Tuesday, June 2, 2015

root කරපු පෝන් එකට ලේසියෙන්ම cwm දාමු.

මචං cwm දාන එකේ වැදගත්කම මොකද්ද.?

Clockwork mod recovery කියන එකේ short name එක තමා ඔය cwm කියල හඳුන්වන්නෙ.සාමාන්‍යයෙන් recovery mod එකක් දුරකථනය මිලදී ගන්න අවස්ථාවෙත් තියෙනවා.නමුත් එම recovery එක ආධාරයෙන් කල හැකි දේට වඩා ගොඩක් වැඩ ප්‍රමාණයක් මේ කියන clockwork mod recovery එකෙන් කරන්න පුලුවන්.සාමාන්‍යයෙන් පෝන් එකට එන recovery එකෙන් කරන්නෙ factory data reset කිරීම වගේ දෙයක් නෙ.නමුත් cwm හරහා අපේ පෝන් එකේ දැන් පවතින අවස්ථාවත් backup කිරීමක් සිදුකල හැකියි.ඒ වගේම reset කිරීමත් කල හැකියි.මොබයිල් එකේ එන විවිධ error වර්ග සකස් කරගැනීමටත්,ලොක් වුනු පෝන් එකක් ෆැක්ටරි රීසෙට් හෝ අපි කලින් හදාගත් backup එකකට reset කරගත හැකිවීමත් ලොකු වාසියක්.ඒ වගේම updatezip install (superzu  zip වැනි) කිරීමට හැකිවීමත් ප්‍රයෝජනවත්.නමුත් මේ සියල්ලටමත් වඩා cwm දැමීමට සියලු දෙනා උනන්දු වන්නෙ custom rom ස්ථාපනයට මෙය අත්‍යවශ්‍ය කාරණයක් වනනිසා.ඉතින් root කිරීමෙන් පසු ඊලඟට හමුවන වැදගත්ම හා භයානකම වචනය තමා CWM හෙවත් CLOCKWORK MOD RECOVERY 

මචන් ROOT වලින් පස්සෙ භයානකම වචනය CWM කීවෙ ඇයි?

එහෙම කිවුවෙ ROOT වලටත් වඩා CWM දාන්න ගිහින් අනාගත්ත අය වැඩි නිසා.නමුත් මෙය ROOT කිරීම වගේම සරල සහ පහසු දෙයක්.ඒත් ප්‍රශ්නය තියෙන්නෙ මේවැනි ලිපියක් උඩින් පල්ලෙන් කියවල භාගෙට දැනගෙන කරන්න යාම සහ නිවර්දි මග පෙන්වීමක් නොලැබීම.

එතකොට මචං කොහොමද අපි පෝන් එක බ්‍රික් කරගන්නෙ නැතුව CWM පෝන් එකට දාගන්නෙ?

ROOT කිරීමට වගේම CWM දැමීමටත් විවිධ ක්‍රම කිහිපයක් තියෙනවා.නමුත් CWM දැමීමට ඔබ අනිවාර්යයෙන් ROOT කර තිබිය යුතුමයි.ඒක නිසා ROOT කර නොමැතිනම් මෙතනින් ගිහින් ROOT කරන් එන්න.ඔබට මම කියල දෙන්නෙ අඩුම අවධානමක් සහිතව සහ පරිගණකයක සහායක් නොමැතිව ඉතා පහසු හා ඉක්මන් ක්‍රම වේදයක් මගින් CWM ස්ථාපිත කරගන්න ආකාරය.

එතකොට මචං මේ වැඩේට මොනවද උවමනා කරන දේවල්.?

☞boot loader unlock සහ root කරන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක්
☞rom manager app එක[ rom manager free download]

ඊට පස්සෙ මචං?

හරි දැන් rom manager app එක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
දැන් ඉහලින්ම තියෙන FLASH CLOCKWORK MOD RECOVERY කියන එක CLICK කරන්න
දැන් ඔයාට දකින්න පුලුවන් පෝන් මොඩල් ලිස්ට් එකක්ම.ඒ අතුරින් නිවැරැදිවම ඔබේ දුරකථන මොඩලය තෝරාගන්න නැවතත් CLOCKWORK MOD RECOVERY ටච් කරන්න.දැන් ඔබට පෙනේවි DOWNLOAD වෙනවා
Download වී අවසන් වීමෙන් පසුව CLOCKWORK MOD RECOVERY මුල් පිටුවෙ දෙවෙනියට සඳහන් REBOOT INTO RECOVERY කියන එක CLIKE කරන්න.දැන් ඔබව ස්වයංක්‍රීයවම දුරකථනය REBOOT වී CLOCKWORK MODE වෙත පිවිසේවි.ඔබ සාර්ථක ලෙස CWM ස්ථාපිත කොට ඇත්නම් මෙවැනි තිරයක් දිස්වේ (පහත රූපය බලන්න)
දැන් එහි POWER KEY මගින් REBOOT SEYSE NOW දෙන්න.
CWM මෙනුවට පිවිසීමට දුරකථනය විසන්ධි කොට VOLUME Down +POWER KEY එකවර තද කරගෙන සිටින්න.[ඔබේ දුරකථනය සඳහා RECOVERY වෙත පිවිසීමට වෙනත් ක්‍රමයක් තිබේනම් එය අනුගමනය කරන්න.ex; SAMSUNG වල නම් VOLUME DOWN+POWER KEY+HOMEBUTTON]
RECOVERY එකතුල ටච් කිරීමෙන් පලක් නොවේ.එන ලිස්ට් එකේ ඉහල පහල යාම සඳහා Volume UP & Down භාවිතාකරන්න.SELECT කිරීමටPOWER KEY භාවිතා කරන්න.

9 comments:

  1. තව තව අලුත් දේවල් කිරිමට ශක්තිය ලැබෙිවා

    ReplyDelete
  2. ගොඩක් එවුවට පුලුවන්.සමහර පෝන් වලට img එක ඇඩ් කරගන්න ඕන

    ReplyDelete
  3. ela ela.
    Ou bn.meka godak phone valata hariyanne na.ekko api manualy port karanna ona.naththan port tool ekak use karanna ona

    ReplyDelete
  4. තියෙන රොම් එක මේකෙන් බැකප් කරන්න පුළුවන්ද?
    කොහොමද කරන්නෙ

    ReplyDelete
  5. තියෙන රොම් එක මේකෙන් බැකප් කරන්න පුළුවන්ද?
    කොහොමද කරන්නෙ

    ReplyDelete
  6. මචන් මට දැනගන්න පුලුවන් ද lg h340 එකේ bootloader unlock ද

    ReplyDelete
  7. මේ සයිට් එක ක්‍රියා විරහිත වී ඇති බව සලකන්න 😂😂

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.