Thursday, September 3, 2015

ඔයාගෙ පෝන් එකත් හීරිලාද ?.පෝන් එකට අලුත් පෙනුමක් ගන්නෙ මෙහෙමයි.

*මුලින්ම දුරකතනය ක්‍රියාවිරහිත කරන්න
* දැන් බැටරිය ඉවත් කරන්න.
* සියලුම ports නිරාවරණය කරන්න.
* ඉහත පියවර 3 පහත සියලුම කාරණා සඳහා වලංගුවේ.
* මෙම ක්‍රම මගින් ස්මාර්ට් දුරකතන පමණක් නොව ඕනෑම දුරකතනය ක් සඳහා භාවිතා කලහැකියි.අවශ්‍ය නම් අත් ඔරලෝසු මුහුණත් සඳහාද මෙය කල හැකියි.ඔබත් මෙය අත් හදා බලන්න



01.දත් බෙහෙත්

                            මේ සඳහා සාමාන්‍ය දත් බෙහෙත් පමණක් භාවිතාකලයුතු අතර ජෙල් ඩත් වැනි දේ භාවිතා නොකරන්න.(SIGNAL, CLOGUARD වඩා සුදුසුයි)


1. කපු පිරිසිදු කිරිමේ පොඩි රෙඩි කැබැල්ලක් හෝ සිනිදු පිරිසිදු රෙදි කැබැල්ලක් දත් බෙහෙත් ස්වල්පයක් තවරන්න
2. දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි ) මෙසේ බොහොඅ වේලාවක් කරන්න
3. තිරය මත ඇති ගෑවුනු දත් බෙහෙත් ඉවත් කිරීමෙදි මදක් පොගවාගත් රෙදි කැබැල්ලක් භාවිතා කරන්න(මෙලෙස ජලය පොඟවාගත් රෙදි කැබැල්ලකින් දත් බෙහෙත් ඉවත් කර ගැනීමේදි දුරකතනය ඇතුලට ජලය නොයැවීමට ඔබ විසින් වග බලාගන්න)




 02.වාහනවල සුලු සීරීම් ඉවත් කර ඔපවත් කිරීමට යොදාගනු ලබන ක්‍රීම් වර්ග භාවිතය.



Turtle wax , 3M සහ දිය සුලි ඉවත් කිරීමෙ  cream වැනි දෙයක් භාවිතා කිරීම මගින්  මෙම සිරිම්  ඉවත්  කරගත හැක . පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන සිනිදුව පිසදමන්න... 
( රවුමට සෙමින් පිරිමදින්න )



03.ලදරු පවුඩර් භාවිතය.



ලඳරු පවුඩර් වලට වතුර ස්වල්පයක් එකතු කර  ආලේපයක් සාදා ගන්න. බේකින් පවුඩර්ද මෙලෙසින්  පාවිච්චි කල හැකි වේ.
ආලේපය ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි )




 04. එලවළු තෙල්.



ඉතා කුඩා සැගවුනු සිරීම් වලට මෙය තාවකලික විසදුමකි.  එලවලු තෙල් බින්දුවක් සිරිම් මත තැවරීමෙන් ඉක්මන් බාහිර සවියක් ලෙස සඳහන් කරන්න පුලුවන්



ඔය කිව්වෙ පොඩි පිලියම් ටිකක්.පෝන් එකක් ගත්ත ගමන් ඩිස්ප්ලේ එකට ස්ටිකරයක් ඇලෙවුවනම් ඔය කරදර මුකුත් නෑ ඉතිං.කොහොම වුනත් සමහරුන්ගේ පෝන් දකිද්දි එපා වෙනවා.ඒ අයට මේවා අත් හදාබලන්න පුලුවන්.ඉතින් ඕවා ටිකක් ඉවසීමෙන් පරිස්සෙමට කරන්න දුරකතනය ඇතුලට වතුර නොයන විදියට.තව කාරණයක් කියන්න ඕන .මේකෙන් වෙන්නෙ ඩිස්ප්ලේ එක ගෙවීමක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින් හීරෙන හීරෙන පාරක් ගානෙ ඔහොම කරන්න ගියොත් ඕක ගෙවිලම ගිහින් පෝන් එක ඇතුලටම අත බහියි.ඒක නිසා ඔය ක්‍රමයක් භාවිත කරල පෝන් එක ප්‍රෙස් කරගෙන ස්ටිකරයක් ගහගන්න.එතකොට හානියක් වෙන්නෙ නෑනෙ.ස්ටිකරේ මාරුකරාම ඉවරයි.


දැන් ඉතින් කියෝල කඩාගෙන බිඳගෙන දුවන්නෙ නැතුව හෙමින්සැරේ පහලින් කොමෙන්ට් එකක් දාගෙනම යං නේද?

4 comments:

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.