Saturday, September 19, 2015

soft key එකක් දාල තියෙන key ටික රැකගමු.

උඩ පොටෝ එක පේනවනෙ ඕක තමා soft key කියන්නෙ.ඔයාල ගාව තියෙන පෝන් එකේ ඕක තියෙන්නෙ ඩිස්ප්ලේ එකට යටින්නෙ.ඕවා කාලයක් ක්ලික් කරන කොට වැඩ කරන්නෙ නැතුව යනවා.ඔයාගෙ පෝන් එකෙත් ඔය key දැනටමත් වැඩ නැත්තං හරි වැඩ් නැතුව යන්න කලින් රැකගන්න හරි අද දෙන මේ soft key එක ඔයාලට මහමෙරක් තරම් වටීවි කියල හිතනවා.සාමාන්‍යයෙන් මෙම soft key එන්නෙ මිල අදික ස්මාර්ට් දුරකතනවලට.අපිට කොයින්ද පූසෝ මාලු අපි යනවද මූදූ කියල හිත හදාගන්න ඕන නෑ දැන් මම කියල දෙන්නම් කොහොමද soft key එකක් ඔයාලගෙ දුරකතනයට ඇඩ් කරගන්නෙ කියල.තාවකාලිකව නෙවෙයි ඕනනම් හැමදාටම තියෙන විදියට unstall නොවී තියෙන්නම මේක හදාගන්න පුලුවන්.හරි කලබල විය යුතු නෑ මේක ඕන නෑ කියල් හිතුනොත්  ආපහු අයින් කරන විදියත් කියන්නම්කො.

හැබැයි මේක දාන්නනම් දුරකතනය රූට් කරල තියෙන්නම ඕනි.root කරලනම් මේක gingerbread දුරකතනයකට් වුනත් දාගන්න  පුලුවන්.හරි දැන් අපි වැඩේට බහිමු.පහල ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරන්න.

soft key enabler pro free download *

ඇප් එක ඕපන් කරාම root ppermission ඉල්ලයි.ඒක allow කරල ඇප් එක ඕපන් වුනාම ඔය විදියට enable කරන්න එයි.ඒක enable කරන්න.ඊට පස්සෙ දුරකතනය reboot/restart කරන්නද අහයි දුරකතනය reboot වී නැවත ඔන්වනවිට  soft key එක දුරකතනයේ ස්තාපන්‍ය වී තියේවි.දැන් ඔබේ දුරකතනයේ ඕනම තැනක් ඔන ඇප් එකක් විවෘත කර බලන්න.ඒක හැම තැනම දිස්වේවි.ඔබට පුලුවන් ඒක ක්ලික් කරල වැඩ කරන විදිය ගැන අවබෝධයකට එන්න.දැන් ඔබ බාගත්තු ඇප් එක unstall කලත් soft key වලට හානියක් වන්නෙ නෑ ඒක හැමදාම දුරකතනයේ තියේවි.නමුත් ඔබට එය ඉවත් කලයුතු යැයි හැඟුනොත් නැවත එම ඇප් එක ඉන්ස්ටෝල් කර disable කොට නැවත reboot කිරීමෙන් එය ඉවත් කරගත හැකියි.පහල ස්ක්‍රීන්ෂොට් බලන්න.soft key ස්තාපනයෙන් පසු දුරකතනයේ ස්ක්‍රීන් ෂොට් කිහිපයක් පහත දැක්වේ.










1 comment:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.