Thursday, July 30, 2015

java app & game run for aandroid all version( no root & root)

සාමාන්‍යයෙන් ජාවා ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් වල රන් කරවන්න බෑනෙ.නමුත් මීට ටික කාලයකට ඉහත ඉඳන් ginjer bread(ඉඟුරුපාන්) වලට ජාවා ඇප් රන් කල හැකි ක්‍රමයක් ඉතා ජනප්‍රිය වුනානෙ.නමුත් අපි අද අරන් ආවෙ ics/jb/kk වැනි වර්ශන් වලත් රූට් කිරීමකින් තොරවම ජාවා ඇප් රන් කරවන්න පුලුවන් java emulater එකකුත් අරන්.සාමාන්‍යයෙන් ජාවා පෝන් වලට පස්සෙ ඉතා දියුණු තාක්ෂණයක් ඇන්ඩ්‍රොයිඩ් වලට තිබුනත් ජාවා තාමත් ජනප්‍රියයි ඊට හේතුව තමා ජාවා වලින් සිදුකල හැකිව තිබූ බොහොමයක් දේ ඇන්ඩ්‍රොයිඩ් ට බැරි වීම .ඉස්සර මතක ඇතිනෙ ජාවා පෝන් එකෙන් බ්ලූටූත් වලින් අනුන්ගෙ පෝන් වලට රිංගල කරපු මගෝඩි වැඩ.ඒ ගැනත් විස්තර ඇතිව ලිපියක් ඉස්සරහට දෙන්නම් කො.අනික තමා ජාවා වලින් fecebook එහෙම යද්දි 2G සිග්නල් එකත් හොඳට ප්‍රමාණවත් කියලත් දන්නවනෙ අනික ඇන්ඩ්‍රොයිඩ් වලට කල නොහැකි තවත් බොහෝදේ ජාවා වලට පුලුවන්.එවැනි වැඩ කිඩ ටිකක් ඉදිරි ලිපි වලින් අපි දෙනවා.ඉතින් ඔක්කොටම කලින් අපි බලමු කොහොමද ඇන්ඩ්‍රොයිඩ් එකේ ජාවා ඇප් රන් කරවන්නෙ කියල.
                         ***මුලින්ම මේ file manager එක ඩවුන්ලෝඩ් කරගන්න -CLIKE HERE DOWNLOAD ***
                       
               *** ඊගාවට මෙන්න මේ ජාවා  emulater එක ගන්න -CLIKE HERE DOWNLOAD

                         *** දැන් මේ ජාවා facebook Apk file දෙක (jar & jad ) දෙක ගන්න -CLIKE HERE DOWNLOAD


මුලින්ම file manager ඇප් එකයි ජාවා eemulater  ඇප් එකයි ඉන්ස්ටෝල් කරගන්නකෝ.ඕපන් emulater එක දැන්ම ඕපන් කරන්න එපා දැන් file manager ගිහින් facebook apk දෙක facebook නමින් folder එකක් හදල ඒකට දාගන්න.පහල පිංතූරය බලන්න.දැන් එතනින් ඉවත් වෙන්න.




දැන් ඉන්ස්ටෝල් කරගත්තු java emulater එක ඕපන් කරගන්න.පහල පිංතූරය බලන්න.

දැන් පහල පිංතූරයේ දැක්වෙන තැනින්(open) යන්න.

දැන් කලින් facebook apk දෙක ඒ කියන්නෙ facebook jad සහ facebook jar file දෙක දාල හදපු folder එක ඕපන් කරන්න.


දැන් පහත දැක්වෙන පරිදි facebook.jad කියන එක එක පාරක් ක්ලික් කරන්න
දැන් පහල දැක්වෙන තැනින් ඕපන් දෙන්න.

දැන් පහත පරිදි run විදානය දෙන්න.දැන් emulater එක හරහා සාර්ථකව ffacebook ජාවා ඇප් එක රන් වේවි.


මේ විදියට facebook  විතරක් නෙවෙයි ඕනම ජාවා ඇප් එකක් ජාවා ගේම් එකක් මේ හරහා ධාවනය කල හැකියි.මේක අයිස්ක්‍රීම් සැන්විචර්ස් ,ජෙලිබීන්,කිට්කැට් වර්ශන් තුනේම සාර්ථකව අත් හදා බලා ඇත.

මෙන්න හම්බුනා need for speed mostwanted ජාවා ගේම් එක මේකත් ඉතින් කලින් facebook හැදුව වගෙ jad,jar file දෙක එක පෝල්ඩරයකට දාල need for speed කියල නම් කරගෙන emulater එක මගින් මුලින් සිදුකල ආකාරයටම සිදුකරන්න game app එක පහලින් බාගන්නකෝ






*** NEED FOR SPEED MOST WANTED JAVA GAME -  CLIKE HERE DOWNLOAD

ඉදිරි ලිපියකින් අමුතු,අපූරු වැඩ කරන්න පුලුවන් JAVA APP සෙට් එකක් ම දෙන්නම්කො.මේ ලිපිය ඔයාලට වැදගත් වුනා කියල හිතෙනවනම් ඔබේ අදහස COMMENT කරල යන්න අමතක කරන්න එපා.

8 comments:

  1. ලින්ක් වැඩ කරන්නෑ මචං

    ReplyDelete
  2. ඔය ලින්ක් දීල තියන ඇප් ටිකේ නම් ටික දැම්මනම් ලේසී මචන්. එතකොට ගූගල් එකෙන් ගන්න බැරියෑ.

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.