Thursday, July 2, 2015

නැතිවුන පෝන් එක හොයාගන්න


කොහොමද නැතිවුන දුරකථනයක් හෝ දුරකථනය සොරා ගත් අයෙක් සොයා ගන්නේ......
මේක ලංකාවේ අයට විතරයි හොදේ.....


අද ජංගම දුරකථනය සුඛොපභෝගී භාණඩ ලයිස්තුවෙන් මිදිලා පාරිභෝගික භාණ්ඩයක් වෙලා. තරුණ පරම්පරාවෙ ඔක්කොම කොහොම හරි බලන්නෙ මිලෙන් අධික ජංගම දුරකථනයක් ගන්න. හදිසියේ හරි ඔය වටිනා දුරකථනය නැති වූණොත්....Mobile Tracker වගේ දේවල් තිබුනට ඒවට නීතිය බල නොපාන හින්දා ලංකාවෙදි නැතිවුණ Phone එක හොයාගන්නෙ කොහොමද කියලා තමයි මම කියන්නෙ. උස්සපු කෙනා Phone එක ebay එකට පටවන්නෙ නැතිව ලංකාවෙ ඇතුලෙ පාවිච්චි කරනවා නම් TRCSL එකට කියලා අපිට හොයා ගන්න පුලුවන්.

Phone එක නැති වුන ගමන්ම කරන්න තියෙන්නෙ ඒ නොම්බරයට කථා කරලා බලන්න මුලින්ම. වැඩක් නැත්තම් ඔයා පාවිච්චි කරපු දුරකතන ජාලය අමතලා ඒ SIM එක තාවකාලිකව විසන්දි නරන්න. මේ වැඩේ ඕනම වෙලාවක Call එකකින් කරන්න පුලුවන්. ඊට පස්සෙ Phone එකේ IMEI එකත් අරන් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න මේක ගැන. දාලා ඒ පැමිණිල්ලෙ සහතික කල පිටපතක් (රු 25ක්ද කොහෙද ගන්නවා) අරගන්න. ඒ පැමිනිල්ල පිටපතත් එක්ක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 හි පිහිටා තියෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRCSL එකට) යන්න. (අධ්‍යක්ෂ ජෙනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 කියන ලිපිනයට විස්තරය ලියලා යැව්වත් හරි. යන එක වඩා හොදයි. මොකද ලංකාවනේ...)

එතනදි ආයෙ Form එකක් පුරවන්න තියෙනවා. යනකොට Phone Box එකත් අරන් යන්න. නැත්තම් IMEI එකයි TRCSL Register Number එකයි හරියට ලියාගෙන යන්න. ඊට පස්සෙ පොඩි Chit එකක් දෙයි Reference Number එකක් එක්ක.

දැන් තියෙන්නෙ ගෙදර ඇවිල්ල දෙවියන්, බුදුන් සිහිකරගෙන Phone එක ලැබෙන්න කියලා ඉල්ලන එක තමයි. Anti lost හරි Mobile Tracker හරි දාලා උස්සපු එකාගෙ Phone Number එක හොයා ගත්තොත් ඒකත් පැමිණිල්ල දාපු පොලීසියටම දෙන්න (ඒත් වැඩක් වෙන එකක් නෑ. ඕක ගත්ත හැටි ***** තේරෙන්නෙ නෑ.TRCSL එකෙන්ම ලියුමක් එනකම් ඉන්න වෙනවා)

වෙලාව හොද නම් මාස 2 ක් 3 යන්න කලින ලියුමක් එනවා IMEI ****** දරණ දුරකතනය අයතා ලෙස පාවිච්චි කරන තැනැත්තාගේ විස්තර පොලීසියට එවලා කියලා. මෙතනදි දැනට පාවිච්චි කරන කෙනා ගැන විතරක් නෙමෙයි Phone එකේ අපේ SIM එකට පස්සෙ දාපු හැම SIM එකකම විස්තර දෙනවා. මෙතනින පස්සෙ ඉතින් ගනු දෙනුව පොලිසියත් එක්ක බේර ගන්න.
පොලිසිය ලංකාවේ හොද පොලිසිය
ජනතාවගේ හිත දිනා ගත්ත පොලිසිය.....



උපුටා ගැනීමකි

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.