Tuesday, September 29, 2015

ගූගල් ආතල් මෙන්න.

අද අරං ආවෙ බොහොම  පොඩි වැඩ කෑල්ලක්.ඔයාගෙ වෙබ් බ්‍රවුසරේ google search bar එකේ මම පහලින් දීල තියෙන වචන වලින් එකක් ගහල search කරල බලන්නකෝ මොකද වෙන්නෙ කියල ඇත්තටම මේක ගූගල් එකෙන්ම දෙන ආතල් වැඩක් කරලම බලන්නකෝ


zerg rush
sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
Z or R twice
Askew
recursion
the loneliest number
binary
the number of horns on a unicorn
infused
atari breakout කියල ගහලා image results වලට යන්න .


මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න
 Do a barrel roll
 Google Gravity
Google Sphere
Google Space
 Google Mirror
 Pacman
 Goglogo
Google Rainbow
Epic Google

Monday, September 28, 2015

ඔයත් නිල් බලනවාද?


අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහ් තමා :P ) ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි .
අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම්
1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය
2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම
3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම
4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම
5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)
6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම
7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)
(1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය
ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 2009 කොළඹ අළුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුව ලාංකිය දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක් පමණ වාරණය වුනි. එමනිසා බොහො දෙනා අතර කතාවට ලක්වුයේ ලාංකිය දර්ශන පමනක් නීතිවිරෝධි බවයි. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්තිවල සදහන් වන අන්දමටහ් ඔබට කිසිම අසභ්‍ය දර්ශනයක් ලග තබාගැනිමට නීතියෙන් අවස්ථාවක් නොමැත. ඔව්.. ඔබ කිනම් වයස් කාන්ඩයක වුවත් කිනම් තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබට අසභ්‍ය දර්ශන ලග තබාගත නොහැක. එය දන්ඩ නිති සංග්‍රහයට අනුව නිති විරොධි ක්‍රියාවකි. අසභ්‍ය දර්ශන ලග තබාගෙන අත්අඩංගුවට පත්වූ අවස්ථා එදිනෙදා ජිවිතයේදි නිතර ඇසෙන්නට නොලැබුනත් මෙය නිහඩව ක්‍රියාත්මක වන දැඩි නිතියකි. මෙහිදි ඔබ වැරදි කාරයෙකු වුවහොත් සිරගත කිරිම්(මෙය පිලිබද ලිපියේ විස්තරාතමකව කතා කිරිමට බලාපොරොත්තු වේ) හො දඩ ගෙවිම් හා දේපල රාජසන්තක කිරිම් වලට ලක්විය හැක.
(2) අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරිම සහ වරෙන්තු නිකුත් කිරිම
1.හොඩුවාවක් මගින් අත්අඩංගුවට ගැනිම්
අසභ්‍ය දර්ශන අඩංගු නිශ්චිත ස්ථානයක පරිඝණකයක , දෘඩාංගයක , සිඩි-ඩිවිඩි පතක් පිළිබදව හෝඩුවාවක් මත පොලිසියට වරෙන්තුවක් නොමැතිව එබ භාන්ඩද , පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට අවසර ඇත. ඔනැම අයෙකුට පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 හෝ ආසන්නම පොලිස් ස්ථානටය අසභ්‍ය දර්ශන ලග තබාගන්නා පුද්ගලයෙක් හෝ පරිඝණකයක් , සිඩි / ඩිවිඩි පතක් ගැන නිස්චිත හෝඩුවාවක් ලබා දිය හැක.මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් අනතුරුව වැරදි කරුවෙකු වුවහොත් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබාදිමක් සිදුකරයි.
2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව
පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි.
3.අසභ්‍ය දර්ශන සොදිසි කිරිම සදහා ගනු ලබන විවෘත වරෙන්තු (Open Warrant)
විවෘත වරෙන්තුවක් යනු නිස්චිත නිවසක් , රැකියා ස්තානයක් , දෙපලක් හෝ පුද්ගලයෙක් ඉලක්ක නොකර උසාවියෙන් ලබාගන්නා සොදිසි කිරිම් වරෙන්තුවකි . උදාහරණයක් ලෙස මෙම නගරය තුල අන්තර්ජාල ශාලා(Internet Cafe) , සිඩි / ඩිවිඩි වෙලද සැල් සොදිසි කිරිමට විවෘත වරෙන්තුවක් ලබාගත හැක.මෙහිදි පොලීසියට අහඹු ලෙස තොරාගත් ස්ථාන පරික්ශා කිරිමට හැකියාව ඇත. ජංගම දුරකථන පරික්ශාව සදහා ඔනැම ප්‍රිසිද්ධ / මිනිසුන් නිතර ගැවසෙන උද්‍යාන , සුපිරි වෙලද සංකිර්ණ , පාසලක් අවට තොරාගැනීමට පොලීසියට මෙම වරෙන්තුව යටතේ හැකියාව ඇත.
2014 මැයි මස පොලීසිය ලබාගත් විවෘත වරෙන්තුවක් මගින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය තුලදි ජංගම දුරකථන පරික්ශාවක් සිදුකලේය. මෙහිදි අසභ්‍ය දර්ශන අඩංගු ජංගම දුරකථන හිමියන් 39 දෙනෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිනි.දඩ මුදලකටද යටත්ව ඔවුන් භාවිතා කළ ජංගම දුරකතන රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. (දිණමින 2014-5-21)
4.නරබමින් සිටින විටදි අත්අඩංගුවට ගැනිම්
මගි ප්‍රවාහන බස්රථයකදි / දුම්රිය පොලකදි හෝ අන්තර්ජාල ශාලාවක් තුලදි ඔනැම ප්‍රසිද්ධ ස්ථානයකදි අසභ්‍ය දර්ශන නරබමින් අසුවුවහොත් වරෙන්තුවකින් තොරව ඔබව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ඇත. මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් පසුව උසාවියට ඉදිරිපත් කරනු ලබයි.
5.පෞද්ගලික ස්ථානයක්(නිවසක් / වෙලද සැලක්) ඉල්ලක්ක කර සැකපිට සෝදිසි කිරිම් මගින් අත්අඩංගුවට ගැනිම
හොඩුවාවක් නොමැතිව නිස්චිත නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් ඉලක්ක කරගනිමින් සොදිසි කිරිමට උසාවියෙන් වරෙන්තුවක් ලබාගත යුතුය. මෙහිදි සොදිසි කිරිම් කරන අවස්තාවේදි අසභ්‍ය දර්ශන හමුවුවහොත් එම පරිගනකය , ජංගම දුරකථනය , සිඩි / ඩිවිඩි පත් හා එහි අයිතිකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි. යම් හෙයකින් එම අවස්ථාවේ අසභ්‍ය දර්ශන සන්තකයේ නොතිබුනේනම් (තිබි ඩිලිට් කර ඇත්නම්) එය නැවත ස්ථාපනය (රිකවරි) කිරිමක් කර නඩු පැවරිය නොහැක.
2015 පෙබරවාරි මස මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වැටලා සොදිසි කිරිමට මාතලේ පොලිසිය විසින් වරෙන්තුවක් ලබාගත්තේය. එම වැටලිමෙන් පසුව DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් අත්තඩංගුවට ගනු ලැබුවේය. (හිරු 2015-2-5)
(3) ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම
ලමා අසභ්‍ය දර්ශන සදහා අනෙක් රටවල් තුල දැඩි නීති පනවා ඇත. නිත්‍යානුකුල අසභ්‍ය දර්ශන(Legal Porn) ලගතබා ගත් හැකි වුවත් ලමා දර්ශන ලග තබාගැනීමකදි දඩ / දෙපල රාජසන්තක කිරිම් හා අවුරුදු කිපයක සිරගත කිරිමකටද ලක්විය හැක. එහෙත් ලංකාව තුලදි විදේශික ලමා අසභ්‍ය දර්ශන වැටෙනුයේ සාමාන්‍ය අසභ්‍ය දර්ශන ඝණයට වේ. එහෙත් ලාංකීය ලමුන්ගේ(අවු 16 අඩු) අසභ්‍ය දර්ශන ලග තබාගැනීම අපරාධ ක්‍රියා ඝණයට වැටෙන අතර ළමා ආරක්ෂණ අධිකාරියෙන් නඩු පැවරිමක් සිදු කරයි.මෙහිදි නිත්‍ය වශයෙන්ම සිරදඩුවම්ද ලැබිමට ඉඩ ඇත.
(4) පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම
අන් අයෙක්ගේ පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අවසරයක් නොමැතිව අන්තර්ජාලයට මුදා හැරීම අපරාධ ඝණයට අයත් වන ක්‍රියාවකි. පොලිස් අපරාධ අංශයට මේ පිලිබදව පැමිනිල්ලක් ලැබුනහොත් පරිඝණක අංශයේ සහය ඇතුව පුළුල් පරික්ශනයක් සිදුකරනු ලබයි . මෙහිදි එම පුද්ගලයා නිතියට අසුවුවහොත් මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි. තවද එම දර්ශනයේ සිටින පුද්ගලයාටද ඔහුට විරුද්ධව සිව්ල් නඩුවක්ද ගොනුකල හැක මෙහිදි ඔහුට වන්දි ගෙවිමටද සිදුවෙනු ඇත
(5) අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)
බොහෝ ලාංකිය පෞද්ගලික අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට අනවසරයෙන් හා දැනුවත්ව පිට වි ඇත . එහි පෙනිසිටින්නන් අවුරුදු 16 ට වැඩිනම් ඔවුන්ට නිතිමය වශයෙන් ප්‍රශ්ණයක් සිදුවන්නේ නැත. යම්හෙයකින් එහි 16 ට අඩු ගැහැනු දැරිවියක් සිටීනම් පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය එය පිලිබදව පරික්ශන පවත්වනු ලබයි. දෙදෙනාගේ කැමැත්තෙන් එම ක්‍රියාව සිදුවුවද ගැහැනු දැරිවිය අවු 18ට දක්වා පරිවාස භාරයට ලක් කර එම පුද්ගලයාට බාලවයස්කාර /ස්ත්‍රි දුශන නඩුවක් ගොනු කරනු ලබයි.ඉහත කි ආකාරයට අවු 16ට අඩු බාලවයස්කාර අසභ්‍ය දර්ශන ලග තබාගැනීමද පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය මගින් නඩු පවරා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.
දැනුවත් කිරිමක් ලෙස : 2010 වසරේදි ලාංකිය අසභ්‍ය දර්ශන වල පෙනිසිටි තරුණියන්ගේ චායාරුප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය කටයුතු කලේය . එහෙත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනිම හා ඇතිවු වෙනත් ගැටලු හෙතුවෙන් එය නිශ්පල ක්‍රියාවක් වුනි.මෙහිදි තරුණියන් කිපදෙනෙකු සොයාගනු ලැබුවත් ඔවුනට නඩු පැවරිමක් සිදු නොවුනි.
(6) සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම
දැනට පවතින නීතිය අනුව අසභ්‍ය දර්ශන ලගතබාගැනිමේ වරදට මාස 3ක සිරදඩුවමක් ලබාදිය හැක. එහෙත් අදවනවිට එය දඩගෙවිමට පමනක් සිමා වි ඇත. මෙහිදි නිස්චිත දඩ මුදලක් නොමැති අතර එය 2500 , 5000, 7500 හා රුපියල් ලක්ශය දක්වා වැඩි වුන අවස්ථාද ඇත. එම මුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වරදේ බරපතලකම අනුවය. තවද එම අසභ්‍ය දර්ශන සහිත පරිඝණයකද , ජංගම දුරකථනයද සිඩි / ඩිවිඩි පත් , ජංගම දෘඩාංග , ලැප්ටොප් පරිඝණක රාජසන්තක කරනු ලබයි.
සිරභාරයක ලක්විය හැකි කරුණු ලෙස පෙන්වා දිය හැක්කේ ලාංකීය ලමා අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම හා පෞද්ගලික දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදාහැරිම වේ. මෙවා අපරාධ ඝණයට ඇතුලුවන ක්‍රියාවන් වේ. මෙහිදි දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි
(7) සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)
සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ කිනම් ආකාරයකින් වත් ජංගම උපකරණ තුල අසභ්‍ය දර්ශන ලගතබා නොගැනිමයි (ලැප්ටොප් පරිඝණක , පෙන් ඩ්‍රයිව් , සිඩි- ඩිවිඩි පිටපත් , මෙමරි කාර්ඩ් , ජංගම දෘඩාංග(Portable Hard Disk) , ජංගම දුරකථන ). නොසිතු වෙලාවක ඔබට දඩ ගෙවිමටද ඔබගේ එම උපකරණද රාජ‍සන්තක විමටද ඉඩකඩ ඇත.ප්‍රසිද්ධ ස්ථාන , අන්තර්ජාල ශාලා තුලදි අසභ්‍ය දර්ශන නැරබිමෙන් ඔබව නිතියට හසුවීමට  ඇති ඉඩකඩ වැඩිය.
පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?
වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි  :v )
බාගතනොකර බැලුවට ප්‍රශ්ණයක් නැද්ද ?(නිවසක් තුලදි)
පෞද්ගලික නිවසක් තුලදිනම් ප්‍රශ්නයක් සිදුවිමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් වරෙන්තුවක් පිට සොදිසි කිරිමකට පැමිනෙන අවස්ථාවකදි ඔබ නිවස තුල නරබමින් සිටියොත් එම අවස්ථාවේම සොදිසි කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට පොලීසියට අවසර ඇත. මෙහිදි අසභ්‍ය දර්ශන සදහා නිවසක් සොදිසිකිරිමට නිතියෙන් හැකි නමුත් එය නිවසක් ඉලක්ක කරගනිමින් බොහොදුරට සිදුනොවන / ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවකි
අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?
වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.
ලග තබාගත් අසභ්‍ය සිඩි-ඩිවිඩි පත් ගනනට අනුව දඩ මුදල වැඩිවනවාද ?
දඩමුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එක් සිඩි / ඩිවිඩි පතක් සදහා නියමිත දඩමුදලක් නොමැති නමුත් ඔහුගේ වරද මත එම දඩමුදල ඉතා ඉගල අගයක් විමට ඉඩ ඇත.
ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ?
දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.





මෙම ලිපිය usefullevrything බ්ලොග් අඩවියෙන් උපුටාගන්නා ලදී.එම අඩවියට අපගේ ස්තූතිය.

Sunday, September 20, 2015

facebook එකවුන්ට් එකක් තාවකාලිකව හෝ සදාකාලිකව මකා දමන හැටි දැනගන්න.

අපෙන් ෆේස්බුක් හරහා සමහරු අහන ප්‍රශ්න දෙකකට පිලිතුරක් තමයි අද ලිපියෙන් මචං ලට කියල දෙන්නෙ.මොකද්ද එතකොට මේ ප්‍රශ්න දෙක.
✳ මචං කොහොමද facebook එකවුන්ට් එකක් delete කරන්නෙ
✳ කොහොමද මචං facebook account එකක් deactivate කරන්නෙ

ඔය තමා ඒ ප්‍රශ්න දෙක ඔය ප්‍රශ්න ඔයාටත් තියෙන්න පුලුවං.නමුත් මේ ප්‍රශ්න දෙක මේ විදියට එකම තැන තියෙද්දි ඔයාලට තව ප්‍රශ්නයක් හිතට එන්න පුලුවන්.ඒ තමයි delete කරනවා කියන්නෙයි deactivate කරනවා කියන්නෙයි දෙකක්ද එකක්ද කියන එක.ඇත්තටම මේ දෙක එකක් නොවෙයි දෙකක්.මේ දෙක වෙන් කිරීමකරන්නෙ මම එහෙම නෙවෙයි facebook විසින්ම තමා මේ වෙන්කිරිම කරල තියෙන්නෙ.මේ ලින්ක් එක මගින් ☞  FACE BOOK HELP CENTER ☜ ගිහින් බලන්නකො මේ දෙකේ වෙනස මම පහලින් දාන්නම් ඔයාලට මේක වඩාත් නිරවුල් වෙන්නත් එක්ක.මොකද fb help center තීයෙන්නෙ කඩ්ඩෙන්(english) නෙ.ඒ නිසා මෙන්න ඒ දෙකේ වෙනස. .
                                                 ↩

Facbook එකවුන්ට් එකක් deactive කල විටෙක,

☞ Facebook පරිශීලකයන්ට ඔබගේ තොරතුරු හෝ Timeline එක දර්ශනය නොවේ.

☞Facebook පරිශීලකයන්ට ඔබව Search කළ නොහැක.

☞ නමුත් ඔබ යැවූ පණිවුඩ ආදිය එම පණිවිඩ ලබා ගත් අයට දර්ශනය වේ.

☞ Facebook විසින් ඔබගේ ගිණුමේ සියලුම තොරතුරු(යහලුවන්,ඡායාරූප)ආදිය Save (ගබඩා)කර තබා ගන්නා අතර ඔබ නැවත ගිණුම Reactivate එනම් නැවත Username,Password දී Log වෙන අවස්ථාවේදී ඔබගේ ගිණුම ඔබ අවසන්වරට භාවිතා කළ ආකාරයටම දැකගත හැකිවනු ඇත.


Facebook account එකක් delete කල විටෙක ,


☞නැවත ඔබට Facebook ගිණුමට Log විය නොහැක.(නමුත් ඔබ දින  15ක් ඇතුළත ඔබගේ අදහස වෙනස් කරගතහොත් නැවත සාමාන්‍ය පරිදි User name,Password දී ගිණුමට ඇතුල්වී Delete වීම අහෝසි කළ හැකිය)

☞ ඔබ මිතුරන්ට යැවූ පණිවුඩ(Messages,Chat) ඔබ ගිණුම Delete කළද ඔවුන්ට දිස්වේ.
සාමාන්‍යයෙන් Facebook සමාගමට එක් ගිණුමක සියලු දේ මකා දැමීමට දින 90ක්වත් ගතවේ.නමුත් එම කාලය තුළ කිසිවෙකුට ඔබගේ ගිණුමට හෝ ඔබගේ තොරතුරු ලබා ගැනීමට හෝ Search කිරීමට නොහැකිය.

☞ නමුත් ඔබ Facebook Log වූ දින වකවානු ආදිය ඇතුළත් ගොනු Facebook සමාගම විසින් Delete නොකරයි.(ආරක්ෂක හේතූන් මත,ඒවත් ඉතින් සාමාන්‍ය කෙනෙක්ට පේන්නෙ නෑ.Facebook එකේ කට්ටිය ඒක පරිස්සමට තියාගන්නවා)

මම හිතනවා දැන් ඔබට මෙම කාරණා දෙක පිලිබඳව මනාව වැටහීමක් ඇති කියා.දැන් ඊගාවට මචං අපි බලමු කොහොමද facebook ගිනුමක් deactivate හෝ delete කර දමන්නෙ කියල,

FACEBOOK ගිණුමක් DEACTIVE කිරීම.

☞ go to page clike here ☜ මෙතන ක්ලික් කර එන facebook setting පිටුවේ පහලින්ම ඇති account - deactive ලබාදී  අදාල පියවර වෙත යන්න.

☞ නැත්නම් facebook menu▼    -   facebook setting & privacy   -   scequrity setting  -  ගොස්  account deactive ලබාදී ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.


How to facebook account delete / ෆේස්බුක් ගිනුම මකාදැමීම,


☞☞ goto here page clike here☜ මෙතනින් ගිහින් delete my account ක්ලික් කර ලැබෙන උපදෙස් පිලිපදින්න.



දැන් අවශාන වශයෙන් මට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි.මේවා ඔබ නිකමට වගේ අත් හදා බැලීමෙන් වලකින්න.ඔබට එකවුන්ට් එක කැන්සල් කරන්නම ඕන නම් විතරක් මේක කරන්න.එහෙම නැතුව නිකන් කරන්න ගිහින් එකවුන්ට් එක අහිමිවුනොත් මට වගකියන්න බෑ ඕං.


අදාල ලින්ක් තුලට පිවිසීමට ලින්ක් එකෙන් ගොස් තප්පර 5 ක් රැඳිසිට skio add ක්ලික්කරන්න..






ඉතින් ඔයාලට පුලුවන් ඔය ගෲප් හරහා හෝ fage හරහා මා එක්ක සම්බන්ධ වෙලා ගැටලු වලට විසඳුම් හොයන්න .එහෙනම් මම ගියා ආයෙත් අලුත් පෝස්ට් එකකින් හමුවෙන තුරු හැමෝටම ජයවේවා.


Saturday, September 19, 2015

soft key එකක් දාල තියෙන key ටික රැකගමු.

උඩ පොටෝ එක පේනවනෙ ඕක තමා soft key කියන්නෙ.ඔයාල ගාව තියෙන පෝන් එකේ ඕක තියෙන්නෙ ඩිස්ප්ලේ එකට යටින්නෙ.ඕවා කාලයක් ක්ලික් කරන කොට වැඩ කරන්නෙ නැතුව යනවා.ඔයාගෙ පෝන් එකෙත් ඔය key දැනටමත් වැඩ නැත්තං හරි වැඩ් නැතුව යන්න කලින් රැකගන්න හරි අද දෙන මේ soft key එක ඔයාලට මහමෙරක් තරම් වටීවි කියල හිතනවා.සාමාන්‍යයෙන් මෙම soft key එන්නෙ මිල අදික ස්මාර්ට් දුරකතනවලට.අපිට කොයින්ද පූසෝ මාලු අපි යනවද මූදූ කියල හිත හදාගන්න ඕන නෑ දැන් මම කියල දෙන්නම් කොහොමද soft key එකක් ඔයාලගෙ දුරකතනයට ඇඩ් කරගන්නෙ කියල.තාවකාලිකව නෙවෙයි ඕනනම් හැමදාටම තියෙන විදියට unstall නොවී තියෙන්නම මේක හදාගන්න පුලුවන්.හරි කලබල විය යුතු නෑ මේක ඕන නෑ කියල් හිතුනොත්  ආපහු අයින් කරන විදියත් කියන්නම්කො.

හැබැයි මේක දාන්නනම් දුරකතනය රූට් කරල තියෙන්නම ඕනි.root කරලනම් මේක gingerbread දුරකතනයකට් වුනත් දාගන්න  පුලුවන්.හරි දැන් අපි වැඩේට බහිමු.පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරන්න.

soft key enabler pro free download *

ඇප් එක ඕපන් කරාම root ppermission ඉල්ලයි.ඒක allow කරල ඇප් එක ඕපන් වුනාම ඔය විදියට enable කරන්න එයි.ඒක enable කරන්න.ඊට පස්සෙ දුරකතනය reboot/restart කරන්නද අහයි දුරකතනය reboot වී නැවත ඔන්වනවිට  soft key එක දුරකතනයේ ස්තාපන්‍ය වී තියේවි.දැන් ඔබේ දුරකතනයේ ඕනම තැනක් ඔන ඇප් එකක් විවෘත කර බලන්න.ඒක හැම තැනම දිස්වේවි.ඔබට පුලුවන් ඒක ක්ලික් කරල වැඩ කරන විදිය ගැන අවබෝධයකට එන්න.දැන් ඔබ බාගත්තු ඇප් එක unstall කලත් soft key වලට හානියක් වන්නෙ නෑ ඒක හැමදාම දුරකතනයේ තියේවි.නමුත් ඔබට එය ඉවත් කලයුතු යැයි හැඟුනොත් නැවත එම ඇප් එක ඉන්ස්ටෝල් කර disable කොට නැවත reboot කිරීමෙන් එය ඉවත් කරගත හැකියි.පහල ස්ක්‍රීන්ෂොට් බලන්න.soft key ස්තාපනයෙන් පසු දුරකතනයේ ස්ක්‍රීන් ෂොට් කිහිපයක් පහත දැක්වේ.










ip මගින් සම්බන්ධ කැමරා ඇන්ඩ්‍රොයිඩ් එකෙන් පරිගණකයෙන් හසුරුවන්න.




මෙම ඇප් එක පරිගණක ය සඳහා පමණි.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක පහලින් ලබාදී ඇත.
    මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබගේ Web Camera ව මගින් ලබාදෙන විඩියෝ බැලීමට අමතරව, එම කැමරාව පූර්ණ පාලනයක් සිදුකිරීමට මෙම මෘදුකාංගය මගින් අවස්ථාව සලසනු ලැබේ.

මෙම මෘදුකාංග මගින් යම් වස්තුවක් චලනය වන බව හදුනාගත්විට Auto Start වී Video Recode වීමට ආරම්භවේ. එම නිසා අවශ්‍ය දේ පමණක් විඩ්යෝ වී පරිගණකයේ ගබඩා වේ.

ඉතා ආරක්ෂිත කැමරා පාලනයක් යටතේ පුද්ගලික දේපල තබා ගැනීමට ගෙදර ගරාජය, සුපිරි වෙළදසැල් , ආදිය සදහා ඔබේ අවශ්‍යතාවය පරිදි ස්ථානගත කළ හැකිය.

යම් විටක අවදානම් සහිත චලනයක් හදුනාගත් විට ඔබට Alert මගින් දැන්වීමටද මෙම මෘදුකාගය සමත්ය.




Software Details :
File Name - Webcam Surveyor.
File Size - 8 MB
Requirements - Windows XP/Vista/7/8/8.1
License - Free.
Official Site - www.webcamsurveyor.com





♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞♞

ඇන්ඩ්‍රොයිඩ් හා ටැබ්ලට් පරිගණක සඳහා මෙම මෘදුකාංගය භාවිත කරන්න.










ඔබේ නිවසේ, කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ, සවිකර ඇති private/public ජාලයකට හෝ IP මගින් සමිබන්ධ කර ඇති video encoders,DVRs හා  CCTV කැමරා වල දර්ශන ඔබගේ අන්ඩ්‍රොයිඩි දුරකථනයෙන් හෝ ටැබිලට් පරිගණකයෙන් බැලිය හැකි යෙදුමකි. තවද දුරස්ථ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගත හැකි ඇන්ඩ්රොයිඩ් යෙදුමි අතර හොඳම යෙදුම මෙය වන අතර 10,000+ වඩා වැඩි ක්රියාකාරී පරිශීලකයන් පිරිසක් නිරන්තරයෙන් මෙම සේවාව ලබා ගන්නා බවට වාර්තා වී ඇත.


☞ android ip web camera control pro clike here download ☜


ඇතුලත් පහසුකමි:
Very intuitive custom made interface. See the screenshots to appreciate the quality of the app.
Support for M-JPEG based devices of all major vendors (100+)
1-way audio (listening) for D-Link, Edimax, Gadspot, SONY, Sharx Security, LogiLink, TRENDnet, Y-cam (selective models)
2-way audio (talking and listening) for Axis, FOSCAM, Loftek, Tenvis, Wansview, INSTAR, and more on the way!
SSL support (https) for secured monitoring and encrypting credentials
10 different layouts with unlimited number of cameras support
Control pan-tilt-zoom (PTZ) enabled devices, i.e. Panasonic, Pixord, Vivotek
Relay, LED control for some models
Cyclic 24/7 video recording (sequence of JPEG images) on SD card. Video playback is under development.
Easy to use pinch to zoom for digital zooming and swipes for camera selection
Sequence mode for automatic cameras switching
Import/export settings to SD card or Dropbox service
Support for any USB/laptop cams through 3d party software for PC/Mac (see FAQ)
Native interface for Honeycomb tablets and Google TV
Very CPU efficient
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jul 14, 2015)

On-camera motion detection for Hikvision, VStarcam, Wanscam, Sricam.
Support for special characters in password for ONVIF and RTSP cameras.
Low-bandwidth profile for ONVIF.
Fixed broken video recording with audio for Android 4.3/4.4.
සහයදක්වනු ලබන ඇන්ඩිරොයිඩි සංස්කරණ : 1.6+

tinyCam Monitor PRO for IP Cam v6.1.6 APK (10MB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

ඕනම වෙබ් සයිට් එකක pdf එකක් තප්පර 10න් ගන්න.

මේ පෝස්ට් එකට සමාන පෝස්ට් එකක් අපි මීට පෙර දුන්නා ඔබට මතක ඇති.අපි කලින් දුන්නෙ ඇප් එකක් මගින් කොහොමද ඕනම සයිට් එකක screen shot විදියට pdf එකක් ගන්නෙ කියලනෙ අද අපි කියල දෙන්නෙ ඔන්ලයින් සයිට් එකක් මගින් ඕනම වෙබ් පිටුවක ස්ක්‍රීන් ෂොට් එකක් වගේ pdf එකක් ගන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පහල ලින්ක් එක ඔස්සේ අදාල වෙබ් අඩවියට පිවිසිලා ඔයාට pdf කරගන්න ඕන කරන වෙබ් පිටුවේ url එක කොපි පේස්ට් කරල convert pdf ක්ලික් කරන එක විතරයි.තප්පර 5ක් 10 ක් වගේ කාලයක් තුල ඔබට pdf එක ඩවුන්ලෝඩ් කරගත හැකියි.↩

☞☞☞☞ CLIKE HERE GO GO SITE ☜☜☜☜

♞    ලින්ක් එක ක්ලික් කර පසු ඇඩ්ෆ්ලයි පිටුවට පිවිසෙන අතර එහි තප්පර 5ක් රැඳී සිට skipp add මත ක්ලික් කිරීමෙන් අදාල පිටුවට පිවිසිය හැකිය  ♞


Pdf කියන්නෙත් jpg වගේ පොටෝ format වර්ගයක් නමුත් සාමාන්‍යයෙන් jpg වගේ ෆොර්මැට් එකකින් screen shot එකක් ගන්න පුලුවන් දුරකතනයේ හෝ පරිගනකයේ ඒ මොහොතෙ ඇස ගැටෙන පරාසය විතරනෙ ඒත් pdf මගින් සම්පූර්ණ වෙබ් පිටුවෙම උඩ ඉඳල පහලට යනකල්ම screen shot එකක් විදියට ගන්න පුලුවන්.මේ pdf වලින් වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්නෙ ශිස්‍යයො මොකද දැන් පාසල් විෂය ධාරවන්ට අයත් සියලු පොත් ගුරු අත් පොත් pdf මගින් ලබාගත හැකියි.එමෙන්ම සාහිත්‍ය පොත් විශේෂයෙන් නවකතා පොත් පවා pdf ලෙස අන්තර් ජාලය හරහා නොමිලේම ලබාගත හැකියි.

අපි කලින් දුන්න ඇප් එකත් අද දුන්නු අඩ්විය හරහාත් ඔබ අන්තර්ජාලය තුල සැරිසරන විට යම් වැදගත් කමකින් යුත් ලිපියක් ඔබ දුටුවොත් එම සම්පූර්ණ ලිපියම ඔබට pdf එකක් ලෙස ඔබේ මතක පතේ ගබඩාකරගත හැකියි.කලින් දුන්නු ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වලට පමනක් සීමාවෙන එකක් වුවත් අද ලබාදුන්නෙ වෙබ් අඩවියක් මගින් එය සිදුකරගන්නා ආකාරය නිසා ඔබට මෙමගින් පරිගණක ඇපල් දුරකතන සිම්බියන් ජාවා ඇඇන්ඩ්‍රොයිඩ් වැනි ඕනෑම වෙබ් ධාවකයක් මගින් මෙලෙස pdf ලෙස වෙබ් පිටු ඩවුන් ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා.
                     කොහොම වුනත් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන අයටනම් කලින් දුන්නු ඇප් එකම තමා ගොඩක් වටින්නෙ මොකද ඒක ඇප් එකක් නිසා ඩේටා ගාස්තු වැයවෙන්නෙ නැතිනිසා.


අඩු අවදානමකින් පරිගණකය මගින් රූට් කරගන්න විදිය මෙන්න


මෙම ක්‍රමය ඉතා සරල වන අතර අවදානමක් රහිතව android උපාංගය root කරගත හැක.මේ සදහා third party software එකක් අවශ්‍ය වේ.ඒ සදහා  සරල  පියවර කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍යය.

  ඔබගේ android ජංගම දුරකථනය root කිරිමට පියවර :-
       1. මුලින්ම ඔබ මෙම link එක තුලින් iroot මෘදුකාංගය  download කර ගන්න ☞ I ROOT FOR PC CLIKE HERE DOWNLOAD
         මෙම මෘදුකාංගය android දුරකතන root කිරීම සදහා ඉතාමත් යෝග්‍ය වේ.
       2.ඔබේ පරිගණකය තුළ install කර launch කර පසු  ඔබට පහත වගේ තිරයක් පෙනෙනු ඇත



3.දැන් ඔබ ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය තුල USB debugging සක්‍රිය කිරීම අවශය වේ.                                
(මේ සඳහා developer option වෙත ගොස්  එය enable කරන්න. developer option  enable
කර නැත්නම් ඔබ About Phone වෙත ගොස්  tapping 7-10 times on build number සක්‍රිය
 කල හැක.)                                                                                                                                                                      
4.දැන් USB cable එක භාවිත කර ඔබේ දුරකතනය PC එකට connect කරන්න. ඉන් පසු
iroot ඔබේ දුරකථනය detect කර ගන්නා තෙක් සිටින්න.    
5.දැන් root බොත්තම iRoot මෘදුකාංග මත ක්‍රියත්මක කිරීමට ලැබී ඇති අතර ඔබ දැන් එම
root මත click කරන්න.      


6.දැන් මුලික ක්‍රියාවලිය සිදුවන තුරු රැදී සිටින්න.ඔබේ දුරකථනය 2-3 වතාවක් restart වේ.
7.දැන් ඔබේ කාර්ය ඉතා හොදින් සිදුවේ. කිසිදු අවදානමක්  නැතිව ඔබේ ජංගම  දුරකථනය   
root වේ.



වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ගමු.

සාමාන්‍යයෙන් අපගේ දුරකථනයකින් ඡායාරූප ගත්තට, ඵය සර්ව සමිපූර්ණ හා වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් බවට පත්වන්නේ නැහැ. නමුත් අද ඔබට ලබාදෙන මෙම Camera FV-5 යෙදුමෙහි යෙදුමෙහි ඡායාරූප ගැනීම හා ඵ් ආශ්‍රිත බොහෝ පහසුකමි ප්‍රමාණයක් ඇතුලත් කර නිර්මාණය කරන ලද මෘදුකාංගයක් වන අතර මෙමගින් ඔබගේ උපාංගයේ දැනට ඇති Camera මෘදුකාංගයෙහි නොමැති පහසුකමි බොහෝ ප්‍රමාණයක් ඔබට ලබාගත හැකිය.



ඇතුලත් පහසුකමි :
☞All photographic parameters are adjustable and always at hand: exposure compensation, ISO, light metering mode, focus mode, white balance and program mode.
☞DSLR-like viewfinder display: see exposure time, aperture and stops display with EV and bracketing settings.
☞Full fledged exposure bracketing: from 3 to 7 frames, unlimited stops spacing, plus custom EV shifting.
☞Built-in intervalometer: make stunning timelapses (even bracketed/HDR timelapses) and time-controlled picture series.
☞Program and Speed-priority modes.
☞Long exposure support: take beautiful night photos and light trails with long exposure times up to 60 seconds*.
☞JPEG as well as RAW (PNG) image formats for lossless photo capturing, perfect for post-processing.
☞EXIF and XMP sidecar metadata support.
Self timer for delayed shooting.
☞Autofocus, macro, touch-to-focus** and infinity focus modes, plus a focus lock switch (AF-L).
In background photo developing and processing allows a smooth, uninterrupted camera operation.
☞This camera application completely avoids scene modes, instead you get full manual control over all photographic parameters, just like you do with a reflex camera, so you can ultimately control every aspect of the picture, and leave the post-processing to the computer. So after your DSLR, you will never miss a photo opportunity again, being able to capture it with the closer sensation to your DSLR as possible.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jul 13, 2015)

Improved: support for the Samsung Galaxy S6/S6 edge after receiving the Android 5.1.1 update. Fixed the problems with the stretched viewfinder. RAW capture is reliable and faster. optical image stabilization is improved as well.
Improved: autofocus performance on the Nexus 5, Nexus 6, LG G4 and Samsung Galaxy S6/S6 edge.
New completely redesigned photo review dialog that replaces the old one.

* ඇන්ඩ්‍රොයිඩ් 2.2+ සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.


Camera FV-5 v2.76.1 APK  (4.53MB)  ගොනුව පහතින් බාගතකරගන්න.


බාගතකරන්න මෙතන ඔබන්න- clike here download











බාගත කිරිමට උපදෙස්.

1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න



Monday, September 14, 2015

hutch data 5GB free.

මේක හොර වැඩක් නම් නෙවෙයි.මේක හච් ලගෙ promotion එකක්.මේක දෙන්නෙ එයාලමයි.හැබැයි මේක තියෙන්නෙ සීමිත කාල සීමාවක් සඳහා පමණයි.ඒක නිසා ඉක්මන් කරන එක ඇඟට ගුණයි.මේ ක්‍ර්මය මගින් free data ලබාගන්න මෙන්න මේ සුදුසුකම් ටිකත් ඕන. ** එකවුන්ට් එකේ මුදල් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හෝ ඩෙබිඩ් කාර්ඩ් එකක්.ඒ වගේම හච් සිම් පතක්.
මේකෙ කරන්න තියෙන්නෙ on line ක්‍රමයට recharge කරන එක.අන්න එතකොට තමා ඔබ රීලෝඩ් කරන මුදල් ප්‍රමාණයට අනුව ඔබට free ඩේටා ලැබෙන්නෙ. පහල පොටෝ එකෙන් බලන්න කෝ ඔබ රීලෝඩ් කරන ගනනට ලැබෙන ඩේටා ප්‍රමාණයන්.


ඊට පසුව ඔයාගෙ කාර්ඩ් එකට අනුව නිවර්දි තොරතුරු ඇතුල් කරල 
රී ලෝඩ් කලයුතු ගනන් එහෙම දීල pay කරන්න.



දැන් sms මගින් ඔයාලට දැනුම් දීමක් ලැබේවි රීලෝඩ් එක හා බෝනස් ඩේට ලැබුනා කියල.

ඔයාගෙ අතේ සල්ලි නැතිවෙලාවට වගේම රීලෝඩ් එකක් දාගන්න කඩේට යන්න කම්මැලිනම් හරි රීලෝඩ් පහසුකම නැති තැනක සිටිනවනම් හරි මේ ක්‍රමය සකස් කරගෙන තිබීම ඔබට පහසුවක් වේවි.



මෙම ලිපිය ඔබේ දැන ගැනීම උදෙසාම පල කරන ලද්දක් වන අතර මෙය හච් සමාගමේ ප්‍රචාරක දැන්වීමක් ලෙසින් පල කල ලිපියක් නොවේ.

facebook එකේ නැතිවුන මැසේජ් පොටෝ වීඩියෝ ආපහු ගමු.

මේක facebook භාවිතා කරන ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක්.massage ,photo, video යම් හෙයකින් delete වුනොත් ඒවා ආපහු ගන්න ඕනනම් කොහොමද ගන්නෙ කියල ගොඩක් අය නොදන්න  නිසාම මචං බ්ලොග් අඩවියෙන් අපි හිතුවා ඒ ගැනත් ඔයාලට කියල දෙන්න ඕනි කියල.මේක facebook වෙතින්ම ලබා දෙන සේවාවක්.මම මේක සරල steep කිහිපයකින් ඔබට කියා දෙන්නම්කො.

01.-Login with facebook account > setting > -clike here genaral setting -


02.- ඒකට ගියාම ඔයාලට download a copy of your facebook data , now clike on download a copy link යනුවෙන් ඒ මත ක්ලික් කරන්න.


03.- දැන් නව පිටුවක් විවෘත වී download archive යනුවෙන් බටනයක් දැක්වේවි ඒ මත ක්ලික් කරන්න.


04.- දැන් ඔබෙන් facebook password & security question  අසාවී.ඒවා නිවරදිව ලබාදෙන්න.


05.- දැන් ඔබට මෙලෙස Message එකක් දිස්වේවි  "the download link will be sent to your email id which you used to creat your facebook account". 



06.- දැන් ඔයාගේ Email Box එක Check කරලා බලන්න. දැන් ඔයාට පණිවිඩයක් සමග, Download Link එක ෆේසුබුක් එකෙන් එවලා ඇති. ඒ ලින්ක් එකෙන් ඔයාට Zip File එකක් ඩවුන්ලොඩ් වේවි.



07.- දැන් ඒ Zip File එක ඩවුන්ලොඩ් කරගෙන Extract කරලා බලන්න. දැන් ඔයාට හොයාගන්න පුලුවන් නැතිවුන Message/Pictures & Videos ..


එම zip file එක extract කල විට html file එකක් තිබේ එය විවෘත කර බලන්න.

Sunday, September 13, 2015

wifi router එකට ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ලොග් වෙන හැටි මෙන්න.


අද ඔයාලට දෙන්නෙ තවත් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්.හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නෙ වයිෆයි රවුටරයක්

Saturday, September 12, 2015

ඇන්ඩ්‍රොයිඩ් එකෙන් චිත්‍ර කතා හදමු.(rage maker comic & trall face)



Facebook එකේ සැරිසරන ඔයාලට මෙවැනි comic (චිත්‍ර කතා) කොතෙකුත් දකින්න ලැබෙනවානෙ.ඕව දැක්කාම තව කවුරුහරි හදපු එකක් ඔයාල දාගෙනනෙ යාලුවො අතරෙ බෙදාගන්නෙ.අද ඉඳල ඔයවගේ කතා අපිම හදාගමු.හැබැයි මේක සිංහලෙන් මම ටයිපින් වලින් අත් හදා බැලුවෙ සිංහල අන්තර් ගත කරන ලද දුරකතනය ක පමණයි.සිංහල සහාය නැති පෝන් එකක තාම බලන්න බැරි උනා.නමුත් ඔබේ දුරකතනය තුල සිංහල සහය නොමැතිව සිංහලෙන් ටයිප් කල නොහැකිනම් මෙහෙම දෙයක් ඔබට කරන්න පුලුවන්.මේකෙන් පිංතූර ටික විතරක් අවශ්‍ය ආකාරයට සකස් කොටගෙන save කරගෙන picsart මගින් ඔබට සිංහල වචන ටික දාගන්න පුලුවන්.සිංහල සහය තිබේනම් කිසිම ගැටලුවක් නොමැතිව මේකෙන්ම වැඩේ කරගන්න පුලුවන් .මේ ඇප් එකතුල මෙවැනි comic ,trall face 500කට අදික ප්‍රමාණයක් තියෙනවා වගේම අවශ්‍යනම් ඔයාගෙ ගැලරි එකේ පෝටෝස් ඇඩ් කරලත් මෙවැනි කතා මෙමගින් සැකසිය හැකියි.දැන් පහල ලින්ක් එකෙන් ගිහින් මෙම ඇප් එක download කරගෙන දුරකතනය ට ස්තාපනය කරගන්න.

*-*-*comic maker free download *-*-*

ඔබට පලමුව මෙවැනි තිරයක් ලැබේ.උඩින් ඔය ඉරි තුනක් තියෙන රවුම ක්ලික්කරහම මේන් menu එකට යන්න පුලුවන්

මේ තියෙන්නෙ මෙනු එක.ඇඩ් ඉමේජ් වලින් කැමති ඒවා ඇඩ් කරගන්න අවශ්‍ය ආකාරයට ලොකු කුඩා කිරීම් කල හැකියි.setting- වලින් ඔය කොටුගනන වෙනස් කරන්න පුලුවන්.pen color එකෙන් ටයිප් කරන අකුරුවල පාට වෙනස් කරගන්න.එකින් එක ඔප්ෂන් ඔයාලම අත් හදා බලන්නකෝ

යටින් තියෙන අත් ලකුණ ක්ලික් කරහාම මේවගේ ඔප්ෂන් එකක් එයි.ඒකෙන් තමා අපි කලයුතු වැඩ අතර මාරු වෙන්නෙ.ඒ කියන්නෙ ටයිප් කර්ද්දි ටයිපින්ග් මූඩ් එකේ සිටියයුතුයි.පිංතූර ඇඩ් කරද්දි අත් ලකුනට එන්න ඕන පැහැදිලිනෙ.

ඇඩ් ඉමේජ් ගිහින් ඔය වගේ ඕන එකක් තෝරගන්න.අවශ්‍ය ආකාරයට ලොකු කුඩා කරගන්නත් පුලුවන්


අකුරු ටයිප් කරන්න type mode එන්න.අකුරු වල පාට වෙනස් කරන්න අකුරු වර්ගය තෝරන්න main menu  එකට පිවිස සිදු කල හැකියි.

ටයිප් කරන්න කොටුවක් උඩ ක්ලික් කරන්න මෙහෙම එයි.

 දැන් ටයිප් කරන්න.සිංහල ටයිප් කරන්න helakuru කීබෝර්ඩ් භාවිත කල හැක




*********************************************************************************

ඇප් භාගත කිරීමේ උපදෙස්.අදාල ලින්ක් එක ක්ලික් කොට එන පිටුවේ තප්පර 5 රැඳීසිට skip Add ක්ලික් කරන්න.පහත රූප බලන්න.


Skip add ක්ලික් කල ගමන් apk  ගොනුව ඩව්න්ලෝඩ් වේ.thank u welcome