනීස් කබල s4 එකක් කරන්නත් රූට් වැදගත් මචං.

මාරයිනෙ මචං!.ඉතින් ඕකෙන් වෙන අවාසි මුකුත් නැද්ද මචං?

ප්‍රධානම අවාසිය තමයි වගකීම් කාලය සහිත දුරකතනයක් root කලොත් වගකීම අහෝසි වෙනවා.ඒක නිසා වගකීම් කාලය අවසන් වන තුරු root නොකර සිටීම නුවනට හුරුයි.
අනික ඉතින් තමන්ගෙ නොසැලකිල්ල හෝ නොදැනුවත් කම නිසා තමන්ගෙ os එකට නොගැලෙපෙන App / frimware දැමීමෙන් කාර්‍යක්ශම තාවය අඩුවිය හැකියි.සමහරු කිවුවට root කලහම slowවෙනවා කියල ඒ ඒ අයගෙ නොදැනීම.අපි ඉදිරියේදි කියල දෙන්නම්වේගය වැඩි කරන හැටි.

මචං එතකොටඕක unroot කරල නැවත වගකීම ගන්න පුලුවන්ද?

මෙහෙමයි root කරන්නෙ සිස්ටම් වෙනස් කරන්න නෙ.රූට් කරල සිස්ටම් වෙනස් කරල unroot කලාට සිස්ටම් සෙටින් මුල් තත්වයට පත් වෙන්නෙ නෑ.පෝන් එකේ මිලදී ගද්දි තිබුන ඇප් අයින් කරලනම් unroot් කලා කියල ඒව ආයෙ එන්නෙ නෑ.ඉතින් unroot කරහම නැවත වගකීම් කාලය ගන්න පුලුවන් කියන එක පිලිගන්න බෑ.මොකද පෝන් කොම්පැණිකාරයින් බබ්බු නෙවෙයිනෙ.දැක්ක ගමන් කියයි root කරල unroot කරල කියල

හරි මචං.එතකොට රූට් කරන්න කලින් තවමොනව හරි කරන්න ඕන්ද.

මෙතෙන්දි ප්‍රධාන පියවර 2ක් තියෙනව
01පියවර-setting-securuti setting -unknown score එක ඉදිරියෙන් ටික් එක (හරි ලකුණ) දාන්න
02පියවර -settings -devolopment settings ගිහින් usb debung කියන එක ඔන් කරන්න.
අවශ්‍ය නම් පමණක් factory rest කරගන්න
Backup කිරීමත් අනිවාර්‍ය් නොවෙතත් වඩාත් සුදුසුයි.
[devolop setting යන්න සොයගත නොහැකි අය පමනක් මෙම devolopment settings කියන widget එකෙන් වැඩේ කරගන්න.

එතකොට මචන් කොහොමද root කරන්නෙ?

හරි රූට් කරන්න ප්‍රධාන ක්‍රම 2ක් තියෙනව එකක් pc එක හරහා රූට් කිරීම අනික පෝන් එකෙන් ම  root කිරීම.මම දෙන්නෙ මචං විවිධ වර්ගයේ දුරකතන ගනනාවක් 50කට අධික ප්‍රමාණයක් 100% සාර්ථක වූ root App එකක්.නම කින්ග් රූට්
මුලින්ම ඇප් එක ,download කරගෙන iinstall  කරන්න දැන් කොල පාට රවුමක් ඇතුලෙ දොර ඉබ්බෙකුගෙ ලකුනට යටින් සුදු ඉරි කොටුවකින් වටවුනු අකුරු ක්ලික් කරන්න.එවිට සුලුවෙලාවක් රවුම කැරෙකෙමින් තිබී හරි ලකුන වැටෙයි.කොල පාට රවුමට යටින් නිල්පාට කොටුවක් දිස්වන අතර දැන් එය ක්ලික් කරන්න.දැන් දුරකථනය reboot කරන්න.reboot වීමෙන් පසුව kinguser නමින් හෝ super user නමින් ඇප් එකක් ඇත්නම් ඔබ සාර්ථක ලෙස root කර අවසන්.තවදුරටත් root වීම සැකසහිත නම් playstory ,එකෙන් root cheker මගින් එය සනාථ කරගත හැකිය.root වීමෙන් පසුව විවිධ ඇප් ඉන්ස්ටෝල් විය හැකියි.එය බිය වියයුතු නැත.එම ඇප් අනවස්‍යනම් පසුව unstall කරගන්න.සුපර් යූසහෝ ,කින්ග්‍ යූසර් unstall කරන්න එපා.root කිරීමට භාව්තා කල kingroot ඉවත් කිරීම ගැටලුවක් නොමැත

***  kingroot download all version (xda)





5 comments:

  1. thanks for this post i was looking for post of this manner from a long time this is very important for me thanks once again

    ReplyDelete
  2. Machan windows walatath puluwanda root karanna

    ReplyDelete
  3. Windows ගැන දන්නෙ නෑ බන්

    ReplyDelete
  4. මචං රූට් කලාම ඔෆීශියල් අප්ඩෙට් එන්නැති වෙයිද...Xperia

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.