Thursday, September 10, 2015

රූට් කරපු පෝන් එකක් අන් රූට් කරන හැටි මෙන්න.

රූට් කරනවා කියන්නෙ මොකද්ද, රූට් කරන්නෙ ඇයි.,රුට් කලාම මොනවද කරන්න පුලුවන්, රූට් කිරීමේ වාසි අවාසි., රූට් කිරීමට පෙර දැනගතයුතු කරුනු ,කියන මේ ඔක්කොම කලින් ලිපි මගින් පැහැදිලි කරදුන්නා මතක ඇතිනෙ.ඒ වගේම පරිගණක සහයක් නොමැතිවම රූට් කරන විදි කීපයක්ම අපි මීට පෙර ඔබට ලබාදුන්නා.නමුත් අපො ඔබට අපි අද කියා දෙන්නෙ ඔබ විසින් රූට් කරපු දුරකතනයක් නැවත අන් රූට් කරගන්නෙ කොහොමද කියන කාරණාව ගැන.නමුත් මීට පෙර අපි විසින් රූට් කල දුරකතනයක් නැවත අන් රූට් කල යුත්තේ ඇයි කියන කාරණාව දෙස අවදානය යොමු කරමු.මේ සඳහා මා මත දෙකක් ඔබට ඉදිරිපත් කරනවා.මින් පලමු මතය මා පෞද්ගලික ව නොදරන අතර දෙවෙනි මතය සමග පමණක් මා එකඟවෙනවා.නමුත් ඔබට මේ මත දෙකම කියවා බලා තවත් දන්න අය සමග සාකච්ඡා කොට වඩා නිවරදි මතය සමග එකඟ වීය හැකියි.

පලමු මතය. 

සාමාන්‍යයෙන් රූට් කරහම පෝන් එකේ වගකීම නැතිවෙනවා.නමුත් බොහොදෙනාගෙ පිලි ගැනීම වෙලා තියෙනවා රූට් කරපු පෝන් එකක් අන් රූට් කලහම නැවත වගකීම ගන්න පුලුවන් කියල.ඉතින් මොකක් හරි දෝෂයක් ආවාම කරන්නෙ පෝන් එක අන් රූට් කරනවා වගකීම අවසන් වෙලා නොමැතිනම්.
සමහර අවස්ථාවලදි රූට් කිරීමෙන් පසු රූට් වීමේදි ඇතිවූ යම් දෝෂයක් නිසා දුරකතනයේ තිබිය හැකි එම දෝෂ මගහරවා ගැනීමටත් යම් අය අන් රූට් කරනවා.

දෙවෙනි මතය.

මෙහෙමයි සාමාන්‍යයෙන් ඔබ රූට් කරල පෝන් එකේ කිසිම වෙනසක් නොකලේනම් පලවෙනි මතය 100% සාර්ථක විය හැකියි.නමුත් යම් අයෙකු දුරකතනය රූට් කරන්නෙ නිකන් නොවේනෙ.රූට් කරල ඔබ සිංහල ස්තාපනය කොට ඇත්නම් සිස්ටම් ඇප් ඉවත් කොට තිබේනම් කුමන හෝ ආකාරයක එක් කිරීමක් ඉවත් කිරීමක් කොට තිබේනම් ඔබ අන් රූට් කලත් එය දුරකතන ආයතනය විසින් අනිවාර්‍යයෙන් දැනගන්නවා.මොකද් ඒවායේ සිටින්නෙ මෝඩයන් නොවන නිසා.නමුත් ඔබ රූට් කිරිමෙන් පසුව කිසිදු වෙනස් කමක් නොකට ඇත්නම් එවැන්නක් අන් රූට් කිරීමෙන් වගකීම නැවත ලබාගැනීමේ හැකියාවක් සමහර විට තිබිය හැකියි.රූට් වීම කියන්නෙත් ෆ්ලෑස් වීමක්.ඉතින් ෆ්ලෑස් වීමකදි දුරකතනයේ පැවති තත්වය අනුව යම් දෝෂ තත්වයන්ට භාජනය වී තිබේ නම් නැවත අන් රූට් කිරීම එය වඩා තීවුර කර ගැනීමක් විය හැකියි.ඔබ දුරකතනය රූට් කරනවානම් එහි කිසිදු වෙනස් කමක් සිදු නොකරන්නේනම් ඇත්තටම රූට් කිරීම පල රහිත ක්‍රියාවකි.එ නිසා ඔබ රූට් කරන්නේ නම් ඔබ එහි පල ප්‍රයෝජන ලැබිය යුතුමයි.එහි පල ලැබීමට නම්   දුදුරකතනයේ වෙනස් කම් සිදුකොට ගත යුතුමයි.එලෙස වෙනස් කලහොත් නැවත වගකීම් කාලය සක්‍රීය වෙතැයි සිතීම තරම් අනුවන කමක් තවත් නොවේ.මේ මාගෙ පුද්ගලික මතයද වන්නේය.එසේ කියන්නේ මාගෙ දුරකතනය රූට් කිරිමත් අන් රූට් කිරිමත් දෙකම සිදුකර අත් හදා බැලීමෙන් අනතුරුවය.දුරකතනයක් අන් රූට් කල පසු රූට් කිරිමෙන් සිදුකල වෙනස් කම් කිසි විටෙක මුල් තත්වයට පත් නොවේ.ඒ කියන්නෙ ඔබ දුරකතනයට සිංහල ස්තාපනය කොට ඇත්නම් අන් රූට් කර දුරකතනය factory reset කලත් දුරකතනයේ සිංහල නැතිනොවේ මන්ද එය ඔබ ස්තාපනය කොට ඇත්තේ දුරකතනයේ සිස්ටම් එකටම නිසායි.ඔබ විසින් සිස්ටම් ඇප් එකක් ඉවත් කලත් තත්වය එසේමයි.එය කිසිවිටෙකත් අන් රූට් කිරීමෙන් නම් ලබාගත නොහැක.එනිසා වොරන්ටි හෙවත් වගකීම් කාලය අවසන් වීමට ප්‍රථම රූට් කර නැවත වගකීම් කාලය සක්‍රීය කිරීම උදෙසා අන් රූට් කිරීමට වෙහෙසෙන්නෙ නැතුව වගකීම් කාලය අවසන් වූ පසුවම රූට් කරන්න යයි මා ඔබට යෝජනා කරනවා.

              මම විසින් ඉදිරිපත් කල දෙවෙනි මතය වැරදිනම් හෝ වෙනත් අවශ්‍ය තාවයක් මත දුරකතනය අන් රූට් කිරීමේ අවශ්‍යතාවයක් යමෙකුට තිබිය හැකියි.අන්න ඒ  නිසා දුරකතනය කිසිදු ගැටලුවකින් තොරව අන් රූට් කල හැකි ක්‍රම 2ක් මා ඔබට කියා දෙන්නම්.


UNROOT කිරීමේ පලමු ක්‍රමය SUPERSU PRO.

ඔබේ දුරකතනයේ SUPERSU PRO මෘදුකාංග ය ස්තාපනය කොට මෙය කල හැකියි.

***SUPER SU PRO CRACKED FREE DOWNLOAD *** (download කිරීමට ලින්ක් එකෙන් ගොස් තප්පර 5 ක් රැඳීසිට skip add මත ක්ලික් කරන්න)

කොහොමද SuperSU භාවිතා කරන්න‍ේ‍..?

01).SuperSU යෙදුම ඔබගේ Root කර ඇති දුරකථනයට බාගතකර (Download) ස්ථාපනය (Install) කරගන්න. 

02).Open SuperSU open කර Setting වෙත ගොස් ඵහි ඇති Full Unroot යන්න ලබාදෙන්න. 


UNROOT කිරීමේ දෙවෙනි ක්‍රමය.OTA ROOT KEEPER.

*** OTA ROOT KEEPER Download *** (download කිරීමට ලින්ක් එකමත ක්ලික් කර ස්කිප් ඇඩ් කියන කහපාට කොටුව ක්ලික් කරන්න)


කොහොමද OTA RootKeeper භාවිතා කරන්න‍ෙ..?

OTA RootKeeper යෙදුම ඔබගේ Root කර ඇති දුරකථනයට බාගතකර (Download) ස්ථාපනය (Install) කරගන්න.  
ඵය open කර Temp.un-root යන්න ක්ලික් කරන්න. (මෙමගින් ඔබගේ දුරකථනය තාවකාලිකව unroot වනු ඇත.)
ඉන් පසුව  Delete su backup යන්න ක්ලික් කරන්න. ( මෙමගින්  ඔබගේ දුරකථනය ස්ථිරවම unroot වනු ඇත.)

6 comments:

  1. unroot karals passe root kaloth awl yanawada plz help

    ReplyDelete
  2. unroot karals passe root kaloth awl yanawada plz help

    ReplyDelete
  3. අවුල් යන්නෙ නෑ.

    ReplyDelete
  4. Unroot karata passey aye rom eka official wenne naddaa..dan tynne custom kiyala help me

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.