Tuesday, September 1, 2015

gmail account එකක් හදාගන්න.

කෙනෙකුට කියන්න පුලුවන් මේකත් වැඩක්ද කියල නමුත් මේ ලිපිය ලියැවෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට ආධුනිකයන්ට පහසුවක් වීමට.ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන්ට මෙම email භාවිතය ගැන වැටහීමක් නැතිබව මා අත්දැකීමෙන් දැක තිබෙනවා.ඒ අය ගොඩක් වෙලාවට කාට හරි කියල හදාගත්ත account එකකින් තමා යන්තම් ගැටගහගන්නෙ.බොහෝ දෙනෙක් මා දැක තිබෙනවා email එකවුන්ට් එක මොකද්ද කියල අහද්දිත් උඩ බිම බලනවා.ඉතින් අන්න ඒ අයට උදව්වක් විදියට මම හිතුවා මේ ගැන ලිපියක් දැමිය යුතුයි කියලා.අද වෙද්දි ස්මාර්ට් වලට විතරක් නොවේ අන්තර්ජාලය පරිහරණය කරනවනම් email සම්බන්ධව ඉතා හොඳ අවබෝධයක් ලබා සිටිය යුතුමයි.facebook,emoney,ebay ,twitter , blog ,smart phone, e memory,share, ,විතරක් නොවේ සමහර වෙබ් අඩවි තුලට පිවිසීමටත් email account එකක් අත්‍යවශ්‍ය කාරණාවක්.ඔබ යම් අයෙකුට කියා එක් එකවුන්ට් එකක් හදාගෙන එයම මේ සියල්ලටම භාවිතා කිරීමත් නුවනට හුරු නෑ.ඉතින් ඔබ එකවුන්ට් එකක් හදන හැටි දැනගෙන ඉන්න එක කෝකටත් ප්‍රයෝජනවත් වේවි.

         ඇත්තටම  email account එකවුන්ට් එකක් හදන එක සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ.එය ඉතාම පහසු දෙයක් අදවෙද්දි email සේවා සපයන ආයතන බොහොමයක් තිබුනත් එහි හිනි පෙත්තෙම සිටින්නෙ yahoo සහ google mail ආයතනයි.කලකට ඉහතදී yahoo එහි අංක එකේ සිටියත් අදවෙද්දි yahoo පහලටම ඇදදමමින් google ල ඉදිරියට ඇවිත්.කොටින්ම කියනවනම් දැන් yahoo mail සොයාගැනීමටවත් නොහැකිතරම්.ඉතින් අපි ඔයාලට කියල දෙන්නෙ ජනප්‍රියම email සේවාව සපයන google මගින් ලබාදෙන google mail හෙවත් gmail එකවුන්ට් එකක් තමන්ටම හදාගන්නෙ කොහොමද කියල.
පහල ලින්ක් එකෙන් යන්න gmail account ෆොර්ම් එක පුරවන්න.(අලුත් ටැබ්(පිටුවක්) එකක් විවෘත කරගැනීම ඔබට පහසුවක් වේවි)

*** CLIKE HERE CREAT GMAIL ACCOUNT *** (තප්පර පහක් රැඳීසිට ඉහල කෙලවරේ දිස්වෙන skip add කියන එක ක්ලික් කරන්න.)

දැන් ඔබට මෙවැනි fourm එකක් දැකගත හැකියි.ඔබට කරන්නතියෙන්නෙ මෙම පෝරමය පිරවීමයි.මේ සඳහා ඔබගේ සත්‍යතොරතුරුම අවශ්‍ය නොවේ.නමුත් ඔබ ලබා දෙන සියලු කරුණුමතක තබාගන්න.අමතකවේනම් කොහේහෝ සටහන් කර තබාගන්න.මෙම fourm එක තියෙන්නෙ කොටස්වශයෙන් නොවේ එකදිගට පහලට හරිය.

*name කියල කොටුදෙකක් තියෙනවනේ ඒකට දෙන්න ඔයාගෙ නමේ කොටස් දෙක මේ වගේ.(ඔයාගෙ ඇත්තම නමම දෙන්න ඕන කියල නෑ හොදේ)

* ඊගාවට තියෙනවනෙ choose your username kiyala අන්න ඒකට ඔයා දීපු නම් කෑලි දෙක එකතුකරල හදාගන්න username එකක්.මේකෙදි මේ දේ මතක තියාගන්න 100%ක් එකම නම තියෙන username එකක් දෙන්නෙකුට හදන්න බෑ.අන්න ඒකයි මම මෙතනදි අංක කීපයක් එකතු කලේ.ඒ විදියට අංක සහිත වියයුතුම නෑ.හැබැයි ඔයා දෙන ,yousername එකෙන් තව කෙනෙක් account එකක් දැනටමත් හදලනම් ඔබට ආයෙත් මේ කොටස් පුරවන්න ඕන වෙන යූසර්නේම් එකක් දාල.ඒ වගේම ඔබ ලබාදෙන yousername එක පැහැදිලිව මතක තියාගන්න.ඔබ ගිනුමට ලොග් වෙන්න මේක ලබාදිය යුතුමයි.

* ඊගාවට තියෙන්නෙ පාර්ස්වර්ඩ් එක මේකට ඉතා ශක්තිමත් පාස්වර්ඩ් එකක් ලබාදෙන්න.අවමය අංක 9කවත් පාර්ස්වර්ඩ් එකක් දෙන්න.පාර්ස්වර්ඩ් එකට අකුරු ඉලක්කම් කලවම් කරල සකස්කර ගැනීම වඩා ආරාක්ෂිතයි.එසේම දිග අකුරු හෝ ඉලක්කම්  12 ක් පමණ දිය හැකිනම් වඩාත් ආරාක්ෂිතයි .ගොඩ දෙනෙක් පුරුදු වෙලාතියෙන්නෙ ජාතික හැඳුනුම් පත් අංක උපන්දින හෝ ජංගමදුරකතන අංක පාර්ස්වර්ඩ් එක ලෙස ලබාදීමට නමුත් මතක තියාගන්න එවැනිදේ ඔබේ මිතුරන්ට පහසුවෙන් ඔබේ පාර්ස්වර්ඩ් එක උපකල්පනය කල හැකිබව.එම නිසා එවැන්නක් ලබා දෙන්නේ නම් එහි අංක පිලිවෙල මාරුකර ලබාදෙන්න.උදා.ඔබේ හැඳුනුම්පත් අංකය 751476680v නම් පාර්ස්වර්ඩ් එක ලෙස එලෙසම ලබා නොදී 680476751 වගේ වෙනස් කොට දිය හැකියි.නමුත් වඩාත්ම සුදුසු වන්නේ වෙනමම පාර්ස්වර්ඩ් එකක් සාදා එය මතකයේ තබා ගැනීමයි.ඔබ ප්‍රමාණවත් පාර්ස්වර්ඩ් එකක් ලබාදුන්නේ නම් strong ලෙස කොලපාටින් තීරුවක් පහලින් පෙනේවි.

* ඊගාවට confirm a password කියන එකට ඔබ ඉහත ලබාදුන් පාස්වර්ඩ් එකම නැවතවරක් ලබාදෙන්න.




* ඊගාවට උපන්දින මාසය වසර ලබාදෙන්න (නිවරදිම තොරතුරු අනවශ්‍ය වුවත් ඔබවිසින් මේ ලබාදුන් තොරතුරු මතකයේ තබාගතයුතුයි.)
* ඊගාවට ස්ත්‍රී පුරුෂ භාවය දෙන්න පිරිමි නම් male ලෙසද ගැහැනු නම් female ලෙසද ඔයදෙකම නෙවෙයිනම් other ලෙසද ලබාදෙන්න.
* ඊගාවට country කෝඩ් එක දෙන්න ලංකාවෙනම් ඔය තියෙන විදියම තමා.
* ඊගාවට ඔයාගෙ පෝන් නම්බරය දෙන්න country code එක්ක.උදා: +94 77*******
* ඊගාවට විශ්වාසවන්ත යාලුවකුගෙ හරි ඔයාගෙම වෙන එකවුන්ට් එකක හරි email ඇඩ්‍රස් එකක් දෙන්න.(මේක අනිවාර්‍ය්‍ ය නොවේ.නමුත් පාර්ස්වර්ඩ් අමතකවූ විටෙක හෝ බ්ලොක් වූ විටෙක මෙය ලබාදී තිබීම පහසුවක් වේවි.)

 

* මෙම පියරේදි prove your re robot කියන එකට ටික් එකක් දැම්මොත් ඊට පහලින් තියෙන පියවර මග හැරෙන අතර ඔබේ දුරකතනයට sms මගින් confimation code එකක් ලැබෙන අතර එය ලබදිය යුතුයි.එලෙස කිරීම වඩා ආරක්ෂිතයි.නැතිනම් එම පියවර මග හැරීමට එයට ටික් එක නොදා ඊලඟ පියවරට යොමුවන්න.

* ඊගාවට පහල තිබෙනවාක් මෙන් ඔය කොලපාට කොටුවේ දිස්වෙන අකුරු ටික type the text කියන කොටුවේ ඉතානිවැරදිව ටයිප් කලයුතුයි.එම කොටුවේ තිබෙන අකුරු ඔබට පැහැදිලිව නොපෙනේනම්  type the text කියන කොටුවට ඉදිරියෙන් තියෙන රවුම් ඊතලය ක්ලික් කිරීමෙන් වෙනත් එකක් ලබාගතහැකි අතර එය ටයිප් කරන්න.

* location ලෙස ඔබ දැනට සිටින රට ලබාදෙන්න.මම ඉතින් ලංකාවෙ නිසා srilanka ලෙස දීල තියෙයි.
* ඊගාවට එන i agree to the google කියන එක ක්ලික් කරල ටික් එක දාන්න
* දැන් continue කියන එක ක්ලික් කරන්න.


ඔබ ඉහත ෆෝර්ම් එක නිවැරදිව පුරවා ඇත්නම් පහත ලෙස පැමිනේ.නිවර්දිව පුරවා නැත්නම් නැවත පෙර පිටුවටම යන අතර ඔබ නැවත පිරවිය යුතු කොටස් රතුපාටින් දිස්වේවි ඒවා නිවර්දිකර නැවත continue ,කිරීමෙන් මෙම පහල පිටුවට පැමිනේවි.

දැන් ඉතින් get started ක්ලික් කරන්න

දැන් ඔබ email එකවුන්ට් එක හදල ඉවරයි.


සාමාන්‍යයෙන් ඊමේල් එකට ලොග්වීමේදී අවශ්‍ය වන්නේ yousername හා password පමනක් වුවත් ඔයාගෙ එකවුන්ට් එක බ්ලොක් උනොත් පාස්වර්ඩ් අමතක උනොත් ඔයාට සිදුවෙනවා ඊමේල් එක හදපු දිනය වගේම හදද්දි දුන් තොරතුරුත් නැවත දෙන්න ඒක නිසා ඒ හැම දේම කොහේ හෝ සටහන් කර තිබීම වඩා වැදගත් වේවි.ඉදිරි ලිපියකින් කියා දෙන්නම්කො ඊමේල් එකට ලොග්වෙන විදිය හා ඊමේල් යවන්නෙ කොහොමද ආපුවා බලන්නෙ කොහොමද කියන ඒවා .

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.