Sunday, May 7, 2017

How to open multiple accounts in one browser (with android )[with out clone app)


ඔන්න තවත් පට්ටම වැඩක් අරන් ආවා.ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින් එකම වෙබ් බ්‍රව්සරයක් මගින් එකවර එකවුන්ට් දෙකකට ලොග් වෙන්නෙ කොහොමද කියල තමයි අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ.සාමාන්‍යයෙන් ෆේස්බුක් එකවුන්ට් කිහිපෙකට ලොග්වෙන්න භාවිතා කරන විවිධ ඇප් ඔබ භාවිතා කරනවානෙ.clone app.multiple app එහෙම නැත්නම් facebook multicolor වගේ ඇප්නෙ ඔබ භාවිතා කරන්නෙ.නමුත් ඔබ හිතුවද මොහොතක් හෝ එම ඇප් මගින් ඔබේ දුරකතනයට ඔරොත්තු දීමේ හැකියාව ගැන.උදාහරනයකට multiple accounts app එක ගමු.ඔයාගෙ ෆේස්බුක්  ඇප් එකේ ඩේට ක්ලියර් නොකොලත් facebook App එකට 500mb වලටත් වැඩි ප්‍රමානයක් අල්ලනවානෙ ඉතින් multiple app එකකින් එකවුන්ට් කිහිපෙකට ලොග් වුනොත් , හිතමු එකවුන් 4ක් කියල එතකොට ඒ 4ට විතරක් 2gb විතර මතකයක් ඔබේ දුරකථනය මගින් ලබාගන්නවා.ඒ වගේම රැම් ධාරිතාවෙනුත් බොහෝ ඉඩ ප්‍රමානයක් ගන්නවානෙ.lite ඇප් එකට යන ඉඩ ප්‍රමානය තරමක් අඩුවුනත් එයටත් ඇප් 3-4ක් භවිතා කිරීමෙන් රැම් ධාරිතාව සැලකිය යුතු ප්‍රමානයක් වැයවෙනව.සාමාන්‍යයෙන්  අපි දුරකථනය මගින් යම් අවශ්‍ය තාවයක් සපුරාගත යුත්තේ ඉතා අඩු මතක ප්‍රමානයක් හා ඉතා අඩු රැම්ධාරිතාවක් වැයවෙන ආකාරයටයි.එකම ඇප් එකක් මගින් විවිධ අවශ්‍යතා සපුරාගත හැකිව තිබියදීත් ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් විවිධ ඇප් භාවිතා කිරීම නුවනට හුරු නොවේ.යම් ඇප් එකක් මගින් විශාල රැම් ධාරිතාවක් වැයකරගන්නේ නම් ඔබේ දුරකතනයේ වේගය බොහෝ සෙයින් අඩාල වීමට එය හේතුවක්වේවි.

දැන් ඔබට මා කියා දෙන්නම් ඔයාගෙ දුරකථනය තුල ඇති වෙබ් බ්‍රව්සරය මගින් ඕනම එකවුන්ට් දෙකකට වැඩි ප්‍රමානයකට ප්‍රවෙශ වන්නේ කියල.මෙය facebook ,twitter,youtube,blog ආදී ඕනම එකවුන්ට් වර්ගයකට ඔබට අත්හදා බැලිය හැකියි.මේ සඳහා uc browser යොදාගැනීම වඩාත් සාර්ථක වේ.ඊට හේතුව uc browser මගින් tab අතර වඩාත් පහසුවෙන් හුවමාරු වීමට ඇතිහැකියාවයි.වෙනත් browser මගින්ද මෙම ක්‍රමයට එකවුන්ට් කිහිපයකට ලොග් විය හැකියි.

හරි මුලින්ම සාමාන්‍යය විදියට ඔයාගෙ ෆේස්බුක් account එකට ලොග් වෙන්න.ඊගාවට වෙන ටැබ් එකක් open කරගෙන පහල ලින්ක් එකට යන්න.ඒකෙ us server කියන එක උඩ ක්ලික් කරල කැමති එකක් තෝරල දෙන්න.ඊට පස්සෙ ඔයාට ඕන වෙනත් facebook account එකකට ලොග් වෙන්නනම් facebook.com ගහල go ක්ලික් කරල ඔයාගෙ අනෙක් එකවුන්ට් එකේ email , password දීල ලොග්වෙන්න.


👉 LOGIN MORE ACCOUNT



හරි මම ඔයාලට තවත් ක්‍රමයක් කියල දෙන්නම්.හැබැයි මේ ක්‍රමය opera mini web browser එක භාවිතා කරන අයට විතරයි ඔයාගෙ ඔපෙරා මිනි browser එක මගින් facebook වෙත සාමාන්‍ය පරිදි ලොග් වෙලා facebook එකේ home button එකමත ටච්(clike) කරගෙන ඉඳියාම එන වින්ඩෝස් එකේ" ප්‍රයිවට නිව් ටැබ්(private new tab)" එක ක්ලික් කරන්න.ඒ ටැබ් එකට ගිහින් ඔයාගෙ අනෙක් එකවුන්ට් එක භාවිතා කරන්න ඔයාලටපුලුවන්.






මෙම ක්‍රම මගින් facebook එකවුන්ට් කිහිපයකට ලොග් වීමේදී ඔබට පහත වාසි හිමිවේ


# ඇප් දෙක තුනක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන නිසා අධික රැම් ධාරිතාවක් ඉතිරිකරගත හැකිය.

# එම නිසාම internal memory යෙහි විශාල ඉඩක් ඉතිරි වේ.

# ෆේස්බුක් ගිණුම් අතර හුවමාරු වීමට ඇප් එකෙන් ඉවත්විමට හා තවත් ඇප් එකකට ලොග්වීමට අවශ්‍ය නොවේ.

# ගිණුම් අතර ක්ෂණිකව හුවමාරු වීමට හැකිනිසා කාලයද ඉතිරිවේ.

# රැම් හා මතක ධාරිතාවය අවම නිසා ඉතාහොඳ වේගයක් දුරකථනයට ලැබේ.


ඉතින් ඔයාලට මේ ලිපියෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇතිකියල හිතෙනවා.මේ ලිපිය හොඳයි කියල ඔබට හිතෙනවනම් ඔයාගෙ හිතට නැගෙන අදහස පහලින් comment කරල යන්න අමතක කරන්න එපා.


No comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.