Sunday, May 31, 2015

root karala sinhala damamu(not pc)

මචං root කරල සිංහල දාන්න පුලුවන් ලේසිම ක්‍රම මොනවාද? 

Root කලාට පස්සෙ සිංහල දාන්න විවිධ ක්‍රම තියෙනවා.root exploer මගින් සිංහල font replace  කිරීම එක ක්‍රමයක් ඒ ක්‍රමයට සිංහල එක් කිරීම පිලිබඳව ඉදිරි ලිපියකින් විස්තර කරන්නම්කො.අද මම කියන්නම් වඩාත් පහසුවෙන් සරල ආකරයට සිංහල දාගන්න හැටි මේක කරන්න අපට වුවමනා වෙනවා ifont කියන ඇප් එක.ifont iinstall කරල ඕපන් කරල ඔයාලට පුලුවන් විවිධ හැඩතල සහිත ෆොන්ට් වර්ග වලින් ඔයාටකැමති හැඩයක font ඔයගෙ දුරකථනය තුල ස්ථාපිත කරවීමටත්.සිංහල දැමීම සඳහා ඇප් එකේ my font කියන තීරුවට පිවිස clike here යන්න(රතුපාට අකුරු) cclike  කර sd එකට ගිහින් අපි ලබාදුන් ෆොන්ට් එක සිලෙක්ට් කරල done යන්න ලබාදෙන්න.ඊට පසුව එන msg box එක ස්කිප් කරන්න..පසුව reboot ව්ධානය ලබාදෙන්න.reboot වීමෙන් අනතුරුව සාර්තක ලෙස සිංහල ස්ථාපනය වී ඇත.තහවුරු කරගැනීමට sd එකේ helakuru keypad මගින් සිංහලෙන් ෆෝල්ඩර් එකක් rename කොට බලන්න.
font change app download

Sinhala font 02 download


(ෆොන්ට් 2න් එකක් ප්‍රමාණවත් වේ)
මෙම සිංහල FONT මගින් 100% සාර්තකව සිංහල දර්ශනය වේ


හරි ඔය ක්‍රමය මගින් රූට් කරපූ ඕන පෝන් එකකට සිංහල සකස් කල හැකි අතර SAMSUNG OS සඳහා ROOT නොමැතිවද සිංහල භාවිත කල හැකියි.
ඊගාවට කියල දෙන්නෙ මුලු පෝන් එකම සිංහල කරන විදිය.ඒ කියන්නෙ කලින් ක්‍රමයෙන් සිංහලෙන් ඇති දේවල් සිංහලෙන් පෙන්වීමයි සිදුවන්නෙ.නමුත් මෙම ක්‍රමයෙන් පෝන් එකේ ENGLISH  වචනත් සිංහල බවට පත් කල හැකියි.මේ සඳහා පහලින් ලබදෙන ඇප් එක INSTALL කරන් ඔපන් කරගන්න.දැන් එක එක රටවල් වල ජාතික කොඩියි රටේ නමයි භාෂාවයි ඇතුලත් ලිස්ට් එකක් ඇති එහි පහලට ගොස් සිංහකොඩිය-සිංහල-ශ්‍රී ලංකා යන්න සිලෙක්ට් කරන්න එපමණයි.=(මෙම ක්‍රමය SAMSUNG වල ට අඩංගුවූවක් ලෙස සැලකේ නමුත් පලමු ක්‍රමය සිදු කිරීමෙන් අනතුරුව මෙම ක්‍රමය සිදුකිරීමෙන් වෙනත් දුරකථන සඳහාද මෙය භාවිත කල හැකිය.MICROMAX A74 SMASUNG S4 වලට UPDATE කර මෙය අත්හදා බලා ඇත.නමුත් XPIRIYA වලට UPDATE කල විටදී සාර්ථක නොවීය.ඔබත් උත්සාහ කර බලන්න.BRICK වීමේ අවධානමක් නොමැත.ඔබේ සාර්ථක අසාර්ථක භාවය පෝන් මොඩල් එකත් එක්ක පහලින් COMMENT කරන්නේ නම් ඉතාමත් වටී.එය පසුව එන අයටත් පහසුවක් හා රුකුලක් වනු ඇති)
local more pro language(මෙය PLAYSTORY හි මුදල් ලබාදී ගතයුතු සේවාවක් වූවත් ඔබවෙනුවෙන් මෙය නොමිලේ ලබාදී ඇත)

No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.