Sunday, September 20, 2015

facebook එකවුන්ට් එකක් තාවකාලිකව හෝ සදාකාලිකව මකා දමන හැටි දැනගන්න.

අපෙන් ෆේස්බුක් හරහා සමහරු අහන ප්‍රශ්න දෙකකට පිලිතුරක් තමයි අද ලිපියෙන් මචං ලට කියල දෙන්නෙ.මොකද්ද එතකොට මේ ප්‍රශ්න දෙක.
✳ මචං කොහොමද facebook එකවුන්ට් එකක් delete කරන්නෙ
✳ කොහොමද මචං facebook account එකක් deactivate කරන්නෙ

ඔය තමා ඒ ප්‍රශ්න දෙක ඔය ප්‍රශ්න ඔයාටත් තියෙන්න පුලුවං.නමුත් මේ ප්‍රශ්න දෙක මේ විදියට එකම තැන තියෙද්දි ඔයාලට තව ප්‍රශ්නයක් හිතට එන්න පුලුවන්.ඒ තමයි delete කරනවා කියන්නෙයි deactivate කරනවා කියන්නෙයි දෙකක්ද එකක්ද කියන එක.ඇත්තටම මේ දෙක එකක් නොවෙයි දෙකක්.මේ දෙක වෙන් කිරීමකරන්නෙ මම එහෙම නෙවෙයි facebook විසින්ම තමා මේ වෙන්කිරිම කරල තියෙන්නෙ.මේ ලින්ක් එක මගින් ☞  FACE BOOK HELP CENTER ☜ ගිහින් බලන්නකො මේ දෙකේ වෙනස මම පහලින් දාන්නම් ඔයාලට මේක වඩාත් නිරවුල් වෙන්නත් එක්ක.මොකද fb help center තීයෙන්නෙ කඩ්ඩෙන්(english) නෙ.ඒ නිසා මෙන්න ඒ දෙකේ වෙනස. .
                                                 ↩

Facbook එකවුන්ට් එකක් deactive කල විටෙක,

☞ Facebook පරිශීලකයන්ට ඔබගේ තොරතුරු හෝ Timeline එක දර්ශනය නොවේ.

☞Facebook පරිශීලකයන්ට ඔබව Search කළ නොහැක.

☞ නමුත් ඔබ යැවූ පණිවුඩ ආදිය එම පණිවිඩ ලබා ගත් අයට දර්ශනය වේ.

☞ Facebook විසින් ඔබගේ ගිණුමේ සියලුම තොරතුරු(යහලුවන්,ඡායාරූප)ආදිය Save (ගබඩා)කර තබා ගන්නා අතර ඔබ නැවත ගිණුම Reactivate එනම් නැවත Username,Password දී Log වෙන අවස්ථාවේදී ඔබගේ ගිණුම ඔබ අවසන්වරට භාවිතා කළ ආකාරයටම දැකගත හැකිවනු ඇත.


Facebook account එකක් delete කල විටෙක ,


☞නැවත ඔබට Facebook ගිණුමට Log විය නොහැක.(නමුත් ඔබ දින  15ක් ඇතුළත ඔබගේ අදහස වෙනස් කරගතහොත් නැවත සාමාන්‍ය පරිදි User name,Password දී ගිණුමට ඇතුල්වී Delete වීම අහෝසි කළ හැකිය)

☞ ඔබ මිතුරන්ට යැවූ පණිවුඩ(Messages,Chat) ඔබ ගිණුම Delete කළද ඔවුන්ට දිස්වේ.
සාමාන්‍යයෙන් Facebook සමාගමට එක් ගිණුමක සියලු දේ මකා දැමීමට දින 90ක්වත් ගතවේ.නමුත් එම කාලය තුළ කිසිවෙකුට ඔබගේ ගිණුමට හෝ ඔබගේ තොරතුරු ලබා ගැනීමට හෝ Search කිරීමට නොහැකිය.

☞ නමුත් ඔබ Facebook Log වූ දින වකවානු ආදිය ඇතුළත් ගොනු Facebook සමාගම විසින් Delete නොකරයි.(ආරක්ෂක හේතූන් මත,ඒවත් ඉතින් සාමාන්‍ය කෙනෙක්ට පේන්නෙ නෑ.Facebook එකේ කට්ටිය ඒක පරිස්සමට තියාගන්නවා)

මම හිතනවා දැන් ඔබට මෙම කාරණා දෙක පිලිබඳව මනාව වැටහීමක් ඇති කියා.දැන් ඊගාවට මචං අපි බලමු කොහොමද facebook ගිනුමක් deactivate හෝ delete කර දමන්නෙ කියල,

FACEBOOK ගිණුමක් DEACTIVE කිරීම.

☞ go to page clike here ☜ මෙතන ක්ලික් කර එන facebook setting පිටුවේ පහලින්ම ඇති account - deactive ලබාදී  අදාල පියවර වෙත යන්න.

☞ නැත්නම් facebook menu▼    -   facebook setting & privacy   -   scequrity setting  -  ගොස්  account deactive ලබාදී ලැබෙන උපදෙස් අනුගමනය කරන්න.


How to facebook account delete / ෆේස්බුක් ගිනුම මකාදැමීම,


☞☞ goto here page clike here☜ මෙතනින් ගිහින් delete my account ක්ලික් කර ලැබෙන උපදෙස් පිලිපදින්න.



දැන් අවශාන වශයෙන් මට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි.මේවා ඔබ නිකමට වගේ අත් හදා බැලීමෙන් වලකින්න.ඔබට එකවුන්ට් එක කැන්සල් කරන්නම ඕන නම් විතරක් මේක කරන්න.එහෙම නැතුව නිකන් කරන්න ගිහින් එකවුන්ට් එක අහිමිවුනොත් මට වගකියන්න බෑ ඕං.


අදාල ලින්ක් තුලට පිවිසීමට ලින්ක් එකෙන් ගොස් තප්පර 5 ක් රැඳිසිට skio add ක්ලික්කරන්න..






ඉතින් ඔයාලට පුලුවන් ඔය ගෲප් හරහා හෝ fage හරහා මා එක්ක සම්බන්ධ වෙලා ගැටලු වලට විසඳුම් හොයන්න .එහෙනම් මම ගියා ආයෙත් අලුත් පෝස්ට් එකකින් හමුවෙන තුරු හැමෝටම ජයවේවා.


No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.