Saturday, October 31, 2015

කාලි ලිනක්ස් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තුල රන් කරවමු

2015.05.29 පටන් ගත්තු අපේ බ්ලොග් අඩවිය දැන් මාස පහ සම්පූර්ණ වෙලා.ගොඩක්ම සතුටු කාරණය තමා මේ වෙද්දි අපේ අඩවියට ආපු ගියපු පිරිස ලක්ෂයක් ඉක්මවල.ඉතින් අපි ගැන විශ්වාසයක් ඇතිව අපේ අඩ්විය  ට ආපු ඔබ වෙනුවෙන් තවත් වැදගත් ලිපියක් මාස පහ සපිරෙන මේ මොහොතෙ ලබා දෙන්නයි සූදානම.

පරිගණක හා දුරකථන තාක්සනයේ දියුනුවත් එක්ක විවිධ මෙහෙයුම් පද්දති හඳුන්වා දී තිබෙනවා.මේ අතර ලොව දැනට ප්‍රබලම  මෙහෙයුම් පද්දතිය ලෙස සැලකෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්දතියයි . වින්ඩෝස් xp,7,8,9,10 වැනි මෙහෙයුම් පද්දති අතුරින් ප්‍රබලම මෙහෙයුම් පද්දතිය වන්නෙ ලිනක්ස්.ඔබ භාවිතා කරන  ඇන්ඩ්‍රොයිඩ් os එක නිර්මාණය කොට තිබෙන්නේත් මෙන්න මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතියම උපයෝගිකොටගෙන.නමුත් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස්ම නොවේ.එහි සංක්සිප්තයක් පමණයි.මේ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය තුලත් එකිනෙකට වෙනස්කම් සහිත වූ මෙහෙයුම් පද්දති රැසක් තිබෙනවා.ඒ අතුරින් එකක් තමා අද අපි කතාකරන කාලිලිනක්ස් කියන්නේ.අනෙක්ව අතරෙ  Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux ඒවා තියෙනවා.

අද අපි කතාකරන්නෙ ඉහත කිව්ව ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් අපේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකට දාගන විදිය තමයි.ඉහත කියපු ලිනක්ස් මෙහෙයුම් පද්දති අතුරින් ඕන එකක් අපි කියාදෙන ආකාරයට ඔබට දුරකථනය ට දාගන්න පුලුවන්.අපි උදාහරණයක් ලෙස දාන්න යන්නෙ කාලි ලිනක්ස් os එක.මම මෙතනදි කාලි ලිනක්ස් තෝරගන්න හේතුවක් තියෙයි.කවුරුත් කැමතියිනෙ හැකින් වැඩ වලට.ඉතින් මුලු ලෝකයේම හැකින් කරුවන් භාවිතා කරන ශක්තිමත්ම හැකින් os එක තමා kali linux කියන්නෙ.කාලි ලිනක්ස් ගැන දැනුමක් ඇත්තෙකුට වයිෆයි,fb,gmail,ඕන එකක් හැක් කරනවා කියන්නෙ කජු කනවා වගේ වැඩක්(ලු) [මට නම් ඕවාගැන එච්චර දැනුමක් නෑ හොඳේ අහන්නත් එපා ඕවගැනනම්] ඉස්සරහට කියල දෙන්නම් චූටි වැඩ කෑලිටිකක් අහිංසක ආතල් එකක් ගන්න ලොකු වැඩ ගැන එහෙම අහනවා නෙවේ ඕං].


කාලි ලිනක්ස් ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ ඩේබියන් මෙහෙයුම් පද්දතියේ කේත සටහන් උපයෝගී කරගෙන. පරික්ෂා කිරීමේ මෘදුකාංග 600 කට වැඩ මේකේ අන්තර්ගතයි. ඒ කියන්නේ මේ os එක දාපු ගමන් software 600ක් ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. මේ software වලින් කිහිපයක් තමා nmap (පොර්ට් ස්කෑන් කරන එකක්) Wireshark (පැකට් ඇනලයිසර් එකක්) John the Ripper (පාස්වර්ඩ් කඩන එකක් )
 Burp suite and OWASP ZAP (වෙබ් සයිට් වල සෙකුරිටි පරික්ෂා කරන එකක්.) මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා.

මේක අපිට computer එකට ඉන්ස්ටෝල් කරලත් වැඩ කරගන පුළුවන්. ඒ වගේම live cd වල බූට් කරන්නත් පුළුවන්. වර්චුවල් මැෂින් වලත් රන් කරවන්න පුළුවන්.

දැන් බලමු අපිට ඕන කරන අමුද්‍රව්‍ය ටික.

* අනිවාර්‍යේයෙන් රූට් කරපු ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක්

* 8gb වලට වඩා වැඩි මෙමරි චිප් එකක් (4gb free space එකක් අනිවාර්‍යයි.)

* 1gb වත් රැම් එකක් තිබිම වඩාත් සුදුසුයි(මගෙ රැම් එක 512mb අවුලක් නැතුව වැඩකරනවා.ටිකක් slow)

*ඉවසීම හා කාලය (මේකත් තියෙන්නම ඕනි මොකද වැඩේ ඉවරවෙන්න පැයකට වඩා යයි.සමහර විට තවත් ගතවෙන කාලය අඩු වෙන්න හෝ වැඩිවෙන්න පුලුවන්)

*ඊගාවට ඕන වෙනවා තව ඇප් දෙකක් ප්ලේස්ටෝරියෙන් බාගන්න ලින්ක් දෙන්නම් යටින්.









ANDROID DEPLY CLIKE HERE DOWNLOAD

අදාල ලින්ක් වෙත පිවිසීමට ලින්ක් එක ක්ලික් කොට ඇඩ්ෆ්ලයි පිටුව තුල තප්පර 5ක් රැඳීසිට කහපාට කොටුව තුල දිස්වෙන SKIP ADD කොටුව ක්ලික් කරන්න.

අදාල ඇප් දෙක මුලින්ම භාගත කොටගෙන දුරකථනය ට ඉන්ස්ටෝල් කරන්න .දැන් මුලින්ම LINUX DEPLOY APP එක ඕපන් කරගන්න.

දැන් ඕක ඕපන් කලහම ඔය උඩ තියෙනව වගේ පේජ් එකක් එයි.ඒකෙ ඔය රවුම් කරල තියෙන ඊතල කොටස ක්ලික් කරන්නකෝ.




දැන් එන menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න

දැන් යලිත් මෙනු එකේ පහලට ඇවිත් GUI setting ක්ලික් කරල width එකයි height එකයි.ඔයාගෙ පෝන් එකට උචිත පරිදි හදාගන්න.මම දාල තියෙන්නෙ මගෙ එකට හරියන විදිය.මේකෙන් තමා අපි වැඩකරන කාලි ලිනක්ස් os එක පෝන් එකේ තිරයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ.


දැන් ඒකත් හදල ok කරල මෙනු එකේ ආපහු උඩටම ඇවිත් install කියන එක තෝරල ok කරන්න.








දැන් ටර්මිනලය විවෘත වෙලා 4gb වලට ආසන්න img එකක් creat වෙයි.ඔය img file එක හැදෙන්නෙ ඔයාගෙ මෙමරි කාර්ඩ් එක තුල.ඒකයි කිව්වෙ sd එකේ 4gb වත් free space එකක් ඕනි කියල.මේක හැදිල ඉවර වෙන්න ටිකක් වෙලා ගන්නව ඒකයි කිවුවෙ ඉවසීම තියෙන්න ඕන කියල.ඒක creat වුනාට  පස්සෙ ටර්මිනලය පහලට තව දුරටත් ලිස්ට් එකක් ගමන් කරනව ඒකත් අවසන් වනතුරු රැඳී ඉන්න.අවසන් වූ පසු නැවතත් පහල තීරුවේ ඊ හිස ක්ලික් කොට menu list  එකේ දෙවනියට ඇති Reconfigure කියන එක ක්ලික් කරල ok කරන්න.





දැන් තව සුලුවෙලාවක් ටර්මිනලය රන් වෙන්න පටන් ගනියි.ඒක අවසන් වූ පසු පහල තීරුවේ ඇති start බට්න් එක ක්ලික් කොට ඇප් එකෙන් ඉවත් වී.මුලින් ලබා දුන් අනෙක් ඇප් එක විවෘත කොට ගෙන පහත සඳහන් details ටික ලබාදී කනෙක්ට් විදානය ලබා දෙන්න.


එකට මේ විදියට setting හදන්න
Nick name       : Linux
Password       :- changeme
Port              :-5900
Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.[මේ ලබාදී ඇති කොටස් ටික පමණක් පිරවීම ප්‍රමාණවත් අනෙක්වා හිස් තියන්න මුකුත් නොකර පැහැදිලිනෙ)



හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න







මෙය අවදානම් වැඩක් නෙවෙයි .නමුත් ඔබ අතින් සිදුවන වැරදීම් වලට මා වග කියනු නොලැබේ.මෙය   ස්තාපනය කල හැක්කේ රූට් කරන   ලද දුරකතන වල පමනි.මෙය කස්ටම් හෝ ස්ටොක් රොම් එකක් නොවේ.මෙය ඇප් එකක් ලෙසින් ක්‍රියා කරන අතර  නමුත් මෙය    වෙනමම මෙහෙයුම් පද්දතියකි . 

මෙය රන් වීම නැවත්වීමට    හෙවත් logout වීමට නැවත linux deploy වෙත ගොස් stop විදානය  දෙන්න.නැවත ආරම්භ කිරීමේදි start විදානය දී vnc   වෙත ගොස් connect කරන්න.

මේ පිලිබඳව ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කරන්න.ගැටලුවක් වෙතොත් විමසන්න.

19 comments:

  1. Replies
    1. නෑ මේක ඇප් එකක්.ඇප් එක ඇතුලෙ රන් වෙන්නෙ

      Delete
  2. නෑ ඇප් එකක් ඇතුලෙ වැඩ කරන්නෙ පෝන් එකේ අනික්වට බලපෑමක් නෑ

    ReplyDelete
  3. මගෙ 4න් එක නොට්2 එකක් එක රුට් කරලද .නැද්ද කියලා හොය ගන්නෙ කොහොමද...

    ReplyDelete
    Replies
    1. Root cheker app eken hoyanna puluwan.playstory eken ganna

      Delete
  4. Root cheker app eka playstory eken daganna

    ReplyDelete
  5. Oken wifi hack karanna puluwan..eka karanne kohomda??

    ReplyDelete
  6. කාලි ලිනක්ස් ලැප් එක්කට දානවා නම් ලන්කාවෙ හොයා ගන්න තියෙනවාද ?
    ලැප් එක්කට දානවා නම් ලැප් එක කොච්චර හොද වෙන්න ඔනද (rem hadd vga ) වගෙ පුලුව්න් මෙ ගැනත් පොස්ට් එකක් දාන්න පුලුව්න් නම් කියන්න උත්තර

    ජය වෙවා

    ReplyDelete
    Replies
    1. ලැප් ගැන නම් දන්නෙ නෑ මචෝ😂

      Delete
  7. කාලි ලිනක්ස් ලැප් එක්කට දානවා නම් ලන්කාවෙ හොයා ගන්න තියෙනවාද ?
    ලැප් එක්කට දානවා නම් ලැප් එක කොච්චර හොද වෙන්න ඔනද (rem hadd vga ) වගෙ පුලුව්න් මෙ ගැනත් පොස්ට් එකක් දාන්න පුලුව්න් නම් කියන්න උත්තර

    ජය වෙවා

    ReplyDelete
    Replies
    1. කාලි ලිනක්ස් ගැන කියනවනම් මේක හදලා තියෙන්නේ ඩේබියන් මෙහෙයුම් පද්දතියේ කේත සටහන් උපයෝගී කරගෙන. පරික්ෂා කිරීමේ මෘදුකාංග 600 කට වැඩ මේකේ අන්තර්ගතයි. ඒ කියන්නේ මේ os එක දාපු ගමන් software 600ක් ඉන්ස්ටෝල් වෙනවා නිකන්ම. මේ software වලින් කිහිපයක් තමා nmap (පොර්ට් ස්කෑන් කරන එකක්) Wireshark (පැකට් ඇනලයිසර් එකක්) John the Ripper (පාස්වර්ඩ් කඩන එකක් )
      Burp suite and OWASP ZAP (වෙබ් සයිට් වල සෙකුරිටි පරික්ෂා කරන එකක්.) මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා.

      මේක අපිට computer එකට ඉන්ස්ටෝල් කරලත් වැඩ කරගන පුළුවන්. ඒ වගේම live cd වල බූට් කරන්නත් පුළුවන්. වර්චුවල් මැෂින් වලත් රන් කරවන්න පුළුවන්.

      මේ වනකොට කාලි os එක ARM ප්‍රොසෙසර් වලටත් නිකුත් වෙලා තියෙනවා.

      Delete
  8. Istall wenakota wi fi on karanna onida

    ReplyDelete
  9. Me app ekata giyoth witharada linux

    ReplyDelete
  10. Oya app eka phone eken uninstall krl ain krnna pluwanda?

    ReplyDelete
    Replies
    1. Uninstall කරන්න පුලුවන්

      Delete
  11. කාලි ලිනෙක්ස් android ෆොන් එකට දැම්මම. වැඩ කරනවා. නමුත් ඉන්ටර්නෙට් යන්න බෑ. එකට හෙතුව මොකද්ද එක හදගන්නේ කොහොමද

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.