Thursday, October 29, 2015

මොබිටෙල් කෑෂ් බොනැන්සා මහා වංචාවක හෙලිදරව්ව.

මෙම ලිපිය පලකරනු ලබන්නේ 100% පෞද්ගලික අත්දැකීමක් අනුසාරයෙන්.

2015.10.28 දින පස්වරු 1.59 ට මගෙ මොබිටෙල් දුරකතනයට ඇමතුමක් ලැබෙනවා මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0715262973
                     කතාකරන පුද්ගලයා පැවසුවේ මෙබන්දක් " හෙලෝ මහත්මයා මම රුවන් ඒකනායක. මොබිටෙල් ආයතනයෙන් කතාකරන්නෙ ඔබ ගියමාසය තුල මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟයෙන් ඉහලම ලකුනු ලබාගෙන පන්ලක්ෂ අසූපන්දහසක මුදලක් ජයග්‍රහනය කොට තිබෙනවා.මේ පිලිබඳව ඔබව SMS මගින් දිගින් දිගටම අප දැනුවත් කලත් ඔබ විසින් අදාල මුදල ලබානොගැනීම නිසා අප ඔබට ඇමතුමක් ලබගත්තෙ තව පැයක් ඇතුලත අදාල මුදල් ලබා නොගතහොත් ඔබට එය අහිමිවෙනවා"
                                            ඔන්න ඔය විදියේ විස්තරයක් ඔහුකියවගෙන ගියා.මාව නිකන් කරකවලා අතඇරියා වගේ වුනා පන්ලක්ෂ අසූපන්දහසක්.කජු ඇටද කොස් ඇටද රුපියල්නෙ යකෝ.මමත් කතාවට ටිකක් අහුවුනා ඉතින් මම ඇහැවුවා මම කොහොමද ඔය මුදල් ගන්නෙ කියල.ඔවුන් කීවා මොබිටෙල් ප්‍රධාන ආයතනයට පැයක් තුල පැමිණෙන්න කියල මා මුදල් ලබාගෙන අවසන් වන තුරු ඔහු ඇමතුමේ රැඳී සිටින බව පැවසුවා.නමුත් මා කීවා මොබිටෙල් ආයතනයට පැයක් තුල පැමිනිය නොහැකිබව.ඔවුන් කීවා බැංකුගිනුමකට අදාල ගිනුම් බැරකල හැකිබව.ඒකට වැට් මුදලක් ගෙවිය යුතුබවද කිවා.වැට් මුදල ලෙස සඳහන් කලේ 19500 ක මුදලක්.ඔහු කීවා අදාල මුදල මට ලැබුන බවට මා තහවුරු කරනතුරු දිගටම ලයින් එකේ රැඳී සිටින බව.

මේ වන විට මෙ ඇමතුම ගැන යම් සැකයක් මගෙ හිතතුල ඇතිවෙමින් තිබුනා.ඊට හේතුව මම වැඩිපුර භාවිතකරන්නෙ ඩයලොග් සිම්පත නිසා මොබිටෙල් එකට මම වැඩිය RECHARJE කිරිම සිදුවුනේ නෑ.එහෙම තියෙද්දි තරඟයකින් මා ජයග්‍රහනය කලා කීම යම් කුකුසක් හිතට එක් වුනා .ආපහු හිතට එනවා වැරදිලා ආවත් යකො ලක්ස පහක් සෙල්ලම්ද දැන් මේක මොනවහරි කරල ගන්නත් එපෑයෑ.ඉතින් මම අහනවා දැන් මම මොකද්ද කරන්න ඕන.
                                  දැන් අහනවා ජාතික හැඳුනුම්පත් අංකය බැංකු අංකය මමත් හරක වගේ දඩබඩ ගාල දෙනවා.ඊට පස්සෙ ඔහු කියනවා ජාතික හැඳුනුම්පතේ චායා පිටපතක් ඔව්‍න්ට FAX කරන්නලු.ඊට පස්සෙ බැංකුව ගාවට යන්නලු ඊට පස්සෙ කියන්නම්ලු වැට් එක ගෙවන විදිය ඒ කිය්න්නෙ 19500 ක මුදල ඔක්කොටම තියෙන්නෙ පැයක් විතරලු.ඒ අතර තුර දුරකථනය විසන්ධි වෙන්න දෙන්න එපාලු.පර්ක්කු වෙන්න වෙන්න මම දිනාගත්ත මුදලට තව කෙනෙක් තරඟකරල ඒ මුදල ලබාගන්න පුලුවන්ලු.දැන් කියනවා එයාගෙ ලඟ ඉන්න කෙනා ඒ වගේ තවත් ජයග්‍රාහකයෙක් දැනුවත් කරන ගමන්ලු ඉන්නෙ.ඒ පැත්තට මගෙ සවනත යොමුකරනවා.දැන් මම ඉන්නෙ කොමියුනි කේසන් එකේ FAX එක යවන්න සූදානමින් එක්වරම ඉහත කරුණු වලට අනුව මගේ සැකය ප්‍රබල වුනා .මට තේරුනා ඔහු ඔහු ගැන විශ්වාසයක් මවා පාන්න උත්සාහ දරමින් ඉන්නවා.ඒ වගේම මගෙ ප්‍රමාදය පිලිබඳව ඔහු ඉන්නෙ දෙගිඩියාවෙන් බව මට වැටහෙනවා.කමියුනිකේසන් එකේ අයියා කියනවා මල්ලි අපිගාව FAX නෑ අහවල් නගරෙට යන්න ඕන FAX යවන්න.මම එනවා ආපහු ගෙදරට දැන් මම හෙන දෙගිඩියාවෙන් ඇමතුමේ ඉන්න කෙනා දිගටම කියවනවා මුකුත් හිතන්න කාලයක් ඉතිරි කරන්නෙ නෑ ඔහු .ඔහු කියනවා ඉක්මන් කරන්නලු කාලය ගෙවෙමින් යනවලු මුදල් ගැනිමට හැකි කාලය අවසන් වීමට පෙර ෆැක්ස් එක එවල ඉක්මනින් බැංකුවගාවට යන්නලු ටැක්ස් එක ගෙවපුගමන්  මගෙ ගිනුමට මුදල්බැර කරනවලු මුදල් ලැබුනුබවට මා තහවුරු කරනතුරු ඔහු ඇමතුමේ ඉන්නවලු.කොහොම වුනත් බැකුවට එන්න මට යන්න වෙනවා හොරනට ටැක්ස් ගෙවන්න මුදල් ගන්න ඕනත් බැංකුවෙන්.ඒක නිසා මට ටිකක් හිතන්න අවස්තාව ලැබුනා දැන් මම යන්න ලෑස්ති වෙන්න හදනකොටම මගෙ යටිහිත කියනවා මේකෙ කොහේ හරි අවුලක් තියෙනවා කියල.

මම ඕන රෙද්දක් වෙච්චාවෙ කියල ඇමතුම විසන්ධි කලා.ගැහැවුවා කස්ටමර් සර්විස් 1717 ,ලස්සන ගෑනු කටහඬක් " හෙලෝ සර් මම දුලානි කෙසේද මා ඔබට සහයවන්නෙ .ඉතින් ඔන්න මම කීවා වෙච්ච සංතෑසියම.මම කිවුවා මට දිනුමක් තියේද බලන්න කියල.ඒ පාර ඒ මිස් කියනවා සර් ඔබට වංචාකරුවෙක් කතාකරල තියෙන්නෙ ඔබට එහෙම දිනුමක් නෑ .කියල

කොහොමද කඩාගෙන ගිහින් ටැක්ස් එක කියලා අරූට 19500ක් ගෙවුවනම් වසල හමාරයිනෙ.ඇමතුමේ තවත් දේවල් තිබුනා.ඔක්කොම මට මතක නෑ.කොහොමත් පැයභාගයක් විතර ඌ කතාකරල තිබුනා.මම කස්ටර්මර් සර්විස් එකෙන් විමසීමක් කලා ඒ පිලිබඳව කුමක් කලයුතුද කියල ඒ ගැන ඔවුන්ට කල හැක්කක් නැතිලු.පොලිසියෙ පැමිනිල්ලක් දාන්නලු.මම නම් පොලිසි ගියෙ නෑ.ඒත් මම තක්කෙටම අහුවුනානම් මේ පෝස්ට් එක ලියනවෙලාව වෙද්දි මම පොලීසියෙ පැමිනිල්ල දානගමන් වෙන්න පුලුවන්.


මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ තවත් අය මේකට අහුනොවිය යුතුයි සිතුන නිසා.එවැනි ආකාරයේ ඇමතුමක් ඔබටත් ආවොත් ඔබ දෙවරක් හිතන්න.නිකන් අතේ තියෙන මුදලටත් කෙලවනොගෙන.


තව දෙයක් ඔහු මට ලබාදුන් ඔහුගෙ තොරතුරු ටික මෙන්න

*H.K රුවන් ඒකනායක (නම)

*802775566v (ජා.හැ.අංකය)

* cb3006 (සේවා අංකය)

*531/A, wadරාමනායක මාවත,යුනියන් පෙදෙස,කොලඹ2

මේ ඔහු ඔහුගැන විශ්වාසය ඇතිකිරීමට ඔහුවිසින් ලබාදුන් තොරතුරුයි.මේ ඔහුගේ සැබෑ තොරතුරු නොවිය හැකියි.

0715262973 ඇමතුම පැමිණි අංකය මෙයයි.

ජා-හැ චායාරූපය එවිය යුතු ලෙස  සඳහන් කල fax අංක දෙක පහතින් දැක්වේ.
* 0112 698629
* 0777 087 917

මේ තොරතුරු වලට අනුව ඉහත අංක අයිති පුද්ගලයින් පිලිබඳව ඔබ දන්නේ නම් ලඟම ඇති පොලිස් ස්තානයට දැනුම්දෙන්න.ඔබටත් මෙවැනි ඇමතුමක් ලැබුනහොත් එ පිලිබඳ සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන්න.මෙම ලිපිය කියවා මිතුරන්ටත් දැනගැනීමට  හැකි තාක් share කර බෙදාහරින්න.

වංචාකරුවන් නීතියේ    රැහැනට කොටුකරගැනීමට    දායක වන්න

නැවතත් පිලිවෙලින් වංචාසහගත ඇමතුමේ හැඩහුරුව

* ඔබ විසින් යම් තරඟයක් විසාල මුදලක් දිනා ඇති බව පැවසීම

* එම මුදල ලබාගැනීමට   ලබාදී   ඇතිකාලය අවසන් වීමටට    ආසන්න බව පවසයි.

* බැංකු ගිණුමකට මුදල් ලබාදිය හැකිබව පවසා ගිනුම් තොරතුරු පෞද්ගලික තොරතුරු ඉල්ලයි.

* ඉතා හදිසිබව පවසයි.මුදල් අහිමි විය  හැකිබව පවසයි.

* ජාතිකහැදුනුම් පත් කොපි ෆැක්ස් කලයුතු බව පවසයි.

* ටැක්ස් එකක් ගෙවිය යුතුබව පවසයි.එය ගෙවූ පසු මුදල්  බැරකරන බව දන්වයි.

මේ    ටැක්ස් එක කියල ගන්න හදන මුදල තමා   ඔවුන් වංචාකරන්නෙ.ඒක ගෙවුවොත් sorry.com.

13 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්... ස්තුතියි දැනුවත් කලාට සහෝ.....

    ReplyDelete
  2. පොස්ට් එක දාපු එක ගොඩක් වටිනවා

    ReplyDelete
  3. තැන්කූ aiya,දැනුවත් කරාට,,ගොඩක් වටිනවා

    ReplyDelete
  4. 500කටත් වඩා මේ ලිපිය බලල තියෙයි.ඒ අතුරින් කොමෙන්‍ට් එකක් දාල ගියපු උඹල හතර පස් දෙනා මට රටක් වටිනවා බන්ල

    ReplyDelete
  5. machan man laga me seen ake recoding 1k tiye. dailog aken kiyala kata karapu. dialog akata kiwwa. cid akatat kiwwa tama kisima answer 1k na

    ReplyDelete
  6. Rec එක යූටියුබ් දාලා ෆේස්බුක් එකෙන් පබ්ලිශ් කරපන් කාටහරි උදව්වක් වෙයි

    ReplyDelete
  7. Ela thnx mchanzzz ohoma salli debawa qwama un hiti thenuth amathaka wenawane bn...ela

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.